සංසාරෙ පැතුසේ ඇවිදින්

 

සංසාරෙ පැතුසේ ඇවිදින්
සන්තාප සොවින් ඉපිලී
සංවේග දුකින් නොමිදී
හමුවීද මෙසේ මා ඔබ යලි
අතරමගදි දිවි ගමනේමේ 
නොනිමෙන දිගු සසරේ
වෙන්වීද මෙසේ මා ඔබ යලි
අනියත මේ ලෝකේ
මේ අනියත වූ ලෝකේ...


මුතුවරුසාවක් වීලා උන්මාදනීය ස්නේහේ
අහස් මාලිගා තැනුවා වළාකුලක ඉඩ හොයලා
දේදුනු ඕවිලි නැගුනා දෙව්විමනක සුව මැවිලා
නොසිතු දෙයක්මයි ලෝකේ සිතු දේ නොමවන ලෝකේ
සංසාර දුකින් නොමිදී

උමතු වෙසින් සඳ පායා ගලන ගඟක පාවීලා
හෙලූ කඳුලු වියැලීලා කතරක ගිනි ඇවිලේයා
ඉමක් සොයා යන ගමනේ නෑ කිසිවකු හමුවූවේ
නොබැඳුනි නම් මේ ලෝකේ නෑ යලි දුක හමුවන්නේ
සංසාර දුකින් නික්මී

පදරචනය/ ගැයුම
jayantha colombage


ප්‍රකට හින්දි ගීතයක්වූ  තලාත් මොහොමඩ්  ගැයූ“ Tasweer Banata Hoon  “  ගීතයේ තනුවට 

ගීතය මෙතැනින් ශ්‍රවණය කරන්න


Post a Comment

0 Comments