Home Sinhala Kandy Warriors අතපසුවීම් නිසා Galle Gladiators ජයග්‍රහණයට

Kandy Warriors අතපසුවීම් නිසා Galle Gladiators ජයග්‍රහණයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

2714

2021 LPL ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (7) පැවැත්වුනේ Kandy Warriors සහ Galle Gladiators කණ්ඩායම් අතරයි.

තරගාවලියේ මෙතෙක් ක්‍රියාත්මක වුනු උණුසුම්ම තරගය බවට පත් වූ මේ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට Galle Gladiators සමත් වුනා. එම ජයග්‍රහණයත් සමඟ දැනට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට ඔවුන් සමත් වුනා.

කණ්ඩායම් දෙකම ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ තරග පරාජය වෙමින් අද තරගයට පැමිණියේ වෙනස්කම් දෙක බැගින් සිදු කරමින්.

ඒ අනුව අසේල ගුණරත්න සහ Devon Thomas වෙනුවට TM සම්පත් සහ Ahmed Shehzad Kandy කණ්ඩායමට කැඳවා තිබුණා. Galle Gladiators පුලින තරංග සහ ඉසුරු උදාන වෙනුවට සුමින්ද ලක්ෂාන් සහ ධනංජය ලක්ෂාන් කැඳවා තිබුණා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Kandy Warriors XI: Kennar Lewis (WK), Ahmed Shehzad, Charith Asalanka, Angelo Perera (C), Kamindu Mendis, Rovman Powell, Ishan Jayaratne, TM Sampath, Sachindu Colombage, Lahiru Kumara, Al-Amin Hossain

Galle Gladiators XI: Danushka Gunathilaka, Kusal Mendis, Mohammad Hafeez, Ben Dunk (WK), Samit Patel, Bhanuka Rajapaksa (C), Dhananjaya Lakshan, Lahiru Madushanka, Noor Ahmad, Nuwan Thushara, Suminda Lakshan

කාසියේ වාසිය ජය ගත් Kandy නායක ඇන්ජලෝ පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලබා ගැනීමට සමත් වුනා.

Kandy කණ්ඩායමේ පළමු කඩුලු 2 පළමු පන්දු 19 තුල දවා ගැනීමට Patel සහ ධනංජය සමත් වුනා. ඉන්පසුව තුන්වැනි කඩුල්ල සඳහා පිටියේ එක් වුනු Shehzad, කමිඳු සමඟ එකතු වෙමින් සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 57ක දී ගොඩනැංවුණු එම ලකුණු 83 සබඳතාවය නිසාවෙන් ඔවුන් සිටි අසීරු මට්ටමින් යම් මට්ටමකට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණා. කෙසේ නමුත් ඉන්පසුව Kandy කණ්ඩායමේ මැදපෙළ කඩුලු 3ක් ලකුණු 19ක් තුල බිඳ වැටීම නිසා කමිඳු සහ Shehzad දෙදෙනා ලබා ගත් ආරම්භය සාර්ථක අවසානයක් කරා රැගෙන යාමට Kandy කණ්ඩායමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

නමුත් TM සම්පත් සහ ඉශාන් ජයරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 14ක් තුල ලකුණු 25*ක පසුපෙළ සබඳතාවයක් ගොඩනංවා ඔවුන්ගේ ඉනිමේ අවසානය නැවතත් යම් මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා.

නුවන් තුෂාර යොමු කළ Kandy ඉනිමේ අවසන් පන්දුවාරය සඳහා ලකුණු 17ක් ලබා ගැනීමට සම්පත් සහ ජයරත්න සමත් වුනු අතර එය ඔවුන්ගේ ඉනිම තුල පන්දුවාරයක් සඳහා ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වුනා.

Shehzad සිය විස්සයි විස්ස දිවියේ ලබා ගත් 40 වැනි අර්ධ ශතකය ලබා ගත් අතර පන්දු 51ක දී වාර්තා වුනු ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 7ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. ඊට අමතරව අනෙක් අන්තයෙන් ඔහුට සහය වෙමින් Kandy කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු කමිඳුගේ ඉනිමට 4 පහර 4ක් ඇතුළත් වුනු අතර ඔහු පන්දු 25ක දී ලකුණු 32ක් ලබා ගන්නට සමත් වුනා.

වමතින් දඟපන්දු යවන Patel නිලකුණු පන්දු 14ක් සමඟ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වන විට, ධනංජය ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තා.

කුසල් සහ ධනුෂ්ක Galle වෙනුවෙන් සුපුරුදු පරිදි ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45ක් තුල ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ඒ නිසාවෙන් ඔවුන්ට මේ තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සැකසුනු නමුත්, ඔවුන් දෙදෙනා දැවී ගිය පසුව Galle මුල්පෙළ යම් ඇද වැටීමකට ලක්වුනා. 4 පහර 4ක් සහ 6 පහර 2ක් සමඟ ධනුෂ්ක පන්දු 33ක දී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා. කුසල් ලකුණු 16යි.

