Azure serverless computing services

Azure serverless computing services

808
0
SHARE

අද ලිපියෙන් කතා කරන්න යන්නේ ඔයාට භාවිතා කරන්න පුළුවන් Azure serverless technologies ගැනයි. මේ technologies අතරින් ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන දේ තෝරාගන්න පුළුවන්.
අපි මුලින්ම දැනගමු මොකක්ද මේ serverless computing කියන්නේ කියලා. ඇත්තටම cloud-hosted execution environment එකක් තමයි serverless computing කියන්නේ, සරලවම ඔයාගේ code එක ච්ලොඋඩ්ස් තුල execute කරන්න අවශ්‍ය වාතාවරණයක් මෙහිදී ලැබෙනවා. Serverless කියද්දී ඇත්තටම servers භාවිතා වෙන්නේ නැ වගේ idea එකක් ආවත් ඇත්තටම වෙන්නේ මේකයි. Serverless computing කියන එකෙන් අදහස් කරන්නේ ඔයාගේ applications වලට අවශ්‍ය වෙන servers ඔයා ළඟ තියෙන්නවත්, servers maintain කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ, මොකද ඒ හැමදේම cloud vendor මගින් manage කරන නිසා. ඔයාගේ code එක execute කරන්න අවශ්‍ය environment එක ඔයාට ලබාදෙනවා.

ගොඩක් වෙලාවට Serverless computing භාවිතා වෙන්නේ back-end scenarios වලට තමයි, ඒ කියන්නේ එක් system එකකින් තවත් system එකකට messages යවන්න හෝ වෙනත් systems වලින් යවපු messages process කරන්න වගේ දේවල වලට මේ Serverless computing යොදාගන්නවා.
අද ලිපියෙන් මේ විදියට Azure මගින් ලබාදෙන serverless computing services දෙකක් ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ තමයි Azure Functions සහ Azure Logic Apps.

Azure Functions

Azure Functions service එක මගින් ඔයාට පුළුවන් single method එකක් හෝ function එකක් host කරන්න. HTTP request එකක් , queue එකක message එකක් හෝ timer message එකක් වගේ event එකකට response එකක් විදියට මේ methods ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
මේ වගේ Azure Functions ගොඩක් දුරට භාවිතා වෙන C#, Python, JavaScript, Typescript, Java වගේ programming ලන්ගුඅගේස් වලින් ලියන්න හැකියාව තිබෙනවා.Azure Functions වල තිබෙන විශේෂත්වය තමයි අවශ්‍ය විදියට automatically scalability එක. වෙනස් වෙන එක, ඔයාගේ function එකට data ලැබෙන ආකාරය අනුව , ඒ කියන්නේ ලැබෙන data ප්‍රමාණය වැඩි වෙත්දී ඒ අවශ්‍යතාවයට සරිලන විදියට ක්‍රියාත්මක වීමේ හැකියාව Azure Functions වල තිබෙනවා. ඒ වගේම භාවිතා කරන services හා අදාළ කාලයට පමණක් ගෙවීම් කිරීමේ පහසුව Azure මගින් ලබාදෙනවා.

Azure function එකක් statless environment එකක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ, ඒ කියන්නේ යම්කිසි event එකකට ප්‍රතිචාර දක්වන සැම අවස්ථාවකම restart වෙනවා වගේ දෙයක්. incoming data process කරද්දී මේ feature එක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔයාට state එක අවශ්‍ය නම් function එක Azure storage account එකකට සම්බන්ධ කරගන්න හැකියාව තිබෙනවා.

Azure Functions මගින් කරන්න පුළුවන් තවත් දෙයක් තමයි orchestration tasks perform කිරීමේ හැකියාව, මේ සඳහා Durable Functions කියන extension එක යොදාගන්න අවශ්‍ය වෙනවා.මෙමගින් functions එකිනෙකට සම්බන්ධ කිරීමේ හැකියාව ලැබෙනවා.

Azure Logic Apps

Logic Apps කියන්නේ cloud service එකක් විදියට භාවිතා වෙන low-code/no-code development platform එකක්. මෙම service එක මගින් ඔයාට අවශ්‍ය විදියට organizations කිහිපයක් පුරා apps, data, systems, සහ services integrate කිරීමේ හැකියාව පහසුකම ලබාදෙනවා, මෙමගින් ඔයාට විවිධ tasks, business processes, සහ workflows automate කිරීමේ අවස්ථාව ලැබෙනවා.

සරලවම Azure logic Apps මගින් app integration, data integration, system integration, enterprise application integration (EAI), සහ business-to-business (B2B) integration යන පහසුකම් ලබාදෙනවා.

ආළුරෙ logic apps මගින් කිසිදු code එකක් ලිවිමකින් තොරව Azure සේවාවන් මගින් ක්‍රියාරම්භ කරන logics ක්‍රියාත්මක කරන්න පුළුවන්.අපි app එකක් build කරත්දී connectors මගින් triggers, actions වලට සම්බන්ධ කරනවා. මොනවද මේ triggers කියන්නේ , actions කියන්නේ. සාමාන්යෙන් app එකක් execute වෙන්න හේතු වෙන event එකකට තමයි trigger එකක් කියන්නේ.Action එකක් කියන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් task එකක් හෝ step එකක්.

Azure logic apps මගින් enterprise integration solutions නිර්මාණය කරගන්න අවශ්‍ය connectors 200කට අධික ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.මෙහිදී Salesforce, SAP, Oracle DB, සහ file shares වැනි සේවාවන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

Azure Functions සහ Azure Logic Apps අතර වෙනස්කම්

Azure Functions මගින් Azure Logic Apps call කිරීමේ හැකියාවත් ඒ වගේම Azure Logic Apps මගින් Azure Functions call කිරීමේ හැකියාවත් තිබෙනවා. මේ services දෙක අතර මුලිකම වෙනස තමයි ඒවායේ පරමාර්ථය. Azure Functions කියන්නේ serverless compute service එකක්, එතකොට Azure Logic Apps ක්‍රියාත්මක වෙන්නේ serverless orchestration service එකක් විදියට, ඒ කියන්නේ operational and functional processes ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා.
මෙයට අමතරව මෙම services දෙකට අදාල ගෙවීම් ක්‍රමයත් එකිනෙකට වෙනස් වෙනවා. Azure Functions සඳහා ගෙවීම් කලයුතු වෙන්නේ executions සිදු කල ප්‍රමාණයට සහ ඒවා සිදු වුනු කාලයට අනුවයි. Logic Apps සඳහා ගෙවීම් කල යුතු වෙන්නේ executions සිදු කල ප්‍රමාණයට සහ භාවිතා වන connectors වර්ගයට අනුව වේ.

දැන් අපි දන්නවා මේ serverless services දෙක පිළිබඳව. නමුත් අපිට ඇතිවන අවශ්‍යතාවය අනුව වඩාත් සුදුසු වෙන්නේ මොන සේවාවද කියල හරියටම තීරණය කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මෙන්න මේ ගැටළුවට විසඳුමක් විදියට නිර්ණායක හරියටම දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා.ඒ වගේම මේ විදියට මේ services දෙක අතර වෙනස වඩාත් හොඳට අඳුරගන්න හැකියාව ලැබෙනවා.

මුලින් සඳහන් කල ආකාරයට Logic Apps මගින් services කිහිපයක APIs සම්බන්ධ කිරීම මගින් වැඩි පියවර ගණනක් ඔස්සේ data process කිරීම සිදු කරනවා.

Azure Functions මගින් complex algorithms නිර්මාණය කිරීමට ඔයාට අවස්ථාව ලබාදෙනවා.මෙහිදී code එක මෛන්ටින් කිරීමේ වගකීම ඔයාට පැවරෙනවා.

දැනටමත් ඔයා ළඟ C#, Java, Python හෝ වෙනත් programming language එකකින් නිර්මාණය කෙරුණු automated tasks තිබෙනවා නම් Azure Functions හි function app body එකක් තුලට එක් කිරීම කල හැකි වෙනවා. මේ ක්‍රමය Azure Logic Apps මගින් මුල ඉඳන්ම ඔයා හදලා තිබුනු දේවල් නැවතත් හදනවාට වඩා ගොඩක් පහසු වෙනවා.

Azure Functions භාවිතය

දැන් අපිට Azure Functions පිලිබඳ හොඳ අවබෝධයක් තිබෙන නිසා මේ සේවාව ඇත්තටම භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක් ගැන බලමු. උදාහරණයක් විදියට ABC කියල company එකක් ගමු. මේ company එකේ විකිණෙන සෑම product එකකටම අදාලව විස්තර JSON message එකක් විදියට event hub එකකට යවනවා. මේ event hub එක මගින් මේ JSON message එක මේ sales වලට අදාල තවත් system කීපයක් වෙත යවනවා, මොකද ඒවා update කරන්න ඕන නිසා.

