විශ්‍රාමික ගුරු යුවළ කළ සුපිරි පරිත්‍යාගය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 1, 2021

විශ්‍රාමික ගුරු යුවළ කළ සුපිරි පරිත්‍යාගය

විශ්‍රාම ගිය ගුරු යුවළක් විසින් තම විශ්‍රාම වැටුප කැපකර පාසලක් සඳහා අංගසම්පූර්ණ වීද්‍යාගාරයක් පරිත්‍යාග කළ පුවතක් ඇළහැර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස තම විශ්‍රාම වැටුප පරිත්‍යාග කර ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සේවය අවසන් කර විශ්‍රාම ගිය විද්‍යා ආචාර්ය තිලක් ගමගේ මහතා සහ සෝමලතා ගමගේ මහත්මිය විසිනි. 

විශ්‍රාම ගිය මෙම ගුරු යුවළ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. තිලක් ගමගේ මහතා ගම්පහ ප්‍රදේශයේ දූ දරුවන්ගේ ආදරණීය විද්‍යා ගුරුවරයකු විය.

විද්‍යාගාරයක් සහ එයට අවශ්‍ය කරන සියලු භාණ්ඩ සහිතව ඔවුන් මෙලෙස පරිත්‍යාගය සිදුකර ඇත්තේ ඇළහැර බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයටයි. 
මීට කලකට පෙර විද්‍යා ආචාර්ය තිලක් ගමගේ මහතා එම පාසලේ සේවයේ නිරතව සිට එම විද්‍යාලයෙන් සමුගන්නා දිනයේ තමන් කෙදිනක හෝ මෙලෙස විද්‍යාගාරයක් පරිත්‍යාග කරන බවට සිතූ බව අප සමඟ පැවසීය. 

ඒ අනුව මැදිරිගිරිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම අංගසම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකර එයට අවශ්‍ය උපකරණ සපයා මෙම විද්‍යාගාරය නිමකළ බව තිලක් ගමගේ මහතා පැහැදිලි කරයි. මෙම විද්‍යාගාරය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ආදි සිසුවියෝ ද එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom