Wednesday, March 2, 2022

674. පුවක් එෂැණිං - 67 - මෙහෙමයි මචං..........


ආදරණීය නැන්දම්මේ..මට දුව බාරදුන්න කියන්නෙ හරියට
ගෝඨාභයට රට බාර දුන්නා වගේ තමයි..

මෙහෙමයි මචං දැං ඔය අපේ ගෝඨා ඉන්නව නේද? ගෝඨා කියන්නේ මාර මීටරයක් මචං....හෙන ස්මාර්ට් පොරක් මචං...රට රටවල් දැකලා ඒවගෙ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. මේ රට දියුණු කරන්ට නම් සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් කරන්නම ඕන මචං..ඒකෙ ආයෙ දෙකක් නෑ...

දැං අර පොහොර ප්‍රස්නෙ ගනිං..ඇයි ගෝඨා රසායනික පොහොර තහනං කලේ ගහෙං ගෙඩි එනව වගේ.?....පොර දන්නව ඔය වැඩේ එක පැය විසිහතරෙං කරන්න බැරි බව..ඒත් ගෝඨට උවමනා උනේ අපේ ගොවියො ඔක්කොමල එක්සත් කරන්ට....

දැං බලාපං මචං ඒ ටාගට් එක ෆුල් සක්සස් උනේ නැද්ද? පොහොට්ටුවට චන්දෙ දුන්න ගොවියො..එතකොට ටෙලිෆෝන් එකට චන්දෙ දුන්නු ගොවියො..අලියට එතකොට මාලිමාවට චන්දෙ දුන්නු ගොවියො ඔය ඔක්කොමල එකා වගෙ පාරට බැස්සෙ නැද්ද? "පොහොර දියව් පොහොර දියව්..." කියන සටන් පාඨෙන් මුලු රටම එකනින්නාද උනේ නැද්ද? 

අර සීතා නෝනා කණෙහි මී ඕනාක් බඳු මධුර ස්වරයෙන් කියපු සක්වල ගලද මොකක්ද එක ප්‍රකම්පිත උනේ නැද්ද? මේ රටේ ඔය විදිහට ගොවියො ඔක්කොම එකට එකතු කරන්ට මීට කලිං වෙන කිසිම නායකයෙකුට පුලුවන් උනාද? ගෝඨා තමයි ඒ වැඩේ කලේ..අන්න එකයි මචං මම කියන්නෙ ගෝටා කියන්නෙ මාර ස්මාට් පොරක් කියල..

දැං අනික් එක ඔය පෙට්‍රල් ඩීසල් පෝලිම් බලපං..ඒ ගැන හැමෝම ගෝඨට බණිනව..ඒත් කවුරුත් එතන යටිබිම්ගත අදහස තේරුම් අරගෙන නෑ..දැං බලපං..මිනිස්සු අතර අන්තර් මානුෂික සබඳතා කොච්චරනම් දුර්වල වෙලාද? අපිට අපේ අසල්වාසියා එක්ක ඔෆිස් එකේ අල්ලපු මේසෙ වැඩ කරන මනුස්සය එක්ක කතා කරන්න දුක සතුට බෙදා ගන්න වෙලාවක් නෑ..අපි හැමෝම යාන්ත්‍රික වෙලා..

නිකමට හිතපං පෙට්රල් පෝලිමක කෑන් අරගෙන පැය හත අටක් ඉන්නකොට ඉබේම අපි අපි ලඟ ඉන්න මනුස්සය එක්ක කතා කරනවනෙ..අන්න ඒකෙන් නිකමට හිතපං කොයි තරම් අපේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය වෙනවද කියල..මේ විසිඑක්වෙනි ශතවර්ෂයෙ රටක් දියුණු කරන්ටනම් මනුෂ්‍ය සබඳතා දියුණු කරල ඉන්ට ඕමනයි ඔක්කෝටම ඉස්සරලා....ගෝඨා මචං ඔය කරන්නෙ ඒක..තෙල් වලට ගෙවන්ට ඩොලර් නෑ කියන්නෙ බොරුවක් මචං..මිනිස්සුන්ට කියන්ට දේකුත් තියෙන්ට එපාය..උඹ නිකමට මේ ගැන හිතල බලපන් මචං...

අනික් එක මචං මේ රට දියුණු කරන්ට ඔය දේසපාලුවන්ට තියන බොරු ගෞරවය නැති කරන්ටම ඕන..දැං නිකමට හිතහං මේ පොහොර, සිමෙන්ති, ඩීසල් හිඟය හින්ද මිනිස්සු කිසි බයක් හැකක් නැතුව ගෝඨගෙං මයින්දගෙං පටං ගත්තම එයාලගෙ හත්මුතු පරම්පරාවටම අම්ම මෝ නැතුව බණිනවනෙ..

මේ ඊයෙ පෙරේද අර නාමෝලට මූණටම බැනල තිබ්බ..ඊට කලිං අපේ වියත් මඟේ අර ගොඩහෑවට බස් එකකට නැංග කියල බැණල තිබ්බ..එහෙම ඒ තැංවල බැන්නෙත් මචං අපේ වියත් මඟේම සෙට් එකක්..ඒක අපි හිතලමයි කලේ..අර මම කලිං කිව වගෙ දේසපාලුවන්ට තියන ගැතිකම බය පක්සපාතකම නැති කරන්ට..

ඊගාවට තව එකක්..උඹ දකින්ට ඇති මේ ඊයෙ පෙරේද ඩීසල් බවුසරයක් ෂෙඩ් එකට ආවම රතිඤ්ඤා දාල පිළිඅරගෙන තිබ්බ..මීට කලිං එහෙම පිළිගත්තෙ දේසපාලුවො..තෙල් බවුසරයක් ඇමති කෙනෙක් පිළිගන්නව වගෙ පිළිගන්න තැනට මිනිස්සු පත්වුනාය කියන්නෙ රටේ අනාගතය ගැන හොඳ ළකුණක් මචං..

අනික විනය..රටක් හදන්ට විනය ඕනමයි..ගෝඨා තදින්ම විනය තකනව මචං..රටක් විදිහට අපිට හමුදා විනයක් තියෙන්න ඕන..මොකක් හරි දෙයක් කරනවනං ඔක්කොමල එක සැරේට..දැං බලපං මේ ලයිට් කැපිල්ල හින්ද රටේ බාගයක් හවස  හයාමාරට කලින් බත් මාලු උයාගෙන රෙදි පෙරෙදි මැදගෙන සූදානමෙන් ඉන්නව....හරියට හයාමාරට ලයිට් ගියාම ඉටිපන්දං හරි කුප්පි ලාම්පු හරි පත්තුකර ගන්නව..ඉතුරු බාගෙ රෑ අටහමාරට කලිං ඔය කිව්ව වැඩටික කරල අටහමාරට ලයිට් ගියාම ඉටිපන්දං කුප්පි ලාම්පු පත්තු කරගන්නව..මුලු රටම එක වෙලාවට එක කතාවට යමක් කරනව කියන්නෙ මචං ඒක තමයි විනය කියන්නෙ..

මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං...වියත් මඟේ අපි කට්ටිය කුප්පි ලාම්පු එළියෙං මේ දවස්වල රෑ තිස්සෙ රැස්වෙලා කතා කරන්නෙ ප්ලෑන් කරන්නෙ මෙව්ව තමයි මචං.. .උඹත් ටිකක් කල්පනා කරල බලපං මම කියන්නෙ බොරුද කියල.. මොළයක් තියෙනවා නේ උඹට....

21 comments:

  1. දැන් රෑට ලයිට් කපන්නේ අපේ රටේ ජනගහනය වර්ධනය කරන්න වෙන්න ඇති.

    පැට්‍රෝල් බවුසරයක් ඇවිල්ලා, ටැංකියට බාන කොටත් රතිඥඥා ටිකක් පත්තු කළා නම් මරු.

    සීතා නෝනා, පාවාදෙනිය වගේ අය ඉස්සර උඩ දාගෙන කියෙව්වට දැන් නම් දකින්නත් ආසයි.



