ශ්‍රී ලංකා තරගාවලියට එක්වෙන ඕස්ට්‍රේලියා සංචිතය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

1318
McDermott in, Warner out of Australia's T20 squad

සංචාරක ශ්‍රී ලංකාව සමඟින් පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය Aaron Finch හට හිමිව ඇති අතර 2021 ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු David Warner සහ Mitchell Marsh එම සංචිතයට ඇතුළත්ව නැහැ.

මාර්තු මාසයේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත තරගාවලිය නිසාවෙන් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවට වාර්තා වන අතර Big Bash ලීගයේ දස්කම් දැක්වූ Ben McDermott මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ඔහුට අමතරව 2021 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවූ Jhye Richardson, Travis Head සහ Moises Henriques නැවත සංචිතයට කැඳවා ඇති අතර ආබාධයක් නිසාවෙන් අළුබඳුන තරගාවලිය අහිමි වූ වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood ද සංචිතයට ඇතුළත්.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස ඇතුළත්ව සිටි Daniel Sams, Nathan Ellis සහ Dan Christian යන ක්‍රීඩකයින් අතරින් කිසිම අයෙක් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියට ඇතුළත්ව නැහැ.

එමෙන්ම මෙම තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු Justin Langer විවේක ගැනීමට තීරණය කර ඇති බැවින් කණ්ඩායමේ පුහුණුකාරිත්වය සහය පුහුණුකරු Andrew McDonald හට හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.

විස්සයි විස්ස තරග පහකින් සමන්විත මෙම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා සිඩ්නි සහ මෙල්බර්න් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචිතය: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<