නසා භව අන්ධකාර ලෝ

 

නසා භව අන්ධකාර ලෝ
දම් පහන් සිළ නැගී එයි
හදේ නැගි සෝ සුසුම් යදම් වැල්
මා දෙපා මුල සිඳී යයි....
අයාලේ දැවෙන ලෝ පුරා
බුදු නෙතින් සිසිල දෙයි
විහාරේ පිදෙන මල් පහන්
නිවා සිත සුවය දෙයි
සමාධී සිතට සමවැදී
බුදු මුවඟ මඳ සිනා එයි

ඉපිද මිය යමින් සාංසාරේ
සොයා යමින් ඉමක් සොයා...
සසරෙම ඉපදෙන්නේ
නුරා ඇලුම් ගැටුම් මැදින් 
කොහෙදෝ මේ යන්නේ
අඳුර මැදින් අන්ධ වෙසින්
ලෝ සත දිව යන්නේ
ඈතට දිව යන්නේ
පිරී බුදු නෙත් මහා දයාවෙන්
ඝණ අඳුර දුරු කරන්නේ

පදරචනය/ ගැයුම - jayantha colombage

 ප්‍රකට හින්දි ගීතයක්වූ  මොහොමඩ් රාෆි ගැයූ“ suhani raath dhal chuki “ ගීතයේ තනුවට 

ගීතය මෙතැනින් ශ්‍රවණය කරන්න


Post a Comment

0 Comments