    ReplyDelete
    Replies
    1. sam perera,

      සීතා නෝනා අසනීප නිවාඩු අරගෙනලු...ළමයි දෙන්න කිව්වලු "අනේ අම්මෙ අපිට පාරෙ බැහැල යන්න නැතිකරන්නෙ නැතුව කට වහගෙන ඉන්නවද කරුණා කරල.." කියල

      Delete
  2. මේ කියනකං ඔය ගැන වගේ වගක් තේරුණේ නෑ නෙව.
    ගෑස් ටැංකි පුපුරවන්ට සැලැස්සුවෙ ලික්ගල් භාවිතයට හුරු කරනවට වෙන්ටෑ නෙ මචං..

    ReplyDelete
    Replies
    1. නමියාස්,

      අන්න ඒකනෙ..මෙව්වයෙ තියනව ලොකු අභ්‍යන්තරයක් ඔහෙලට නොතේරුනාට..

      Delete
  3. සීතා නෝනාගෙ පබ්ලික් ස්පීකින් කටහඬ විකුණන්න බැරිවෙයිද යුක්‍රේනයට? රුසියන් හමුදා එලවන්න බයොලොජිකල් වෙපන් එකක් විදිහට?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      වෙරි ගුඩ් අයිඩියා...බැසිලට කියන්න බලන්න..

      පබ්ලික් ස්පීකිං කියල වෙනම කටහඬක් නෑ ඔය යෝදි ගෙදරදි කතා කරන්නෙත් එහෙමලු..මට කිව්වෙ හස්බන්ගෙ යාලුවෙක්..

      ගෙදර කණක් ඇහිල්ල ඉන්න බැරිම තැන හස්බන්ම තමයි බලෙම්ම වගෙ මුන්දැ දේසපාලනේට තල්ලු කරල තියෙන්නෙ.."මම විතරක් විඳවන්නෙ ආය අහවල් දේකටද? රටේම මිනිස්සු විඳවපුවාවෙ" කියල..

      Delete
  4. අනේ අම්මපා හැබෑට
    ඇත්ත නේන්නං කියන්නෙ
    තකතීරු මගෙ ගොන් මොළේට
    වැටහුනෙ දැන් කියවද්දී
    බුදු වෙයි ඇස් පෑදුවාට!

    ReplyDelete
    Replies
    1. නිදි,

      මේ පැත්තෙ නං තාප්පවල ඇඳපු චිත්‍ර එව්ව ඇඳපු කොල්ලොම ඇවිල්ල දැං සුද්ද කරගෙන යනව..

      මම මේ ඊයෙ පෙරේද උන්ට කිව්ව "කොල්ලනේ උඹලට මාලුපාන් එහෙම ඕනෙනං කියහල්ල මගෙ යාලුවෙක් ඉන්නව නොමිලේ මාලුපාන් සප්ලයි කරන.." කියල.. :)

      Delete
    2. රවිගෙ පිලිතුරු කමෙන්ට්ස් කියවලා මට හිනාව නතර කරගන්න බෑ. ඔන්න නිමල්ට තව වැඩ.

      Delete
    3. ඇත්තමයි රවී. මමත් මහා ගොන් තකතිරුවෙක්, තාප්පවල චිත්‍ර අඳින වෙලාවේ, මං හිතුවේ නගර අලංකරණයට තරුණ පෙළ මහන්සි වීමෙ පැත්ත විතරයි. ඒ යට තිබුණු අදිසි දෙශපාලන අරමුණු ගැන සංකාවක්වත් පෙනුණේ නෑ. ඒකයි සද් භාවයෙන්ම අරහෙම වැඩක් කළේ!

      හැබැයි, අපේ පැත්තෙත් තාප්ප පිරිසුදු කරන රැල්ල පටන් ගත්තොත්... මං එයාලටත් මාළුපාන් දෙයි!

