ඔමික්‍රෝන් ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 3, 2021

ඔමික්‍රෝන් ඇවිල්ලා

ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන "ඔමික්‍රෝන්" නමැති නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් ප්‍රථම වරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දී තිබේ. 

මෙම ආසාදිතයා දැනටමත් නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයන් හඳුනා ගනිමින් ඔවුන්ද පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කර ඇත.

 විදේශයන්හි සිට පැමිණී පුද්ගලයන් රැසකගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් පසුගිය සතිය පුරා විශේෂ පරීක්ෂණවලට (ජාන අනුක්‍රමණ) යොමු කරනු ලැබීය. එක සාම්පලයක තිබී මෙම නව ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය හමුවී ඇත්තේ ඇත්තේ එම පරීක්ෂණයේදීය.

Classified_Ad

Classified_Ad_News_Bottom