Home Sinhala බංග්ලාදේශයේ අභියෝගය ශ්‍රී ලංකාවට පීඩනයක් වෙයි

බංග්ලාදේශයේ අභියෝගය ශ්‍රී ලංකාවට පීඩනයක් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

839

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ සිව්වැනි දිනය අද (18) Chattogram ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

දිනය නිමා වන විට සිය පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටින්නේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 29ක් පසුපසින් සිටිමින්.

උදෑසන ඇද හැලුණු වර්ෂාව නිසා මිනිත්තු 30ක් පමණ ප්‍රමාද වී තරගය ආරම්භ වුනා. ඒ වන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටි අතර ඔවුන් අද උදෑසන පළමු අර්ධය තුල කිසිම කඩුල්ල ලබානොදී ලකුණු 66ක් ලබා ගත්තා.

ඊයේ (17) තෙවැනි අර්ධයේ සිට අද දිවා ආහාරය දක්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සිය සබඳතාවය රැකගෙන සිටි Mushfiqur Rahim සමඟ එක්වුණු Litton Litton Das ලකුණු 164ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

දිවා ආහාරයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ පළමු පන්දු දෙකෙන් බංග්ලාදේශ ඉනිම සවිමත් කළ ප්‍රබල කඩුලු 2ක් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා. ඒ අනුව 4 පහර 10ක් සමඟ ලකුණු 88ක් ලබාගෙන සිටි Littonගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල පහසුවෙන් රැකගත් නිසා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු 164 සබඳතාවය බිඳ වැටුණා.

Tamim Iqbal ඊයේ (17) සවස පාදයේ මස්පිඩු ඇදීමකට ලක්ව තේ පානයෙන් අනතුරුව ක්‍රීඩාගාරයේ රැඳී සිටියා. Littonගේ කඩුල්ල බිඳ වැටීමත් සමඟින් පිටියට පැමිණි Tamim මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට රාජිත සමත් වුනේ පාදයත් පිත්තත් අතරින් පන්දුව කඩුල්ල වෙත දෝලනය කරමින්.

ඒ අනුව 4 පහර 15ක් ලබාගෙන සිටි Tamimගේ ඉනිම ලකුණු 133කට සීමා වුනු අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ඉනිම තුල මේ දක්වා ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය වුනා. Shakib Al Hasan අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලකුණු 26කට දැවී ගියා.

Mushfiqur අද දිනයේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අගනා සංධිස්ථානයක් පසුකරමින් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුනු අතර තේ පානයට පසුව ලසිත් ඇඹුල්දෙණිය ක්‍රියාත්මක කළ පළමු පන්දුවම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 105ක් ලබාගෙන සිටි Mushfiqur දැවී ගියා.

එය මේ තරගය තුල ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෙක් විසින් දවා ගත් පළමු කඩුල්ලයි. සිය 8 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් Mushfiqur 4 පහර 4ක් පමණක් එල්ල කරමින් එම ලකුණු 105 ලබා ගත්තා.

බංග්ලාදේශ පළමු ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 80ක් තුල දවා ගැනීමට රාජිත (කඩුලු 4) සහ අසිත (කඩුලු 3) ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. රාජිත එවූ පන්දුවක් Shoriful Islamගේ වම් අතේ මැණික් කටුව ආශ්‍රිතව වැදීම නිසා ඔහුට තවදුරටත් පිතිකරණයේ නිරත වීමට හැකියාවක් නොලැබුණු නිසා බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 465කට සීමා වුනා. එය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක දී ලබා ගත් 5 වැනි වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

විශ්ව ප්‍රනාන්දුගේ හිසේ පසුපස ප්‍රදේශයේ පන්දුවක් වැදීම නිසා ඔහුට මේ තරගය අහිමිව ගිය අතර ඔහුගේ ආදේශක ක්‍රීඩකයා (concussion substitute) ලෙස ක්‍රීඩා කළ රාජිත ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත්තා. වසර දෙකකට පසුව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ රාජිත මේ දක්වා ඉනිමක දක්වා තිබෙන හොඳම පන්දු යැවීමේ දස්කම මෙයයි.

ලකුණු 68ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ආරම්භක සබඳතාවය අවාසනාවන්ත ලෙස ලකුණු 36කට සීමා වුනේ ලකුණු 19ක් ලබාගෙන සිටි ඕෂද ප්‍රනාන්දු (4 පහර 3) දුවද්දී දැවී යාමකට හසුවීම නිසයි.

අනතුරුව සැදෑ ආරක්‍ෂක පිතිකරු (Night Watchman) ලෙස පිටියට අවතීර්ණ වුනු ඇඹුල්දෙණිය සාර්ථක ලෙස පන්දු 21කට මුහුණ දී සිටි නමුත්, ඔහු මුහුණ දුන් 22 වැනි පන්දුවෙන් ලකුණු 2ක් ලබාගෙන සිටි ඇඹුල්දෙණියගේ කඩුල්ල ද දවා ගැනීමට වමතින් දඟපන්දු යවන Taijul Islam සමත් වුනා.

දිනයේ නිමාව සටහන් වන විට නායක දිමුත් කරුණාරත්න 4 පහර 2ක් සමඟ නොදැවී ලකුණු 18*ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටිනවා.