පළමු කඩුලු දෙක දැවී යන විට Galle කණ්ඩායම තරගයේ වැඩි වාසි ලබාගෙන සිටි නමුත් Kandy පන්දු යවන්නන් Galle මැදපෙළ කඩුලු 4ක් ලකුණු 35ක් තුල දවා ගනිමින් නැවතත් තරගය සඳහා අවතීර්ණ වීමට සමත් වුනා.

කෙසේ නමුත් අවසන් පන්දුවාර දෙක තුල Kandy කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමේ අවස්ථා නිසා සහ පන්දු යවන්නන් කළමනාකරණය කර ගැනීමේ දී දැක්වූ යම් අතපසුවීම්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගත් ධනංජය ලක්ෂාන් සහ ඇලහැර දැවැන්තයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලහිරු මධුසංක පන්දු 10ක් තුල වේගවත් ලකුණු 29*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමට මේ තරගය ජයග්‍රහණය කර දුන්නා.

ලහිරු 4 පහරක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 13ක් තුල වේගවත් ලකුණු 22*ක් ලබාගෙන Kandy කණ්ඩායමේ පීඩනය වැඩි කළ අතර අවශ්‍යම මොහොතේ 4 පහර දෙකක් ලබා ගත් ධනංජය ලක්ෂාන් පන්දු 4ක දී ලකුණු 10*ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී සචිඳු කොළඹගේ ලකුණු 20කට Galle Gladiators ප්‍රබල කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන් (Galle Gladiators)


Result


Kandy Falcons
143/6 (20)

Galle Gladiators
147/6 (19.2)

Batsmen R B 4s 6s SR
Kennar Lewis c Danushka Gunathilaka b Samit Patel 0 2 0 0 0.00
Ahmed Shehzad st Ben Dunk b Noor Ahmad 56 51 7 1 109.80
Charith Asalanka c Lahiru Madushanka b Dhananjaya Lakshan 6 10 1 0 60.00
Kamindu Mendis c Ben Dunk b Dhananjaya Lakshan 32 25 4 0 128.00
Angelo Perera c Lahiru Madushanka b Samit Patel 10 12 1 0 83.33
Rovman Powell c Danushka Gunathilaka b Samit Patel 1 4 0 0 25.00
Tillakaratne Sampath not out 19 9 2 0 211.11
Ishan Jayaratne not out 9 8 1 0 112.50


Extras 10 (b 2 , lb 1 , nb 0, w 6, pen 1)
Total 143/6 (20 Overs, RR: 7.15)
Fall of Wickets 1-16 (3.1) Charith Asalanka, 2-99 (12.3) Kamindu Mendis, 3-113 (16.1) Angelo Perera, 4-115 (16.6) Rovman Powell, 5-118 (17.4) Ahmed Shehzad,

Bowling O M R W Econ
Samit Patel 4 0 13 3 3.25
Nuwan Thushara 3 0 38 0 12.67
Mohammad Hafeez 4 0 32 0 8.00
Dhananjaya Lakshan 2 0 11 2 5.50
Noor Ahmad 4 0 22 1 5.50
Suminda Lakshan 3 0 24 0 8.00


Batsmen R B 4s 6s SR
Kusal Mendis lbw b Kamindu Mendis 16 21 2 0 76.19
Danushka Gunathilaka c Angelo Perera b Sachindu Colombage 45 3 4 2 999.99
Mohammad Hafeez c Charith Asalanka b Sachindu Colombage 13 18 1 0 72.22
Ben Dunk lbw b Charith Asalanka 3 5 0 0 60.00
Bhanuka Rajapakse b Rovman Powell 22 13 2 1 169.23
Samit Patel c Angelo Perera b Sachindu Colombage 4 6 0 0 66.67
Lahiru Madushanka not out 22 13 1 2 169.23
Dhananjaya Lakshan not out 10 4 2 0 250.00


Extras 12 (b 4 , lb 5 , nb 0, w 3, pen 0)
Total 147/6 (19.2 Overs, RR: 7.6)
Fall of Wickets 1-62 (7.3) Kusal Mendis, 2-83 (11.4) Danushka Gunathilaka, 3-88 (12.5) Ben Dunk, 4-88 (13.3) Mohammad Hafeez, 5-111 (15.5) Samit Patel, 6-118 (17.4) Bhanuka Rajapakse,

Bowling O M R W Econ
Tillakaratne Sampath 4 0 18 0 4.50
Al-Amin Hossain 1 0 13 0 13.00
Charith Asalanka 4 0 19 1 4.75
Lahiru Kumara 1 0 22 0 22.00
Kamindu Mendis 4 0 24 1 6.00
Sachindu Colombage 4 0 20 3 5.00
Rovman Powell 1 0 12 1 12.00
Angelo Perera 0.2 0 10 0 50.00



LPL තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (8) Colombo Stars – Dambulla Giants අතර සහ Kandy Warriors – Jaffna Kings අතර පැවැත්වීමට නියමිතයි. LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<