17න් සහ 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලි ඇරඹෙයි

17න් පහළ/15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1370

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන 2022 අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු සහ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලි සහ 15න් පහළ  පළමු සහ දෙවැනි කොටසේ තරගාවලි ඊයේ (3) ආරම්භ වුනා.

17න් පහළ පළමු කොටසේ තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 76ක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් කාණ්ඩ 12ක් යටතේ පළමු වටයේ දී තරග වදිනු ඇත. එසේම දෙවැනි කොටසේ තරගාවලිය සඳහා දිවයින පුරා විසිරුණු පාසල් 46ක් කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ඇත.

15න් පහළ පළමු කොටසේ තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 86ක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් කාණ්ඩ 14ක් යටතේ පළමු වටයේ දී තරග වදිනු ඇත. එසේම දෙවැනි කොටසේ තරගාවලිය සඳහා දිවයින පුරා විසිරුණු පාසල් 78ක් කාණ්ඩ 9ක් යටතේ තරග වදිනු ඇත

අවසන් වරට පැවති 17න් පහළ පළමු කොටසේ (2019) ශූරයන් වූ කොළඹ මහානාම විද්‍යාලය මෙවර B කාණ්ඩයෙන් තරග වදින අතර එහි අනුශූරතාව දිනූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය A කොටසින් තරග වදිනු ලැබේ.

කොරෝනා වසංගතයේ බලපෑම නිසාවෙන් පසුගිය වසරේ 17න් පහළ හෝ 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා වයස අවුරුදු 17න් පහළ සහ 15න් පහළ පසු වන ක්‍රීඩකයින් හට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම වෙනුවෙන් අවස්ථාවක් සලසා දීම වෙනුවෙන් මෙවර තරගාවලිය පැවැත්වෙනවා.

ඒ අනුව මෙවර වයස අවුරුදු 17න් පහළ සහ 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ හෝ දෙවැනි කොටසේ තරගාවලියේ දෙවැනි වටයක් පැවැත්වෙන්නේ නැහැ.

අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයන්

(පාසල් 76, කාණ්ඩයන් 12, පන්දුවාර 50 තරග 204)

අවුරුදු 17න් පහළ දෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයන්

(පාසල් 46, කාණ්ඩයන් 8, පන්දුවාර 50 තරග 112)

අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයන්

(පාසල් 86, කාණ්ඩයන් 14, පන්දුවාර 50 තරග 222)

අවුරුදු 15න් පහළ දෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයන්

(පාසල් 78, කාණ්ඩයන් 9, පන්දුවාර 50 තරග 180)

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<