2021 වසරේ ICC T20 ක්‍රීඩකයා සහ නැගී එන ක්‍රීඩකයා නිවේදනය කෙරේ

7177

2021 වසරට අදාළ ICC සම්මානලාභීන්ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (23) නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළා. 

මෙවර ICC සම්මාන 13කට අදාළ සම්මානලාභීන්ගේ නම් නිවේදනය කිරීමට නියමිතව ඇති අතර අද සහ හෙට දිනයේ දී එම සම්මානලාභීන්ගේ නම් ප්‍රකාශයට පත්කරනු ඇත.

ඒ අනුව 2021 වසරේ ICC T20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පාකිස්තාන කඩුලු රකින ආරම්භක පිතිකරු Mohammad Rizwan විසින් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

එම වසරේ ICC T20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත වී තිබූ නාම අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ඇතුළත්ව තිබුනා. ඊට අමතරව එංගලන්ත කඩුලු රකින පිතිකරු Jos Buttler සහ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh ද එම නිර්දේශිත නාම අතරට අයත් වුනා.

එසේම 2021 වසරේ T20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය එංගලන්තයේ Tammy Beaumont විසින් දිනා ගන්නා විට, ටෙස්ට් වරම් හිමි නොවූ රටවලට අදාළ වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඕමාන කණ්ඩායමේ නායක Zeeshan Maqsood ද, ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රියාවේ Andrea-Mae Zepeda ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර ICC වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ 26 හැවිරිදි දකුණු අප්‍රිකාවේ Janneman Malan සමත් වුනා. පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකා Fatima Sana සම්මාන දිනා ගත්තේ ICC වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<