කිරි ඉතිරේවා… නව වසරේ…!

Share

2021 වර්ෂයේ දවස් ගෙවී ගොස් අද වන විට අපි ඉන්නේ 2022 නව වසරේ පළමු දිනය අබියස. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඉෂ්ට කරගන්න අපි හැමෝටම හීන තියෙනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අපි හැමෝටම වෙච්ච බාධක 2022 අවුරුද්දේ අඩුවෙයි කියන බලාපොරොත්තුවත් ඉෂ්ට කරගන්න අලුත් අවුරුද්දේ සෑම පුරවැසියෙකුගේ ම සහයෝගය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අපි හැම දෙනා ගාව ම තියෙනවා.

අලුත් අවුරුද්දක් කිව්ව ගමන් ම අපි හීන මවන්නේ අපේ ජීවිතේ අපි ආස කරන බලාපොරොත්තු ඉටුකරගන්න ශක්තියක් වන දවස් උදාවෙන අවුරුද්දක්. ඒත් ඇත්තට ම අපි ඒ හීනය වෙනුවෙන් කොච්චර කැපවෙනවා ද කියන එක ප්‍රශ්නයක්.

හැමෝම නව වසර සුබ වේවා කියලා එවන විවිධාකාරයේ කෙටි පණිවිඩවලින් ඔබේ ජංගම දුරකතනය මේ වෙනකොට පිරී ගිහින් ඇති. ඒත් ඇත්තට ම අලුත් අවුරුද්ද සුබදායක වෙන්න නම් අපි කොච්චර කැපකිරීම් කරන්න ඕනෙද කියන දේ අපි අවබෝධ කරගන්නවා නම් අපේ බලපොරොත්තු ඉටු කරගැනීමේ මාර්ගය වඩාත් පහසු වෙනවා නියතයි. ඉතින් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ වෙච්ච අඩුපාඩුකම් මග හරවා ගනිමින්, වඩාත් සාර්ථක අවුරුද්දකට මුල පුරන්න අපි හැමෝටම  වාසනාව ලැබේවා කියන එක මගේ ප්‍රාර්ථනාව යි.

කාලසටහනකට අනුව වැඩ කරමින් නව වසරේ මිල කරන්න බැරි තරම් වටිනා කාලය පරෙස්සම් කරගැනීම අපි හැමෝගෙම යුතුකමක්. ඒ වගේ ම පවතින වසංගතයෙන් මුළු ලෝකය ම සුවපත් වී යළිත් අපේ සාමාන්‍ය ජීවිතයට පැමිණීමට මේ නව වසර පිටිවහලක් වේවා කියන ප්‍රාර්ථනාව ඉෂ්ට කරගැනීමට උදව් කිරීමත් පුරවැසියෙක් විදිහට අපි හැමෝගෙම වගකීමක්.

ඉක්මනින් ම විශ්වවිද්‍යාල ආරම්භ වී යළිත් අපේ මිතුරු මිතුරියන් හමුවීමට මේ අවුරුද්දේ ඉඩක් ලැබේවා කියන එක හැම විද්‍යාර්ථියෙකුගෙම තවත් අලුත් බලාපොරොත්තුවක්.

මේ වගේ සුවහසක් බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන අපි නව වසරකට එළඹිලා තියෙනවා වගේ ම හැම හිතක ම තියෙන යහපත් බලාපොරොත්තු ඉටුවෙන නව වසරකට අපි ආසිරි පතනවා !

දවස් 365ක කෙළවර බලා හිඳිනා ආදරණීය ම 2022 අවුරුද්දේ ඔබ සියල්ලන්ට ම යහපතක් ම වේවා!

 

ජීවිතේ බොහෝ අත්දැකීම් එක්ක

චරිත ගොඩාක්  හිටපු

දුක සතුට වගේ ම

සිනහ කඳුළුත් අතර රැඳුණු

පිටු 365ක ලියවී තිබුණු

2021 කතා පොතේ

අවසන් පිටුවත් ගෙවී ඉවරයි .

අලුත් ම 2022 වසරත් සමඟ

ලස්සන ම චාරිකාවකට

ඔබ සැමට ම ආසිරි !

 

 

Featured image : https://bit.ly/3JsY7a1
Image 1 : https://bit.ly/3sKBLuC

 
Tagged : / /