Home Sinhala වනිඳු – මහීෂ් සහ Cadmoreගේ දස්කම් මතින් Jaffna Kings පළමු ජය ලබයි

වනිඳු – මහීෂ් සහ Cadmoreගේ දස්කම් මතින් Jaffna Kings පළමු ජය ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

356

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතන එක්ව සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වැනි තරග දිනයේ පළමු තරගය අද (7) Jaffna Kings සහ Dambulla Giants අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

පන්දුවාර 12කුත් පන්දු 3ක් තුල සිය ඉලක්කය සපුරා ගත් Jaffna Kings කඩුලු 8ක දැවැන්ත ජයක් ලබාගෙන මෙවර LPL තරග මාලාවේ සිය පළමු තරග ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

Galle Gladiators හමුවේ Jaffna Kings පරාජයට පත්වෙමින් මේ තරගයට අවතීර්ණ වුනු අතර Dambulla Giants මේ තරගයට අවතීර්ණ වූයේ Kandy Warriorsට දැවැන්ත පරාජයක් උරුමකර දෙමින්.

කණ්ඩායම් දෙකම පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්වල වෙනස්කම් දෙක බැගින් සිදු කර තිබුණු අතර Jaffna Kings Shoaib Malik සහ චතුරංග ද සිල්වා මේ තරගය සඳහා කැඳවා තිබුණේ Wahab Riaz සහ සම්මු අශාන් වෙනුවටයි.

Dambulla Giants කණ්ඩායමේ සාශා ද අල්විස් සහ Sohaib Maqsood වෙනුවට ලහිරු උදාර සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Marchant de Lange අද තරගයට කැඳවා තිබුණා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Jaffna Kings: Upul Tharanga, Rahmanullah Gurbaz (WK), Tom Kohler-Cadmore, Avishka Fernando, Shoaib Malik, Thisara Perera (C), Wanindu Hasaranga, Chaturanga de Silva, Suranga Lakmal, Maheesh Theekshana, Jayden Seales

Dambulla Giants: Niroshan Dickwella (WK), Phil Salt, Lahiru Udara, Dasun Shanaka (C), Najbullah Zadran, Nuwanidu Fernando, Chamika Karunaratne, Ramesh Mendis, Nuwan Pradeep, Marchant de Lange, Imran Tahir

අද දිනයේ පැවති තරග දෙක සඳහා අලුත්ම තණතීරුවක් සකස් කර තිබුණු අතර එම තණතීරුව දඟපන්දු යවන්නන්ට වැඩි වාසි සහගත ලෙස හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ නිසා Jaffna කණ්ඩායම ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සහ ප්‍රධාන දඟපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ මේ තරගයට යොදවා තිබුණා.

අවසානයේ දී ඔවුන් Dambulla ලකුණු 110කට සීමා කළේ නියමිත පන්දුවාර 20 අවසන් වීමටත් පෙරාතුවයි.

Dambulla ඉනිම ආරම්භ කරමින් දික්වැල්ල සහ Salt පිටියට පිවිසි නමුත් පළමු තරගයේ දී මෙන් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පළමු තරගයේ දී පන්දු යවන්නන් සහ පිතිකරුවන් අතින් සිදුවුණු අඩුපාඩු බොහෝමයක් මේ තරගයේ දී Jaffna විසින් නිවැරදි කරගෙන තිබීම ද කැපී පෙනුණා. එහි ප්‍රතිඵලයක් ලෙස Dambullaට මේ තරගයේ සිය Powerplay අවස්ථාව තුල කඩුලු 3ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 38ක් පමණයි.

Dambulla පිතිකරණය දෙසට අවධානය යොමු කිරීමේ දී සිව්වැනි සහ 8 වැනි කඩුලු දෙක වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාව දෙක හැර අනෙක් එකඳු සබඳතාවයක් හෝ ලකුණු 15 සීමාව අභිබවා ගියේ නැහැ.

වයස අවුරුදු 22ක් වන නුවනිඳු Dambulla කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ ලකුණු 23ක් ලබාගෙනයි. ඒ හැරෙන්නට චාමික සහ රමේෂ් පිළිවෙළින් ලකුණු 14ක් සහ ලකුණු 13ක් ලබාගෙන Dambulla පසුපෙළ සවිමත් කළා.

Seales යොමු කළ 18 වැනි පන්දුවාරය සඳහා ලකුණු 16ක් ලබා ගැනීමට රමේෂ් සහ de Lange සමත් වුනු අතර එය Dambulla ඉනිම තුල පන්දුවාරයක දී වාර්තා වුනු වැඩිම ලකුණු ප්‍රමාණය වුනා.

පන්දු යැවීමේ දී වනිඳු සහ මහීෂ් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දක්වන විට ලක්මාල් සහ Seales අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

Gurbaz සහ අවිශ්ක Jaffna ආරම්භක පිතිකරුවන් ලෙස මේ තරගයේ දී ක්‍රීඩා කළ නමුත් පළමු තරගයේ දී තරංග සහ Gurbaz ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළා. Gurbazගේ කඩුල්ල Powerplay අවස්ථාව තුල දී ම දවා ගැනීමට Thahir සමත් වුනු නමුත් නැවත වතාවක් ආරම්භක පිතිකරණ ස්ථානයට පැමිණි අවිශ්ක 4 පහරක් සහ 6 පහර තුනක් සමඟ ලකුණු 33ක් ලබා ගත්තේ පන්දු 27ක් සඳහා මුහුණ දෙමින්.

එංගලන්ත ක්‍රීඩක Cadmore සමඟ එක්වුණු අවිශ්ක දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක් තුල ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් Dambulla පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.

Cadmore නොදැවී ලකුණු 45*ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර අවිශ්කගේ දැවී යාමට පසුව පිටියට පැමිණි Malik නොදැවී ලකුණු 26*ක් ලබා ගත්තේ පන්දු 10ක් තුල 6 පහර 3ක් එල්ල කරමිනි. Jaffna වෙනුවෙන් ශානක, Salt සහ Zadran යන ප්‍රබල කඩුලු 3 දවා ගත් මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

Jaffna දඟපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ මේ තරගය සඳහා ක්‍රීඩා කළ නමුත් Dambulla මේ තරගය සඳහා ක්‍රීඩා කළේ දඟපන්දු යවන්නන් දෙදෙනෙක් පමණයි. පන්දු යැවීමේ දී Dambulla වෙනුවෙන් Thahir සහ ප්‍රදීප් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.


Result


Jaffna Kings
114/2 (12.3)

Dambulla Aura
110/10 (19.3)

Batsmen R B 4s 6s SR
Phil Salt c Wanindu Hasaranga b Mahesh Theekshana 13 12 1 0 108.33
Niroshan Dickwella c Wanindu Hasaranga b Suranga Lakmal 6 5 1 0 120.00
Lahiru Udara c Rahmanullah Gurbaz b Suranga Lakmal 3 7 0 0 42.86
Nuwanidu Fernando c Avishka Fernando b Jayden Seales 23 25 3 0 92.00
Dasun Shanaka c & b Mahesh Theekshana 13 17 1 0 76.47
Najibullah Zadran lbw b Mahesh Theekshana 0 3 0 0 0.00
Chamika Karunaratne c Rahmanullah Gurbaz b Wanindu Hasaranga 18 24 3 0 75.00
Ramesh Mendis c Wanindu Hasaranga b Suranga Lakmal 14 12 0 1 116.67
Marchant De Lange b Wanindu Hasaranga 13 8 0 1 162.50
Nuwan Pradeep not out 1 1 0 0 100.00
Imran Tahir b Jayden Seales 0 3 0 0 0.00


Extras 6 (b 0 , lb 4 , nb 0, w 2, pen 0)
Total 110/10 (19.3 Overs, RR: 5.64)
Fall of Wickets 1-14 (1.4) Niroshan Dickwella, 2-26 (3.5) Lahiru Udara, 3-26 (4.1) Phil Salt, 4-58 (9.3) Dasun Shanaka, 5-58 (9.6) Najibullah Zadran, 6-71 (13.1) Nuwanidu Fernando, 7-84 (16.1) Chamika Karunaratne, 8-109 (18.4) Ramesh Mendis, 9-109 (18.5) Marchant De Lange, 10-110 (19.3) Imran Tahir,

Bowling O M R W Econ
Mahesh Theekshana 4 1 22 3 5.50
Suranga Lakmal 4 0 28 2 7.00
Wanindu Hasaranga 4 0 16 3 4.00
Jayden Seales 3.3 0 23 2 6.97
Chathuranga de Sliva 4 0 17 0 4.25


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Nuwan Pradeep b Imran Tahir 3 8 0 0 37.50
Avishka Fernando c & b Nuwan Pradeep 33 27 1 3 122.22
Tom Kohler-Cadmore not out 45 30 5 2 150.00
Shoaib Malik not out 26 10 0 3 260.00


Extras 7 (b 4 , lb 0 , nb 0, w 3, pen 0)
Total 114/2 (12.3 Overs, RR: 9.12)
Fall of Wickets 1-13 (2.6) Rahmanullah Gurbaz, 2-76 (9.5) Avishka Fernando,

Bowling O M R W Econ
Imran Tahir 4 0 20 1 5.00
Marchant De Lange 2.3 0 21 0 9.13
Nuwan Pradeep 3 0 39 1 13.00
Ramesh Mendis 2 0 18 0 9.00
Chamika Karunaratne 1 0 12 0 12.00



LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<