'ඔමික්‍රෝන්' ඇමෙරිකාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 2, 2021

'ඔමික්‍රෝන්' ඇමෙරිකාවට

'කොවිඩ් 19 ඔමික්‍රොන්' විකෘති වයිරසය, ආසාදනය වූ ආසාදිතයකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවුණු බව එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිවේදනය කර තිබේ. 

 මෙම ආසාදිතයා හමුවී ඇත්තේ කැලිෆෝනියාවෙනි. මොහු පසුගිය 22 වැනිදා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයකු බව වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මෙම තැනැත්තා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ පසුගිය 29 වැනිදාය. ආසාදිතයාගේ සමීපතමයන් කඩිනමින් නිරෝධායනය කර ඔවුන් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 

කෙසේ නමුත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු විය. තවමත් ලොව වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. 'ඔමික්‍රොන්' වයිරස හේතුවෙන් යළිත් වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එය ඉතා දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩක් පවතින බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ. 

'ඔමික්‍රොන්' වයිරස සම්බන්ධයෙන් තවමත් හරිහැටි තොරතුරු නොදන්නා බැවින් ඒ ගැන කලබලවීමට බෝ බියවීමට හෝ අවශ්‍ය නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගත් 'ඔමික්‍රොන්' විකෘතිය ඉතාමත් බිහිසුණු, වේගයෙන් ව්‍යාප්තවන, එන්නත්වලට පවා ප්‍රතිරෝධය දක්වනවා යැයි පැවැසෙන්නේ, 'ඔමික්‍රොන්' විකෘතිය නිර්මාණය වී ඇති වයිරස විකෘති අනුවය.

'ඔමික්‍රොන්' විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට තව දින කීපයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගින් දිගටම පවසා ඇත්තේ 'ඔමික්‍රොන්' සම්බන්ධයෙන් දැන්ම අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීම නොකළ යුතු බවය. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom