'ෆිල්ම්ෆෙයාර්' හැඩ කළ ජාන්වි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2022

'ෆිල්ම්ෆෙයාර්' හැඩ කළ ජාන්වි

ඇය බොලිවුඩ් රැජින ශ්‍රී දේවිගේ සහ සාර්ථක චිත්‍රපට නිෂ්පාදකවරයකු වන බොනී කපූර්ගේ වැඩිමල් දියණියයි. 2018 දී 'දඩාක්' චිත්‍රපටය හරහා බොලිවුඩයට පිවිසි ජාන්වි කපූර් 25 හැවිරිදි වියෙහි පසුවෙයි. ශ්‍රී දේවිගේ දියණිය වුවත්, ජාන්වි පිවිස සිටින්නේ ඇයටම ආවේණික වූ ගමනකටය. 'ෆිලිම්ෆෙයාර්' අප්‍රේල් කලාපය වෙන් වී ඇත්තේ ජාන්විගේ සුන්දරත්වයෙනි. 
ඔබේ හිතේ තියෙන දේ කියන්න 
මේ දවස්වල මගේ හිතේ තියෙන්නේ එක දෙයයි. ටික කාලෙකට හෝ මුම්බායිවලින් බැහැර වෙන්නයි මගේ හිත කියන්නේ. 

ඔබේ වෘත්තීය ගමන් මඟ ගැන ඔබ තෘප්තිමත්ද? 
ඇත්තම කීවොත්, තවමත් මට හිතෙන විදියට නම් මා සිනමාවට ආධුනිකයි. ඒ නිසා මගේ වෘත්තීය ගමන් මඟ ගැන මා තෘප්තිමත්දැයි අසන්න ඕනෑ දැන්ම නොවෙයි; තව අවුරුදු කීපයකින්. 
ඉදිරියේදී තිරගතවීමට නියමිත Good Luck Jerry සහ Mili චිත්‍රපට ගැන මොනවද කියන්න තියෙන්නේ? Good Luck Jerry සහ Mili දකුණු ඉන්දීය චිත්‍රපට දෙකක බොලිවුඩ් ප්‍රතිනිර්මාණ. මුල් චිත්‍රපටයේ කතාව එලෙසින්ම වුවත්, වෙනස් විදියට ප්‍රතිනිර්මාණය වි තිබෙනවා. මේ චිත්‍රපට දෙකට දායක වෙන්න ලැබීම ඇත්තෙන්ම හරිම සතුටක්. 

ඔබේ පියා දකුණු ඉන්දිය සිනමාවේ පවා නමත් දිනූ ගෞරවණීය, විශ්වාසවන්ත නිෂ්පාදකවරයෙක්. ඔහුගේ දකුණු ඉන්දීය සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද? 
මම ආසාවෙන් ඉන්නේ. දෙමළ, තෙළිඟු හෝ මලයාලම් නිර්මාණයකට සම්බන්ධ වෙන්න මං හරිම ආසයි. ඒත් මං තවමත් මට හරි අවස්ථාවක් ලැබුණේ නැහැ. 
1997 වසරේ තිරගත වූ 'ජුදායි' චිත්‍රපටයේ උර්මිලා මතෝන්ඩ්කාර් රංගනයෙන් එක් වූයේ 'ජාන්වි සහ්නී' නමැති චරිතයටයි. ඔබේ මවත් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ඔබට ජාන්වි කියා නම් තැබුවේ උර්මිලා රඟපෑ එම චරිතට අනුවද? 
නැහැ. 'ජුදායි' චිත්‍රපටයේ උර්මිලාගේ චරිතය අනුව මට නම් තැබුවේ නැහැ. මගේ නමේ තේරුම 'පිරිසුදුකම' කියන අදහස. තාත්තා වගේමයි අම්මත් ඒ නමට හුඟක් කැමැතියි. ඒ නිසයි ඒ නම මට දැම්මේ. 'ජුදායි' චිත්‍රපටයේ උර්මිලාගේ චරිතය හා මගේ නම අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. 

ඔබේ රංගනය දැකීමෙන් ඔබේ අම්මා ශ්‍රීදේවි සිහි ගැන්වෙනවා යැයි ඔබේ රංගනය දකින කෙනෙකු කීවොත් ඔබට මොනවද හිතෙන්නේ? 
එහෙම කීවොත් ඒක මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒත් එහෙම කියන අයත් දන්නවා මමත් දන්නවා මගේ අම්මාට මාව සමාන කරන්න බැහැ. ඇය සැබැවින්ම නිළි රැජිනක්. 
ඔබ අගය කරන නළුවෙක් ඉන්නවාද? 
ඔව්. පන්කාජ් ත්‍රීපතී. මා ඔහුගේ අංක එකේ රසිකාවියක්. 'ගුන්ජන් සක්සේනා' චිත්‍රපටයේ මා ඔහු සමඟ රංගනයෙන් එක් වුණා. ඒක මට ලොකු සතුටක්. 

කිසියම් චිත්‍රපටයක කළ රංගනයක් ගැන පසු තැවීමක් තිබෙනවාද? 
හැමදේම වෙන්නේ හේතුවක් ඇතිව කියලයි මාගේ විශ්වාසය. මං රංඟනයට පිවිසීමත්, රංගනයට පිවිසීමට ලැබුණු චිත්‍රපටක් මගේ ලැබීම කියලයි විශ්වාස කරන්නේ. කිසිම පසුතැවීමක් නැහැ. 

ජීවිතේ වැඩියෙන්ම ආසා දේවල් මොනවාද? 
මං වැඩියෙන්ම ආසා දේවල් තිබෙන්නේ තුනයි. රඟපෑම, සංචාරය සහ කෑම. 

උපුටා ගැනීම - Film fare

Classified_Ad

Classified_Ad_News_Bottom