‘ස්වේත අඳුර’ හරහා එමාෂා පුංචි තිරයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 8, 2021

‘ස්වේත අඳුර’ හරහා එමාෂා පුංචි තිරයේ

‘දෙවැනි ඉනිම’ ටෙලි නිර්මාණය හරහා ජනප්‍රිය වූ එමාෂා සේනවිරත්න රංගනයෙන් දායක වන නවතම ටෙලි චිත්‍රපටය වන්නේ ‘ස්වේත අඳුර’ ය. ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ ‘ස්වේත අඳුර’ ටෙලි චිත්‍රපටය මේ වනවිට විකාශය ආරම්භ වී ඇත. 

‘ස්වේත අඳුර’ ප්‍රදිප් රසාංගගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි නිෂ්පාදනයට දායක වී සිටින්නේ ඇන්ජලා කුරුප්පු ය‍. ‘ස්වේත අඳුර’ ටෙලි චිත්‍රපටයේ තමන් පියුමි නමැති අන්ධ ගැහැනු ළමයෙකුගේ චරිතය නිරුපණය කරන බවත් එය වෙනස් ම විදියේ අත්දැකීමක් වූ බවත් එමාෂා පවසයි. 
රංගනයට අමතරව ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් ද එමාෂා අදහස් දක්වන්නේ මහත් සතුටිනි. තමන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ඇය පවසා තිබේ. 

''ව්‍යාපාරයක් ආරම්භ කරන හිනේ අද ඊයේ තිබුණ හිනයක් නෙමෙයි. ඒක මගේ කාලේක ඉඳලා තිබුණ හිනයක්. ඒත්, අධ්‍යාපන කටයුතුයි කලා කටයුතුයි එක්ක තිබුණ කාර්යබහුලත්වයත් එක්ක ඒ අදහස කල් ගියා. දැන් අධ්‍යාපන කටයුතු ඉවර හින්දා කරන්න හිතාගෙන හිතපු ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනා කියලා හිතුවා. නිමි ඇඳුම් තමයි මම කරන්න අදහස් කරන් ඉන්නේ. මුලින්ම ඔන්ලයින් ක්‍රමයට තමයි ඇඳුම් විකුණන්න හිතාගෙන ඉන්නේ. පස්සේ වැඩේ ලොකුවට කරන්න සැළසුම් කරගෙන ඉන්නවා.'' යැයි එමාෂා කියයි.

෴ උපුටා ගැනීම - සාරවිට

Classified_Ad

Classified_Ad_News_Bottom