Home Sinhala දිමුත්ට ලෝක වාර්තාව මඟ හැරෙයි; නිස්සංකගෙන් අර්ධ ශතකයක්

දිමුත්ට ලෝක වාර්තාව මඟ හැරෙයි; නිස්සංකගෙන් අර්ධ ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2271

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනයේ නිමා වන විට කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටියා.

උදෑසන සිට ඇදහැලුණු වර්ෂාව නිසා පළමු දිනයේ තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3ටයි. ඒ අනුව පළමු දිනයේ දිවා ආහාරය සහ තේ පානය නිමා කොට සවස 3 සිට 6 දක්වා පන්දුවාර 45ක ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන් සැලසුම් කළා. නමුත් අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දමන විට ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 34කුත් පන්දු 4ක් පමණයි.

පළමු තරගයේ දී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු කරමින් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට චරිත් අසලංක කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට දායාද වූ 157 වැනි ක්‍රීඩකයා බවට පත්වූ 24 හැවිරිදි චරිත් අසලංක සිය උපන් ගම් පෙදෙසේ දී ම ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුනා.

කොදෙව් කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් Veerasammy Permaul සහ Kemar Roch කණ්ඩායමට කැඳවා තිබෙන්නේ Shannon Gabriel සහ Rahkeem Cornwall වෙනුවටයි. වමතින් දඟපන්දු යවන 32 හැවිරිදි Permaul 2015ට පසුව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

දෙවැනි තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul, Kemar Roach.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු ඉනිම සඳහා හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර දෙමින් ලකුණු 106ක අගනා සබඳතාවයක් ගොඩනැංවූවා.

එය ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් නොකඩවා ගොඩනැංවූ 5 වැනි ශතක සබඳතාවය ද වුනා. පළමු ටෙස්ට් තරගයේ දී ද ඔවුන් දෙදෙනා ලකුණු 139ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ නොකඩවා වැඩිම අර්ධ ශතක ලබා ගත් පිතිකරුවන්ගේ වාර්තාව සමකිරීම වෙනුවෙන් තවත් එක් අර්ධ ශතකයක් පසුපසින් සිටි දිමුත් ලකුණු 42කට දැවී යාම නිසා ඔහුගේ එම ලෝක වාර්තාව බිඳ වැටුණේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල ද සමඟයි. පළමු ටෙස්ට් තරගයේ දී දියත් වුනු ඉනිමට වඩා තරමක මන්දගාමී වුනු දිමුත්ගේ මේ ඉනිමට 4 පහර 6ක් ඇතුළත් වුනා.

ඉතාමත් ඉවසීමෙන් යුතුව පහර දුන් පැතුම් නිස්සංක සිය කෙටි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ලබා ගත් තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කරගත්තා. දිනයේ නිමාව සටහන් වන විට ඔහු නොදැවී ලකුණු 61*ක් ලබාගෙන සිටියේ 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමිනි.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 2*යි. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන Chase ලකුණු 33කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

මේ තරගයේ දී ද නැවත වරක් කොදෙව් කණ්ඩායම ඔවුන්ට ලැබී තිබෙන විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවන් (DRS) අපතේ යවා ගැනීම කැපී පෙනුණා.

සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වෙනවා. දෙරට අතර පසුගිය දා පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 187කින් ජය ගත් ශ්‍රී ලංකාව දැනට 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රාසාද ලකුණු සටහනේ ද පෙරමුණ දිනාගෙනයි.

තරගයේ දෙවැනි දිනය හෙට (30) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න, ThePapare.com සමඟම.


Result


West Indies
253/10 (104.2) & 132/10 (56.1)

Sri Lanka
204/10 (61.3) & 345/9 (121.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Veerasammy Permaul 73 148 0 0 49.32
Dimuth Karunaratne c & b Roston Chase 42 90 0 0 46.67
Oshada Fernando c Joshua Da Silva b Jomel Warrican 18 27 0 0 66.67
Angelo Mathews b Jomel Warrican 29 45 0 0 64.44
Dhananjaya de Silva c Joshua Da Silva b Veerasammy Permaul 2 2 0 0 100.00
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 10 15 0 0 66.67
Dinesh Chandimal lbw b Jomel Warrican 2 8 0 0 25.00
Ramesh Mendis c Shai Hope b Jomel Warrican 5 9 0 0 55.56
Suranga Lakmal c Jomel Warrican b Veerasammy Permaul 12 20 0 0 60.00
Lasith Embuldeniya b Veerasammy Permaul 1 7 0 0 14.29
Praveen Jayawickrama not out 0 1 0 0 0.00