      Delete
  5. කවුරුහරි කෙනෙක් හම්බවුනු ගමන් 'වැඩ කරන්නෙ කොහෙද, වයස කීයද, ලමයි කීදෙනෙක් ඉන්නවද' වගේ ප්‍රශ්න අහන්න මිසක් අනිත් අයගෙ දුක සැප ගැන අහන්න පුරුදු නැති ලංකාවෙ මිනිස්සුන්ට දැන් කවුරුහරි දැක්ක ගමන් 'ආ කොහොමද- දැන් ෂැපද' කියලා අහන්න පුරුදු කරපු එකම කොච්චර ලොකු දෙයක්ද.

    ඊට අමතරව, පිටරටවල ජීවත්වෙන ගමන් 'අපි නම් ලන්කාවෙ පදින්චියට යන්න බලාගෙන ඉන්නෙ, බලන්නකො අපේ අහවලා ඇවිල්ලා ලංකාව හදලා ගන්න හැටි' කියලා කයිවාරු ගහමින් හිටි බයිස්ලා දැන් අපි නිකමට 'ආ ලංකාවෙ පදින්චියට යන්නෙ කවදද' කියලා ඇහුවොත්, දත කට පූට්ටු වෙලා 'ඔ ඔව් යනවා පො පොඩ්ඩක් බලලා' කියලා ගොත ගහන තත්වෙට ගෙනාපු එක සුලුපටු දෙයක්ද, අපේ හාමුදුරුවනේ.

    ReplyDelete
    Replies
    1. Lotus,

      හෙහ්..හෙහ්..හෙහ්..ඒක මරු..මිනිස්සුන්ට එතික්ස් පුරුදු කරපු එකම මදෑ ඊලඟ පාරත් මෙතුමටම දෙන්ට..නැද්ද මං අහන්නෙ..

      Delete
  6. මට ඊයෙත් මතක් උනා මෙච්චර දේවල් ලියන්න තියෙද්දි ඔබතුමා කාලෙකින් මුකුත් ලිවුවේ නැති බව. ආයෙත් කල්පනා කළා, ඔය සමහරු වගේ විරුද්ධ පක්ෂයට වරදිනකම් බලන් ඉඳලා "කොහොමද දැල් ෂැපද? ලූණු කීයද? අල එහෙම කෑවද?" කියලා කෝචෝක් කරන පුරුද්දක් අපේ රවී තුමාට නැතුවැති කියලා.

    බැලින්නම් අද ලියල. හැබැයි ඒත් කාටවත් අපහාසයක් නොවෙන විදියට, ප්‍රහසනාත්මකව.

    ඔය මොනවා උනත් මේ තුල තියෙන සැබෑ ඛේදවාචකය තේරුම් ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙකුටද දන්නේ නැහැ. එහෙම තේරෙනවා නම් හිනා වෙන්නේ නැහැ, අඬනවා.

    ReplyDelete
    Replies
    1. ඒක් මානවික්ස්,

      ලියන්ට දේවල් වැඩි උනහමත් ලියවෙන්නෙ නෑ බං...කොතනිං පටං ගන්නද කියල හිත හිත ඉන්නකොට කාලෙ ගෙවිලා හමාරයි..

      Delete
  7. //ගෝඨා තදින්ම විනය තකනව මචං//

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      එහෙනං..එහෙනං...

      Delete
  8. ඒකත් එහෙමද? සොරි ඈ මෙච්චර කල් අපි මේ මනුස්සය ගැන වැරදි විදියට හිතාගෙන හිටියට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අන්න ඒකනෙ..පුහුදුන් මිනිසුන්හට සත්‍යාවබෝධය ලබාදීම වනාහී මහඟු පුණ්‍යකර්මයකි..

      Delete
  9. මේ කියනකල් තේරුණේ නෑ කියන්නකෝ ඉතින්..අනේ පින් ඈ

    ReplyDelete
    Replies
    1. විසිරි,

      ඔයාල ඉතිං මඩුගල්ලලගෙයි දිවිතොටවෙලලගෙයි මඩුවන්වෙලලගෙයි ඕපදූප ලිය ලිය ඉන්නම මිසක මෙහෙම වැදගත් දෙයක් තේරුම් ගන්න උත්සාහ කරනවැයි?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...