සීගිරි ළඳකගේ නොලී කවිය

Share

අපි අපිට පෙම් බැන්ද පලියට හීනයට බෑ පූදින්න

ලියන කවිවල තරම් ආලය සොඳුරු නැති බව පිළිගන්න

ඉතින් ඒකයි දෛවයේ අණ නුඹට බැහැ එය වළකන්න

හැමදේම අහවරයි අද සිට මම යනවා රජු එක්ක සිරියහනේ නිදියන්න

 

නුඹ තාම පොඩි වැඩියි කොල්ලෝ ජීවිතේ තීරණ ගන්න

ප්‍රේමයක් අතහැරුණු පලියට එපා මීවිත මත් වෙන්න

රෑට හොරැහින් හඳ එබෙයි නම් පැල්කොටේ දොර වහගන්න

ගොම්මන් කළුවරේ තරුවල අපේ මතකය වළලන්න

 

ගමේ ලස්සන මලක සෝබව නුබට ඇහැකියි විඳගන්න

ඉතින් රූබර කෙල්ලො ඇත තව එයින් එකියක් බැඳගන්න

පුරන් වී යා නොදී කුඹුර ම මතක ඇතුව ම වපුරන්න

ඒ උනත් අපි පෙම් කරපු තැන්වල එපා වල්පැල ගලවන්න

 

Image Link: https://bit.ly/3nW9ihB

 

 

 
Tagged : / /