දැන් අපේ ABC company එකට ඕන වෙලා තියෙනවා එකේ දැනට තිබෙන e-commerce site එක upgrade කරන්න , real-time inventory tracking පහසුකමත් සමග.දැනට තිබෙන site එකට අනුව product availability එක update වෙන්නේ රාත්‍රී 2ට. මේ කාර්යයට අදාල logic එක C# වලින් තමයි ලියලා තිබෙන්නේ. දැනට තිබෙන තත්ත්වය අනුව යම් අවස්ථාවලදී product availability එක නිවැරදිව update වෙලා නැති නිසා කාර්යය මණ්ඩලයට අපහසුතා ඇතිවෙනවා. මේ හේතු නිසා ABC company එකට අවශ්‍ය වෙනවා යම් product purchase එකක් සිදුවෙන අවස්ථාවේදීම ඔවුන්ගේ site එක update කිරීමට. ඉතින් මේ කාර්යය සඳහා Azure මගින් ලබාගන්න පුළුවන් service එක මොකක් වෙන්න පුලුවන්ද සහ අනෙක් services නුසුදුසු වෙන්නේ ඇයි කියලා අපි දැන් බලමු.

ඇත්තටම දැනටමත් ABC company එකේ developersලා අවශ්‍ය logic එක C# වලින් ලියලා තිබෙන නිසා ඒකම යොදාගෙන ඔවුන්ගේ අලුත් requirement එකට අනුව, ඒ කියන්නේ product purchase එකක් සිදුවෙන සෑම අවස්ථාවකම මේ logic එක run වෙන විදියට නිර්මාණය කරගන්න හැකියාව Azure මගින් ලබාදෙනවා, ඒ තමයි Azure function service එක.

ඒ වගේම මේ සඳහා Azure Logic Apps භාවිතා නොකරන්න හේතුව තමයි අලුතෙන්ම logic එකක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් මෙහිදී නොමැති වීමයි.

Azure Logic Apps භාවිතය

දැන් අපි බලමු Azure Logic Apps යොදාගන්න පුළුවන් අවස්ථාවක්, කලින් උදාහරණයේ විදියටම අපේ ABC company එක ගනිමු. දැනට company එකේ සිදුවෙන දෙයක් තමයි customer කෙනෙක් product එකක් මිලදී ගත්තම customer satisfaction survey එකක් send කරනවා.මෙමගින් charts , reports හදලා මෙය විශ්ලේෂණය කරනවා.company එකේ service department එකට අවශ්‍යයි මේ surveys වලට negative comments ලබාදෙන customersලා වෙත විශේෂ email එකක් යවලා සමාව ගන්න වගේම coupon එකක් ලබාදෙන්න. මේ කටයුත්ත සිදුවෙන්නේ sentiment analysis එකක් මගින්. නමුත් මේ කාර්යය සිදු කරන්න අවශ්‍ය resources ABC company එක සතුව නැහැ. මේ නිසා customer service team එක cloud and IT professionalsලා කිහිප දෙනෙක් සමග කටයුතු කරන්න සුදානම් වෙනවා. ඉතින් අපේ දැනුමේ විදියට අපිට තේරෙනවා මේ ගැටලුවට වඩාත් සුදුසුම service එක වෙන්නේ Azure Logic Apps කියලා, මොකද Azure මගින් sentiment analysis එකක් කරගන්න පුළුවන් Azure Cognitive Services connector එක මගින්, ඒ වගේම emails යවන්න්නත් Office 365 Outlook connector එක සහ follow-up emails සඳහා Dynamics 365 customer service connector එක භාවිතා කිරීමටත් හැකියාව තිබෙනවා.

ඉතින් මේ විදියට පහසුවෙන් අපේ serverless computing අවශ්‍යතා සඳහා Azure මගින් ලබාදෙන Azure Functions service එක හෝ Azure Logic Apps භාවිතා කිරීමට අවශ්‍ය දැනුම මේ ලිපියෙන් ඔබට ලැබෙන්න ඇති කියලා හිතනවා. මෙවැනි තවත් ලිපියකින් නැවත හමුවෙමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY