ආචාර්ය ගයානි සෙනෙවිරත්නට සම්මානයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2021

ආචාර්ය ගයානි සෙනෙවිරත්නට සම්මානයක්

හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය, නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප් (Helen Hay Whitney fellowship) සම්මානය හිමිකර ගැනීමට සමත් වී සිටී.

ඇයට මෙම සම්මානය හිමිවීමට විශේෂතම හේතුව වන්නේ මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම්ය. ලෝකය පුරා පිළිගත් මෙම සුවිශේෂවූ සම්මානය මෙයට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කීහිපදෙනකු පමණි. 

සෙනෙවිරත්න මහත්මිය ඇගේ පරීක්ෂණ වෙනුවෙන් මෙරටදී ජනාධිපති සම්මානය දෙවතාවක්ම හිමි කර ගත්තාය. මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන්වූ සම්මානයද හිමිකර ගෙන ඇත. 

අය විසින් ජෛව වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය සඳහා දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව විශාලය. 
සෙනෙවිරත්න මහත්මිය චිකාගෝ විශ්ව විද්‍යාලයේදී ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අවස්ථාවේදී, ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කලලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජානයක්ද සොයා ගන්නා ලදී. 

මෙම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ අවධානයක් හිමිවූ අතර එරට පළවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන proceedings of the national sciences හිද ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබිණ. 
ගයානි සෙනවිරත්න මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. ඇය විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේදී ඇතුළත් වූවාය. 

ශ්‍රී ලංකාවේ විද්‍යාව හදාරන දරුවන්ට තමා මතු මතුදිනක මෙරටට පැමිණ ඔවුන්ගේ සිහින සැබෑ කර දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ආචාර්ය සෙනෙවිරත්න මහත්මිය පවසයි.

෴ උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom