ශීත ඔලිම්පික් වර්ජනයට සැරැසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 7, 2021

ශීත ඔලිම්පික් වර්ජනයට සැරැසෙයි

චීනය මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, එරට පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කරන බව ජෝ බයිඩන් පරිපාලනය පවසා තිබේ. 

ඒ අනුව, බෙයිජීං අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන චීන ශීත ඔලිම්පික් උළෙලට ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගී නොවනු ඇති බව පැවැසෙයි. චීනය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ, චීනයේ උයුගුර් මුස්ලිම් ප්‍රජාව මුල්කොට ගනිමිනි. 

 මෙම මුස්ලිම් වැසියන් ජීවත් වන්නේ චීනයේ ෂිංජියැං පළාතේය. මෙම චීන මුස්ලිම්වරුන් චීන රජය විසින් දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බවට ද ඇමෙරිකාව චෝදනා නගයි. 

'චීනයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් යවන්නේ නැතැයි බයිඩන් පරිපාලනය තීරණය කර තිබෙනවා. චීනය උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඉතා දරුණු ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. ඊට එරෙහි වීමක් ලෙස බයිඩන් පරිපාලනය මෙම තීරණය ගත්තා' යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom