Home Sinhala ධනංජයගෙන් විශිෂ්ට ශතකයක්; ඇඹුල්දෙණියගෙන් ලොකු සවියක්

ධනංජයගෙන් විශිෂ්ට ශතකයක්; ඇඹුල්දෙණියගෙන් ලොකු සවියක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

792

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයක් ලෙස සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (2) ගාල්ලේ දී ක්‍රියාත්මක වුනා.

දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගෙන සිටියේ කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටිමින්.

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබාගෙන කොදෙව් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 3ක් පසුපසින් සිටියා.

දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul, Kemar Roach.

දිනය ආරම්භ කරමින් අසලංක සහ නිස්සංක පිටියට පිවිසියේ කොදෙව්වන් පීඩනයට ලක්කරමින් හොඳ සබඳතාවයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිව වන නමුත්, හොඳ විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙමින් සිටි අසලංක ලකුණු 19කට දැවී යාමත් සමඟ එම බලාපොරොත්තු සුන්ව ගියා.

ඔවුන් දෙදෙනා එක්ව පන්දු 98ක දී ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූ අතර අද දිනයේ දී ඔවුන් දෙදෙනාට තෙවැනි කඩුල්ලේ සබඳතාවය වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 27ක් පමණයි.

වමතින් දඟපන්දු යවන Permaul පිතිකරුවා තුලට යොමු වෙන පරිදි යොමු කළ පන්දුවක් සඳහා ඉදිරි පාදයේ ආරක්‍ෂිත පහරක් එල්ල කිරීමට උත්සහ කිරීමේ දී එය අසලංකගේ අත් ආවරණයේ වැදී short leg කලාපයේ පන්දු රකිමින් සිටි Bonner වෙතට උඩ පන්දුවක් ලෙස ඇදී ගියා.

පළමු සහ දෙවැනි ඉනිමේ දී අසලංක දැවී ගිය ආකාරය බොහෝ සෙයින් සමාන අතර එම පන්දු දෙකම පතිත වුනේ Full Length කලාපයේයි.

අසලංකගේ දැවී යාමට පසුව පිටියට පිවිසි ධනංජය සමඟ එකතු වූ නිස්සංක සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 163ක් තුල ලකුණු 78ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 150 සීමාව අභිබවා රැගෙන ගියේ කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 100කට වඩා වැඩි වාසියක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙමිනි.

එම සබඳතාවය නිසාවෙන් ශ්‍රී ලංකාවට යම් ස්ථාවරත්වයක් ලැබුණු අතර නිස්සංක සහ ධනංජය දෙදෙනාම ඉතාමත් හොඳ පාද චලනයකින් යුතුව පන්දුවට පහර දුන්නා.

Cover Drive පහර හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුනු නිස්සංක සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය වාර්තා කරගත්තා. එය ඔහු මේ තරගාවලිය තුල ලබා ගත් තෙවැනි අර්ධ ශතකය වුනා.

දිවා ආහාරය දක්වා ඔවුන් දෙදෙනාම කඩුලු ආරක්ෂා කරගෙන සිය සබඳතාවය රැකගෙන පන්දුවට පහර දෙමින් සිටි නමුත් දිවා ආහාරයට පෙර ක්‍රියාත්මක වුනු අවසන් පන්දුවේ දී Chase විසින් නිස්සංකව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගෙන දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ඒ දක්වා ගොඩනැංවූ හොඳම සබඳතාවයට තිත වැටුණා.

පන්දු 154ක දී වාර්තා වුනු නිස්සංකගේ ලකුණු 66 සඳහා 4 පහර 4ක් ඇතුළත් වුනා. මේ 2021 වසර තුල ටෙස්ට් තරග 6ක දී ඉනිම් 10ක් තුල මුළු ලකුණු 427ක් ලබා ගනිමින් සාර්ථක ටෙස්ට් වසරක් සඳහා නිස්සංක තිත තැබුවේ 42.70ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

මේ වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් ඔහු 2021 වසර තුල එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක් ලබා ගත් අතර එම සියල්ලම ලබා ගත්තේ කොදෙව් කණ්ඩායමට එරෙහිව වීම සුවිශේෂී වෙනවා.

දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු සටහනට තවත් ලකුණු 6ක් එකතු වූ පසුබිමක කඩුලු රකින පිතිකරු චන්දිමාල්ගේ කඩුල්ල ද දවා ගැනීමට Chase සමත් වුනේ ඔහු වෙතම පැමිණි උඩ පන්දුව ඉතාමත් පහසුවෙන් රැකගෙනයි.

කොදෙව් පළමු ඉනිමේ කඩුලු 6ක් දවාගෙන පන්දුවෙන් දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් වෙනදාට වඩා පිතිකරණ ලැයිස්තුවේ පියවරක් ඉදිරියෙන් පැමිණි අතර ඔහු ධනංජය සමඟ එකතු වී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111ක් තුල අගනා සහ වටිනා ලකුණු 51ක සබඳතාවයක් ගොඩනැංවූවා.

කොදෙව්වන්ගේ අතිරේක දඟපන්දු යවන්නෙක් ලෙස නායක Brathwaite ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරය තුලම ලකුණු 25ක් ලබාගෙන සිටි රමේෂ් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් Roach වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

එවැනි පසුබිමක් තිබිය දී ධනංජය ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව අභියෝගයක් ලබා දිය හැකි මට්ටමේ ලකුණු ප්‍රමාණයක් වෙත ශ්‍රී ලංකා ලකුණු සටහන රැගෙන යන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රී ලංකාව දිනයේ දෙවැනි සැසිය තුල පන්දුවාර 32ක් සඳහා මුහුණ දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා ගත් අතර ලක්මාල් සහ මැතිව්ස්ගේ කඩුලු දෙකම ශ්‍රී ලංකාවට අහිමිව ගියේ නව පන්දුව ලබා ගැනීමෙන් පසුවයි. කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ දෙවැනි නව පන්දුව ලබා ගත්තේ පන්දුවාර 81කුත් පන්දු 3ක් අවසානයේ දීයි.

9 වැනි කඩුල්ල සඳහා ධනංජය සමඟ එක්වූ ඇඹුල්දෙණිය වාර්තා කිහිපයක්ම අලුත් කරමින් සුපිරි සබඳතාවයක් ගොඩනැංවූයේ කොදෙව්වන්ට දැඩි පීඩනයක් එල්ල කරමින්. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 9 වැනි කඩුල්ල සඳහා දැනට වාර්තා වී තිබෙන හොඳම සබඳතාවය මෙය වන අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගාල්ලේ දී දැනට ගොඩනැංවී තිබෙන හොඳම සබඳතාවය ද මෙයයි.

දිනය නිමා වන විට සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත් ධනංජය පන්දු 259ක් තුල 4 පහර 11ක් සහ එක් 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 153*ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කොඳු නාරටිය බවට පත්වෙමින්.

ඔහු සිය ටෙස්ට් ශතක 8 විවිධ රටවල් 7කට එල්ල කර තිබීම සුවිශේෂී වෙනවා. ධනංජය වෙත හොඳ සහයක් ලබා දුන් ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25*ක් ලබාගෙන සිටින්නේ පන්දු 110ක් සඳහා මුහුණ දෙමිනි.

මේ ටෙස්ට් තරගයේ අවසන් සහ තීරණාත්මක දිනය හෙට (3) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


West Indies
253/10 (104.2) & 132/10 (56.1)

Sri Lanka
204/10 (61.3) & 345/9 (121.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Veerasammy Permaul 73 148 0 0 49.32
Dimuth Karunaratne c & b Roston Chase 42 90 0 0 46.67
Oshada Fernando c Joshua Da Silva b Jomel Warrican 18 27 0 0 66.67
Angelo Mathews b Jomel Warrican 29 45 0 0 64.44
Dhananjaya de Silva c Joshua Da Silva b Veerasammy Permaul 2 2 0 0 100.00
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 10 15 0 0 66.67
Dinesh Chandimal lbw b Jomel Warrican 2 8 0 0 25.00
Ramesh Mendis c Shai Hope b Jomel Warrican 5 9 0 0 55.56
Suranga Lakmal c Jomel Warrican b Veerasammy Permaul 12 20 0 0 60.00
Lasith Embuldeniya b Veerasammy Permaul 1 7 0 0 14.29
Praveen Jayawickrama not out 0 1 0 0 0.00


Extras 10 (b 0 , lb 7 , nb 3, w 0, pen 0)
Total 204/10 (61.3 Overs, RR: 3.32)
Bowling O M R W Econ
Kemar Roach 6 2 12 0 2.00
Jason Holder 8 2 23 0 2.88
Kyle Mayers 2 0 13 0 6.50
Veerasammy Permaul 13 3 35 5 2.69
Roston Chase 14 0 64 1 4.57
Jomel Warrican 18.3 5 50 4 2.73
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Lasith Embuldeniya 72 185 0 0 38.92
Jermaine Blackwood lbw b Praveen Jayawickrama 44 99 0 0 44.44
Nkrumah Bonner lbw b Ramesh Mendis 35 95 0 0 36.84
Shai Hope lbw b Ramesh Mendis 22 89 0 0 24.72
Roston Chase c Pathum Nissanka b Ramesh Mendis 10 33 0 0 30.30
Kyle Mayers not out 36 58 0 0 62.07
Jason Holder lbw b Ramesh Mendis 4 10 0 0 40.00
Joshua Da Silva b Ramesh Mendis 0 1 0 0 0.00
Kemar Roach c Dhananjaya de Silva b Praveen Jayawickrama 8 9 0 0 88.89
Veerasammy Permaul b Lasith Embuldeniya 15 38 0 0 39.47
Jomel Warrican c Chamika Karunaratne b Ramesh Mendis 1 7 0 0 14.29


Extras 6 (b 0 , lb 0 , nb 6, w 0, pen 0)
Total 253/10 (104.2 Overs, RR: 2.42)
Bowling O M R W Econ
Suranga Lakmal 9 3 22 0 2.44
Lasith Embuldeniya 35 13 94 2 2.69
Ramesh Mendis 34.2 8 70 6 2.05
Praveen Jayawickrama 25 4 59 2 2.36
Dhananjaya de Silva 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne run out () 6 10 0 0 60.00
Pathum Nissanka lbw b Roston Chase 66 154 0 0 42.86
Oshada Fernando run out () 14 41 0 0 34.15
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 19 55 0 0 34.55
Dhananjaya de Silva not out 155 262 0 0 59.16
Dinesh Chandimal c & b Roston Chase 2 12 0 0 16.67
Ramesh Mendis c Kemar Roach b Kraig Brathwaite 25 58 0 0 43.10
Suranga Lakmal lbw b Veerasammy Permaul 7 11 0 0 63.64
Angelo Mathews c Jermaine Blackwood b Veerasammy Permaul 1 5 0 0 20.00
Lasith Embuldeniya b Jason Holder 39 124 0 0 31.45


Extras 11 (b 4 , lb 4 , nb 2, w 1, pen 0)
Total 345/9 (121.4 Overs, RR: 2.84)
Bowling O M R W Econ
Veerasammy Permaul 40 4 106 3 2.65
Roston Chase 27 2 82 2 3.04
Jomel Warrican 29 5 76 0 2.62
Kemar Roach 8 0 27 0 3.38
Jason Holder 9.4 1 26 0 2.77
Kraig Brathwaite 5 0 11 1 2.20
Nkrumah Bonner 3 1 9 0 3.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 6 21 0 0 28.57
Jermaine Blackwood c Dhananjaya de Silva b Lasith Embuldeniya 36 92 0 0 39.13
Nkrumah Bonner b Lasith Embuldeniya 44 143 0 0 30.77
Shai Hope c Suranga Lakmal b Ramesh Mendis 16 24 0 0 66.67
Roston Chase c Avishka Fernando b Ramesh Mendis 0 1 0 0 0.00
Kyle Mayers c Dhananjaya de Silva b Ramesh Mendis 0 4 0 0 0.00
Jason Holder c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 12 0 0 25.00
Joshua Da Silva not out 4 15 0 0 26.67
Kemar Roach lbw b Lasith Embuldeniya 13 17 0 0 76.47
Veerasammy Permaul lbw b Ramesh Mendis 1 5 0 0 20.00
Jomel Warrican c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 3 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 132/10 (56.1 Overs, RR: 2.35)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20.1 6 35 5 1.74
Ramesh Mendis 25 6 66 5 2.64
Praveen Jayawickrama 10 3 23 0 2.30
Charith Asalanka 1 0 2 0 2.00