බිනුර ප්‍රනාන්දුට LPL අහිමි වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3225

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kandy Warriors නියෝජනය කිරීමට සිටි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට එක්කර ගැනීමට කණ්ඩායම් හිමිකාරිත්වය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ බිනුර එහි දී ආබාධයකට ලක්වීමෙන් පසු තවමත් සුවය ලබා නොමැති වීම මෙයට හේතුවයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග දෙකකට සහභාගී වූ බිනුර එහි දැක්වූ දස්කම් නිසාවෙන් 2021 අබුඩාබි T10 තරගාවලියට ද තෝරා ගත් නමුත් ආබාධය නිසාවෙන් එයට ද සහභාගී වීමට ඔහුට හැකි වුනේ නැහැ.

බිනුරගේ හිස්තැන සඳහා එක්කර ගත් කසුන් රාජිත ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන නමුත් මෙවර ක්‍රීඩකයන් කාණ්ඩගත කිරීමේ දී කිසිදු කණ්ඩායමක් ඔහුව තෝරා ගත්තේ නැහැ.

නමුත් බිනුරගේ ආබාධය නිසා ඔහුට මෙවර තරගාවලිය නියෝජනය කිරීමේ වරම් හිමිව ඇති අතර ඔහු මේ වන විට කණ්ඩායම් සමඟ එක්වීමට ස්වයං නිරෝධායන වෙමින් සිටින බව වාර්තා වෙනවා.

Kandy Warriors මෙවර තරගාවලියේ දී සහභාගී වූ පළමු තරගය Dambulla Giants හමුවේ පරාජය වීමට සිදු වූ අතර දෙවැනි තරගය අද (07) රාත්‍රියේ Galle Gladiators සමඟ පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<