ඒඩ්ස් පැරදූ තවත් කතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 2, 2021

ඒඩ්ස් පැරදූ තවත් කතක්

ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරන්නේ එච්.අයි.වී. (HIV) නමැති වයිරසයයි. සිංහලෙන් මෙය හැඳින්වෙන්නේ 'මානව ප්‍රතිශක්ති ඌණකාරක වයිරසය' යනුවෙනි. එච්.අයි.වී. ආසාදනය වු පසු ඔහුගේ හෝ ඇයගේ සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ වෙයි. 

සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් පවා මාරක වන්නේ ඒ නිසාය. එච්.අයි.වී. වයිරසයට ප්‍රතිකර්මයක් හෝ ඖෂධ හෝ සොයාගෙන නැත. එසේ වුවත් ප්‍රතිශක්තිය හීන වුණු රෝගීන් සඳහා විවිධාකාරයේ ඖෂධ ලබා දීමක් සිදුවෙයි. ඒ, ඔවුන් අසාධ්‍ය තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීමටය. 

 පසුගිය දා කිසිදු ප්‍රතිකර්මයක් නොමැතිව සිරුර විසින්ම එච්.අයි.වී. වයිරසය විනාශ කර තැබූ රෝගියකු ගැන වාර්තා විය. මෙම රෝගියා තරුණියකි. 2013 වසරේ සිට වසර 8 ක් ඒඩ්ස් රෝගියකු ව සිටි ආජන්ටිනාවේ එස්පෙරෙන්සා නුවර 30 හැවිරිදි මෙම තරුණියගේ සිරුරේ දැන් එච්.අයි.වී වයිරසය නැති බව වෛද්‍යවරු පවසති. 

මෙවැනි සිදුවීමක් වාර්තා වුණු දෙවැනි අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මීට පෙර 2020 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා කාන්තාවක් එච්.අයි.වී. පරාජය කළාය. වසර 27 ක් ඇගේ සිරුරේ වයිරසය පැවැතිණි. ඇය ලොරීන් විනෙන්බර්ග් නමැත්තියයි. ආජන්ටිනා තරුණියගේ අනන්‍යතාව හෙළි කර නැත. ඇගේ වෛද්‍යවරුන් ඇය සම්බන්ධ පුවත වාර්තා කළේ ඇය 'එස්පෙරෙන්සා රෝගියා' යනුවෙන් හඳුන්වා දෙමිනි.‍

ගෝලීය එච්.අයි.වී. ආසාදිතයන් අතර, එස්පෙරෙන්සා තරුණිය සහ ලොරීන් විනෙන්බර්ග් වැනි සුවිශේෂී පුද්ලයෝ සිටිති. විද්‍යාඥයන් මෙවැනි පුද්ගලයන් හඳුන්වන්නේ elite controllers යනුවෙනි. 

මෙවැනි සුවිශේෂී පුද්ගලයන් සිටින්නේ ඒඩ්ස් රෝගී ජනගහනයෙන් සියයට 1 ක් පමණි. මෙම 'සුවිශේෂී පුද්ගලයන්ට' ඔවුන්ගේ සිරුර මගින් ම වයිරසය පරාජය කිරීමට ලැබෙන හැකියාව අධ්‍යයනය කර, ඒඩ්ස් රෝගීන්ට ඖෂධ නිපදවීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. 

ලෝක ඒඩ්ස් දිනය සෑම දෙසැම්බර් පළමු වැනිදාට යෙදී තිබේ. 

෴ උපුටා ගැනීම - Live Science

Classified_Ad

Classified_Ad_News_Bottom