Extras 10 (b 0 , lb 7 , nb 3, w 0, pen 0)
Total 204/10 (61.3 Overs, RR: 3.32)
Bowling O M R W Econ
Kemar Roach 6 2 12 0 2.00
Jason Holder 8 2 23 0 2.88
Kyle Mayers 2 0 13 0 6.50
Veerasammy Permaul 13 3 35 5 2.69
Roston Chase 14 0 64 1 4.57
Jomel Warrican 18.3 5 50 4 2.73
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Lasith Embuldeniya 72 185 0 0 38.92
Jermaine Blackwood lbw b Praveen Jayawickrama 44 99 0 0 44.44
Nkrumah Bonner lbw b Ramesh Mendis 35 95 0 0 36.84
Shai Hope lbw b Ramesh Mendis 22 89 0 0 24.72
Roston Chase c Pathum Nissanka b Ramesh Mendis 10 33 0 0 30.30
Kyle Mayers not out 36 58 0 0 62.07
Jason Holder lbw b Ramesh Mendis 4 10 0 0 40.00
Joshua Da Silva b Ramesh Mendis 0 1 0 0 0.00
Kemar Roach c Dhananjaya de Silva b Praveen Jayawickrama 8 9 0 0 88.89
Veerasammy Permaul b Lasith Embuldeniya 15 38 0 0 39.47
Jomel Warrican c Chamika Karunaratne b Ramesh Mendis 1 7 0 0 14.29


Extras 6 (b 0 , lb 0 , nb 6, w 0, pen 0)
Total 253/10 (104.2 Overs, RR: 2.42)
Bowling O M R W Econ
Suranga Lakmal 9 3 22 0 2.44
Lasith Embuldeniya 35 13 94 2 2.69
Ramesh Mendis 34.2 8 70 6 2.05
Praveen Jayawickrama 25 4 59 2 2.36
Dhananjaya de Silva 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne run out () 6 10 0 0 60.00
Pathum Nissanka lbw b Roston Chase 66 154 0 0 42.86
Oshada Fernando run out () 14 41 0 0 34.15
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 19 55 0 0 34.55
Dhananjaya de Silva not out 155 262 0 0 59.16
Dinesh Chandimal c & b Roston Chase 2 12 0 0 16.67
Ramesh Mendis c Kemar Roach b Kraig Brathwaite 25 58 0 0 43.10
Suranga Lakmal lbw b Veerasammy Permaul 7 11 0 0 63.64
Angelo Mathews c Jermaine Blackwood b Veerasammy Permaul 1 5 0 0 20.00
Lasith Embuldeniya b Jason Holder 39 124 0 0 31.45


Extras 11 (b 4 , lb 4 , nb 2, w 1, pen 0)
Total 345/9 (121.4 Overs, RR: 2.84)
Bowling O M R W Econ
Veerasammy Permaul 40 4 106 3 2.65
Roston Chase 27 2 82 2 3.04
Jomel Warrican 29 5 76 0 2.62
Kemar Roach 8 0 27 0 3.38
Jason Holder 9.4 1 26 0 2.77
Kraig Brathwaite 5 0 11 1 2.20
Nkrumah Bonner 3 1 9 0 3.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 6 21 0 0 28.57
Jermaine Blackwood c Dhananjaya de Silva b Lasith Embuldeniya 36 92 0 0 39.13
Nkrumah Bonner b Lasith Embuldeniya 44 143 0 0 30.77
Shai Hope c Suranga Lakmal b Ramesh Mendis 16 24 0 0 66.67
Roston Chase c Avishka Fernando b Ramesh Mendis 0 1 0 0 0.00
Kyle Mayers c Dhananjaya de Silva b Ramesh Mendis 0 4 0 0 0.00
Jason Holder c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 12 0 0 25.00
Joshua Da Silva not out 4 15 0 0 26.67
Kemar Roach lbw b Lasith Embuldeniya 13 17 0 0 76.47
Veerasammy Permaul lbw b Ramesh Mendis 1 5 0 0 20.00
Jomel Warrican c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 3 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 132/10 (56.1 Overs, RR: 2.35)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20.1 6 35 5 1.74
Ramesh Mendis 25 6 66 5 2.64
Praveen Jayawickrama 10 3 23 0 2.30
Charith Asalanka 1 0 2 0 2.00



 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<