තත්ත්වය කෙසේ වුනත් පාකිස්තානය ශ්‍රී ලංකාවට එන්නට සූදානම්

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

495
Pakistan will go ahead with tour of Sri Lanka

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් පවසා සිටි බවයි Times Of India වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රිකට් තරගාවලිවලටත් දැඩි අවදානමක් එල්ල වී තිබෙනවා. පාකිස්තානු කණ්ඩායම එළඹෙන ජූලි – අගෝස්තු මාසවල දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

“අපි හැම වෙලාවේම සූදානම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උදව් කරන්න. විශේෂයෙන් ඔවුන්ට අමාරු වේලාවක දී. ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න අපිට කිසිම ගැටලුවක් නැහැ”, යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණා.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන බවයි.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ තරගාවලිය පිළිබඳව අවසන් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සතු බවත්, ඔවුන් ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවත්ය.

“අපිට ශ්‍රී ලංකාවත් එක්ක ගොඩක් ශක්තිමත් සම්බන්ධතාවයක් තිබෙනවා. මේ රටවල් දෙක ගොඩක් අමාරු වේලාවන් වල එකිනෙකාට උදව් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ඕනෑම තීරණයකට අප කැමැත්ත පළ කරනවා. ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරන්න හෝ වෙනත් ස්ථානයක ක්‍රීඩා කරන්න.”

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියක් ද ඇතුළත් වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය මත එම තරගාවලිය අතහැර දැමුණා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<