තරගයේ තීරණාත්මක 5 වැනි සහ අවසන් දිනය හෙටයි (19). තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result

Match drawn

Sri Lanka
397/10 (153) & 260/6 (90.1)

Bangladesh
465/10 (170.1)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Liton Das b Nayeem Hasan 36 76 3 1 47.37
Dimuth Karunaratne lbw b Nayeem Hasan 9 17 0 0 52.94
Kusal Mendis c Nayeem Hasan b Taijul Islam 54 131 3 0 41.22
Angelo Mathews c Shakib Al Hasan (vc) b Nayeem Hasan 199 397 19 1 50.13
Dhananjaya de Silva c Mahmudul Hasan Joy  b Shakib Al Hasan (vc) 6 27 0 0 22.22
Dinesh Chandimal lbw b Nayeem Hasan 66 148 2 3 44.59
Niroshan Dickwella b Nayeem Hasan 3 3 0 0 100.00
Ramesh Mendis b Shakib Al Hasan (vc) 1 8 0 0 12.50
Lasith Embuldeniya lbw b Shakib Al Hasan (vc) 0 1 0 0 0.00
Vishwa Fernando not out 17 84 3 0 20.24
Asitha Fernando  b Nayeem Hasan 1 27 0 0 3.70


Extras 5 (b 4 , lb 0 , nb 1, w 0, pen 0)
Total 397/10 (153 Overs, RR: 2.59)
Fall of Wickets 1-23 (7.5) Dimuth Karunaratne, 2-66 (21.2) Oshada Fernando, 3-158 (56.1) Kusal Mendis, 4-183 (65.2) Dhananjaya de Silva, 5-319 (113.1) Dinesh Chandimal, 6-323 (113.5) Niroshan Dickwella, 7-328 (116.2) Ramesh Mendis, 8-328 (116.3) Lasith Embuldeniya, 9-390 (148.5) Asitha Fernando , 10-397 (152.6) Angelo Mathews,

Bowling O M R W Econ
Shoriful Islam 20 3 55 0 2.75
Taskin Ahmed 16 1 66 0 4.12
Nayeem Hasan 30 4 105 6 3.50
Taijul Islam 48 12 107 1 2.23
Shakib Al Hasan (vc) 39 12 60 3 1.54
Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  c Niroshan Dickwella b Asitha Fernando  58 142 9 0 40.85
Tamim Iqbal b Kasun Rajitha 133 218 15 0 61.01
Najmul Hossain Shanto c Niroshan Dickwella b Kasun Rajitha 1 22 0 0 4.55
Mominul Haque b Kasun Rajitha 2 19 0 0 10.53
Mushfiqur Rahim b Lasith Embuldeniya 105 282 4 0 37.23
Liton Das c Niroshan Dickwella b Kasun Rajitha 88 189 10 0 46.56
Shakib Al Hasan (vc) c Niroshan Dickwella b Asitha Fernando  26 44 3 0 59.09
Nayeem Hasan c Kusal Mendis b Dhananjaya de Silva 9 53 0 0 16.98
Taijul Islam c Chamika Karunaratne b Asitha Fernando  20 45 3 0 44.44
Shoriful Islam retired 3 11 0 0 27.27
Khaled Ahmed not out 0 4 0 0 0.00


Extras 20 (b 4 , lb 8 , nb 8, w 0, pen 0)
Total 465/10 (170.1 Overs, RR: 2.73)
Fall of Wickets 1-162 (48.5) Mahmudul Hasan Joy , 2-172 (54.4) Najmul Hossain Shanto, 3-184 (60.5) Mominul Haque, 4-385 (134.1) Liton Das, 5-385 (134.2) Tamim Iqbal, 6-421 (146.1) Shakib Al Hasan (vc), 7-439 (157.1) Mushfiqur Rahim, 8-450 (163.6) Nayeem Hasan, 9-465 (169.2) Taijul Islam, 10-465 (170.1) Shoriful Islam,

Bowling O M R W Econ
Vishwa Fernando 8 0 42 0 5.25
Asitha Fernando  26 4 72 3 2.77
Ramesh Mendis 45 10 119 0 2.64
Lasith Embuldeniya 47 9 104 1 2.21
Dhananjaya de Silva 19 2 48 1 2.53
Kasun Rajitha 24.1 6 60 4 2.49
Kusal Mendis 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando run out (Taijul Islam) 19 36 3 0 52.78
Dimuth Karunaratne c Mominul Haque b Taijul Islam 52 138 2 0 37.68
Lasith Embuldeniya b Taijul Islam 2 22 0 0 9.09
Kusal Mendis b Taijul Islam 48 43 8 1 111.63
Angelo Mathews c & b Taijul Islam 0 15 0 0 0.00
Dhananjaya de Silva c Mushfiqur Rahim b Shakib Al Hasan (vc) 33 60 3 1 55.00
Dinesh Chandimal not out 39 135 4 1 28.89
Niroshan Dickwella not out 61 96 0 0 63.54


Extras 6 (b 0 , lb 2 , nb 4, w 0, pen 0)
Total 260/6 (90.1 Overs, RR: 2.88)
Fall of Wickets 1-36 (11.5) Oshada Fernando, 2-39 (17.1) Lasith Embuldeniya, 3-106 (31.2) Kusal Mendis, 4-110 (35.6) Angelo Mathews, 5-143 (47.1) Dimuth Karunaratne, 6-161 (56.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Nayeem Hasan 23 5 79 0 3.43
Khaled Ahmed 7 2 37 0 5.29
Shakib Al Hasan (vc) 25 5 58 1 2.32
Taijul Islam 34 9 82 4 2.41
Najmul Hossain Shanto 1 0 2 0 2.00
Mehidy Hasan Miraz 0.1 0 0 0 0.00