ඩුබායි Expo ලංකාවේ දිනය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 3, 2022

ඩුබායි Expo ලංකාවේ දිනය අද

ඩුබායිහි පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අද  (3) ට යෙදී ඇත. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (3) ප්‍රදර්ශනය විවෘත වීමට නියමිතය. 

පසුගිය 2021 ඔක්තෝබර් මස පළවැනිදා සිට ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ලෝකයේ රටවල් 129 ක් සහභාගී වී සිටින අතර, මෙම වසරේ මාර්තු තෙක් පැවැත්වේ. එක් එක් රටවල් වෙනුවෙන් දින වෙන් වී ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනය වෙන් වී ඇත්තේ අද දිනයේ ය. 

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු මෙරට ආයතන කිහිපයක්, ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය සඳහා වන ප්‍රදර්ශන කුටි රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom