Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය වරම් දිනයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය වරම් දිනයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

1116
Sri Lanka Women's vs Bangladesh Women's

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තීරණාත්මක අවසන් තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ලකුණු 22කින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින් කණ්ඩායම් දෙකම අද තරගයට පිවිසි අතර මෙම තරගය ජය ගන්නා කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා නිසාවෙන් දෙපිලට මේ තරගය තීරණාත්මක වුනා.

මැලේසියාවේ Kinrara Oval ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් වන විට ආරම්භ පිතිකාරිණිය වූ විෂ්මි රාජපක්ෂ ලකුණු 07කට පිටියෙන් ඉවත් කිරීමට Suraiya Azminට හැකි වුනා. ඉන්පසු පිටියට පිවිසියේ හසිනි පෙරේරායි.

චමරි සමඟ එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 07ක් ලබා සිටි හසිනි Salma Khatunගේ පන්දුවක් හමුවේ දැවී යන විට මුළු ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු දෙකක් දැවී ලකුණු 61ක් ලෙසයි.

පෙර තරගවල දී මෙන්ම මෙම තරගයේ ද ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ චමරි පන්දු 28ක් තුළ 6 පහර තුනක් සහ 4 පහර හයක් සමඟින් ලකුණු 48ක් රැස් කිරීමෙන් අනතුරුව Rumana Ahmedගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා.

චමරිගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට තරමක ජීවයක් ගෙන ආ හර්ෂිතා මාධවී, නිලක්ෂි සිල්වා සහ අනුෂ්කා සංජීවනී පිළිවෙළින් ලබාගත් ලකුණු 19, 28 සහ 20 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලෙස  Shamima Sultana ලකුණු 6කට දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ආරම්භය ලබා දීමට අමා කාංචනාට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වන විටයි.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Murshida Khatun සහ Fargana Hoque ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි හිසරදයක් වෙමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 50ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනා.

ලකුණු 36ක් ලබා සිටි Murshida Khatun කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් සිය කණ්ඩායම නැවත තරගයට ගෙන ඒමට චමරිට හැකි වූ අතර ලකුණු 20ක් ලබා සිටි Nigar Sultana දවා ගැනීමට චමරි සමත් වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 3ක් දැවී 93ක් ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිසරදයක් වෙමින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ Fargana Hoque ලකුණු 33ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සමත් වීමෙන් අනතුරුව වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට සාර්ථක වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යොමු කළ සුපිරි අවසන් පන්දුවාර කිහිපය නිසා බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 17කට කඩුලු තුනක් බිඳ හෙළීමට සමත් වූ අතර අමා කාංචනා ලකුණු 13කට එක් කඩුල්ලයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.


Result


Sri Lanka Women
136/6 (20)

Bangladesh Women
114/5 (20)

Batsmen R B 4s 6s SR
Vishmi Rajapaksha c Fargana Hoque Pinky b Suraya Azmim 7 13 0 0 53.85
Chamari Athapaththu st Shamima Sultana b Rumana Ahmed 48 28 6 3 171.43
Hasini Perera lbw b Salma Khatun 7 14 0 0 50.00
Harshitha Madavi run out (Rumana Ahmed) 19 22 2 0 86.36
Nilakshi de Silva c Fargana Hoque Pinky b Nahida Akter 28 25 1 1 112.00
Anushka Sanjeewani not out 20 16 1 0 125.00
Ama Kanchana lbw b Nahida Akter 0 1 0 0 0.00
Kavisha Dilhari not out 1 1 0 0 100.00


Extras 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0)
Total 136/6 (20 Overs, RR: 6.8)
Fall of Wickets 1-14 (3.4) Vishmi Rajapaksha, 2-61 (8.3) Hasini Perera, 3-72 (9.6) Chamari Athapaththu, 4-91 (14.1) Harshitha Madavi, 5-132 (19.2) Nilakshi de Silva, 6-133 (19.4) Ama Kanchana,

Bowling O M R W Econ
Salma Khatun 4 0 14 0 3.50
Suraya Azmim 2 0 12 1 6.00
Nahida Akter 4 0 34 2 8.50
Rumana Ahmed 4 0 33 1 8.25
Mst Ritu Moni 3 0 23 0 7.67
Mst Shanjida Akther Maghla 3 0 17 0 5.67


Batsmen R B 4s 6s SR
Shamima Sultana c Udeshika Prabodhani b Ama Kanchana 6 9 0 0 66.67
Murshida Khatun lbw b Chamari Athapaththu 36 36 3 0 100.00
Fargana Hoque Pinky run out (Vishmi Rajapaksha) 33 39 2 0 84.62
Nigar Sultana c Harshitha Madavi b Chamari Athapaththu 20 21 2 0 95.24
Sobhana Mostary not out 11 13 0 0 84.62
Mst Ritu Moni c & b 0 1 0 0 0.00
Rumana Ahmed not out 2 2 0 0 100.00


Extras 6 (b 1 , lb 1 , nb 1, w 3, pen 0)
Total 114/5 (20 Overs, RR: 5.7)
Fall of Wickets 1-18 (2.2) Shamima Sultana, 2-68 (11.2) Murshida Khatun, 3-93 (15.3) Nigar Sultana, 4-111 (19.2) Fargana Hoque Pinky, 5-111 (19.3) Mst Ritu Moni,

Bowling O M R W Econ
Udeshika Prabodhani 2 0 22 0 11.00
Kavisha Dilhari 4 0 21 0 5.25
Ama Kanchana 2 0 13 1 6.50
Inoka Ranaweera 4 0 22 0 5.50
Sachini Nisansala 4 0 17 0 4.25
Chamari Athapaththu 4 0 17 3 4.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<