ගලීනාගේ රන් ත්‍රිත්වයත් සමඟ ශ්‍රී ලංකාවට පදක්කම් 12ක්

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල 2021

297

දෙසැම්බර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා බහරේන් හීදී ක්‍රියාත්මක වුන “ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල” නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 12ක් දිනා දෙන්නට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දෙමින් තරගාවලියේ තෙවැනි රන් පදක්කම දිනා ගැනීමට ගලීනා බස්නායකට හැකි වුනේ කාන්තා මීටර් 50 නිදහස් ආර ඉසව්ව ජයග්‍රහණය කරමිනුයි.

S1-10 කාණ්ඩය යටතේ තරග වැදුණු ගලීනා මෙවර තරගාවලියේ දිනා ගත් සිව්වැනි පදක්කම මෙය වූ අතර මීට පෙර ඇය විසින් කාන්තා මීටර් 100 නිදහස් ආර, කාන්තා මීටර් 400 ඉසව්වල රන් පදක්කම් සහ කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට හැකි වුනා.

ගලීනාට අමතරව මෙම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට මොහොමඩ් සෆ්රාන් සමත් වූ අතර ඔහු F42-47 කාණ්ඩයේ 17න් පහළ දුර පැනීම රන් පදක්කම සහ එම කාණ්ඩයේම මීටර් 100 රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුනා.

නිමා වූ ආසියානු යොවුන් පැරා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම්,

ක්‍රීඩකයා /ක්‍රීඩිකාව  කාණ්ඩය  ඉසව්ව  දක්ෂතාවය ස්ථානය/පදක්කම
ගලීනා බස්නායක S1-10 100m නිදහස් ආර මිනි. 1:12:09 රන් පදක්කම
S1-10 50m නිදහස් ආර රන් පදක්කම
S1-10 400m නිදහස් ආර මිනි. 5:25.27 රන් පදක්කම
S1-10 100m සමනල ආර මිනි. 1:32.86 රිදී පදක්කම
මුහම්මදු සෆ්රාන් F42-47 දුර පැනීම මීටර් 5.60 රන් පදක්කම
F42-47 100m රිදී පදක්කම
ජේසන් ජයවර්ධන F40 යගුලිය දැමීම මීටර් 6.64 රිදී පදක්කම
F40-41 කවපෙත්ත විසිකිරීම රිදී පදක්කම
නවීඩ් රහීම් S6-10 400m මිනි. 5:25.27 ලෝකඩ පදක්කම
ජනනි වික්‍රමසිංහ T47 200m තත් 29.36 ලෝකඩ පදක්කම
T42-47 දුර පැනීම මීටර් 4.38 ලෝකඩ පදක්කම
T42-47 100m ලෝකඩ පදක්කම

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<