නොදුටු ලොව

Share

සිහින් සුළඟක දැවටී

හමා එන මල් සුවඳ 

දෑත් අතරට මැදි වූ

මල් පෙත්තක පහස

 

හැකි වුවත් විඳිනට

මලේ හැඩරුව කුමට

දකින්නට පින් මඳ 

මා දෙනෙත් අභියස

 

අඳුරු සීතල රැයට

සඳ මඬල එළිය දුන්නාට

අමාවක රෑනඳුරට 

තාරකා අහසෙ දිලුනාට

 

සඳ තරුත් කුමට ද

නොහැකි නම් එළිය කරනට

ඝනඳුර ම රජ කරන 

දුක්බර ම මගෙ ලොවට    

 

            

Written By: Chamudi Senevirathna

Image Link: https://bit.ly/31dnB9Z

 

 
Tagged : / /