සිරිපා කරුණා කරන්න එන්නත් කාඩ් ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 1, 2021

සිරිපා කරුණා කරන්න එන්නත් කාඩ් ඕනෑ

නව වසරේ ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ,රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ. 

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදිය නාහිමියෝ මේ බව පැවැසූහ.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කළ ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කරමින් ශ්‍රි පාදය කරුණා කිරිමට බැතිමතුන්ට අවස්තාව ලබා දෙන බවය. 

ඒ අනුව ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමේදි කොවිඩ් 19 වයිරසය සදහා එන්නත්කරණ ලද කාඩ්පතද රැගෙන ඒම තුළින් කිසිදු බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට ඉඩ සැලසෙනු ඇත.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසර දෙකක් තිස්සේ මෙරටට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව නොලැබුණි. 

මෙවර ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්විමේදි ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබු අතර ශ්‍රි පාද වන්දනාවේ පැමිණිම්දි ශ්‍රි පාද පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

෴  රංජිත් රාජපක්ෂ
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom