Home Sinhala ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ පාලනය අතට ගනිති

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ පාලනය අතට ගනිති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1043

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (24) ගාල්ලේ දී නිමා වුනා.

දිනයේ නිමාව සටහන් වන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවනවා. කොදෙව්වන්ට තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 296ක් ලබා ගත යුතුව තිබෙන නමුත්, ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා දවා ගත යුතුව තිබෙන්නේ තවත් කඩුලු 4ක් පමණයි.

තෙවැනි දිනයේ පන්දුවාර 52කුත්, සිව්වැනි දිනයේ ආරම්භයේ පන්දුවාර 7කුත් ඇතුළුව සමස්ත පන්දුවාර 59ක අහිමිව යාමකට පසුව තරගය ආරම්භ වූයේ උදෑසන 10.45ටයි.

දිනය ආරම්භ වී පන්දු 35කට පසුව කොදෙව්වන්ගේ අවසන් කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුනේ, ලකුණු දෙකක් ලබා සිටි Gabrielගේ කඩුල්ල දවාගෙනයි. ජයවික්‍රම යොමු කළ යෝකර් පන්දුවක් Gabriel සපත්තුවේ ඉදිරිපස වැදීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව ඔහු දැවී ගියේ කොදෙව් පළමු ඉනිමේ නිමාව සටහන් කරමිනි.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Shannon Gabriel

ලකුණු 156ක පළමු ඉනිමේ වාසියක් ඇතිව දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට එරෙහිව පළමු පන්දුවාර 15න් 14 දීම දඟපන්දු යවන්නන් භාවිතා කිරීමට කොදෙව්වන් තීරණය කළා. එහි දී ඔවුන් පැතුම් සහ ඕෂදගේ කඩුලු දවා ගැනීමට සමත් වුනු අතර ලකුණු 3ක් ලබාගෙන සිටි පැතුම් දැවී ගියේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් ද ලබාගෙනයි.

වමතින් දඟපන්දු යවන Warrican පිතිකරුවාගෙන් ඉවතට පන්දු කිහිපයක් යොමු කොට එක් වරම පිතිකරුවා වෙතට Arm පන්දුවක් යොමු කළ අතර එහි දී ලකුණු 14ක් ලබාගෙන සිටි ඕෂද කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව පිටියෙන් ඉවත්ව ගියා.

එසේම ලකුණු 34ක් ලබාගෙන සිටිය දී දිමුත්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ලකුණු 348ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් කටයුතු කළා.

තණතීරුවෙන් ලැබෙන සහය සහ ශ්‍රී ලංකා තරුණ දඟපන්දු යවන්නන්ගේ දස්කම්වල එකතුවේ ප්‍රතිඵලයක් ලෙස කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 18ක් තුල බිඳ දැමීමට හැකියාවක් ලැබුණා.

හොඳ ස්ථානවල පන්දු පතිතය සහ තණතීරුවෙන් ලැබෙන සහායට අමතරව නගර අන්තයෙන් සහ කොටුව අන්තයෙන් වමත් දඟපන්දු යවන්නෙක් සහ දකුණත් පිට දඟපන්දු යවන්නෙක් භාවිතා කරමින් කොදෙව් ඉනිම ආරම්භයේ සිටම ඔවුන්ට දැඩි පීඩනයක් ගොඩනැංවෙන පරිදි පන්දු යැවීම කොදෙව්වන්ගේ කඩුලු බිඳ වැටීමට හේතු වුනා.

Da Silva සහ Bonner 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 34*ක නොබිදුනු සබඳතාවය නිසා ලකුණු 18කට කඩුලු 6ක් දැවී තිබුණු කොදෙව් ඉනිම යම් ස්ථාවර මට්ටමකට පැමිණියා. සවස 4.50ට අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගයේ සිව්වැනි දිනය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගන්නා විට, ඇඹුල්දෙණිය කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය හෙට (25) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි. කෙසේ නමුත් තරගයේ පළමු සැසිය තුල හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි නමුත්, තරගයේ සවස් භාගයේ දී එතරම් විශ්වාස කළ හැකි තත්වයක නැහැ.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.


Result


West Indies
230/10 (85.5) & 160/10 (79)

Sri Lanka
386/10 (133.5) & 191/4 (40.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahkeem Cornwall b Shannon Gabriel 56 140 7 0 40.00
Dimuth Karunaratne st Joshua Da Silva b Roston Chase 147 300 15 0 49.00
Oshada Fernando c Nkrumah Bonner b Roston Chase 3 27 0 0 11.11
Angelo Mathews c Jason Holder b Roston Chase 3 25 0 0 12.00
Dhananjaya de Silva hit-wicket b Shannon Gabriel 61 95 5 0 64.21
Dinesh Chandimal c Rahkeem Cornwall b Roston Chase 45 83 5 0 54.22
Ramesh Mendis c Joshua Da Silva b Jomel Warrican 13 49 2 0 26.53
Suranga Lakmal lbw b Jomel Warrican 11 44 2 0 25.00
Dushmantha Chameera c Kraig Brathwaite b Jomel Warrican 3 0 0 0 0.00
Lasith Embuldeniya c Jermaine Blackwood b Roston Chase 17 0 1 1 0.00
Praveen Jayawickrama not out 8 0 1 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 8, w 0, pen 0)
Total 386/10 (133.5 Overs, RR: 2.88)
Fall of Wickets 1-139 (49.1) Pathum Nissanka, 2-164 (57.3) Oshada Fernando, 3-170 (65.1) Angelo Mathews, 4-281 (94.4) Dhananjaya de Silva, 5-296 (99.5) Dimuth Karunaratne, 6-331 (112.6) Ramesh Mendis, 7-355 (124.4) Suranga Lakmal, 8-361 (127.4) Dinesh Chandimal, 9-361 (128.1) Dushmantha Chameera, 10-386 (133.5) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Shannon Gabriel 19 2 68 2 3.58
Jason Holder 19 9 24 0 1.26
Rahkeem Cornwall 27 3 91 0 3.37
Kyle Mayers 3 0 9 0 3.00
Jomel Warrican 32 5 87 3 2.72
Roston Chase 28.5 3 83 5 2.91
Jermaine Blackwood 1 0 6 0 6.00
Kraig Brathwaite 4 0 6 0 1.50
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite c Pathum Nissanka b Ramesh Mendis 41 115 7 0 35.65
Jermaine Blackwood lbw b Lasith Embuldeniya 20 44 1 1 45.45
Nkrumah Bonner c Dhananjaya de Silva b Praveen Jayawickrama 1 11 0 0 9.09
Shai Hope c Oshada Fernando b Ramesh Mendis 10 31 0 0 32.26
Roston Chase c Oshada Fernando b Ramesh Mendis 2 24 0 0 8.33
Jomel Warrican c Dinesh Chandimal b Praveen Jayawickrama 1 8 0 0 12.50
Kyle Mayers c Dimuth Karunaratne b Dhananjaya de Silva 45 62 8 0 72.58
Jason Holder c Dushmantha Chameera b Praveen Jayawickrama 36 60 3 2 60.00
Joshua Da Silva b 15 88 1 0 17.05
Rahkeem Cornwall c Ramesh Mendis b Suranga Lakmal 39 58 5 1 67.24
Shannon Gabriel lbw b Praveen Jayawickrama 2 11 0 0 18.18


Extras 18 (b 3 , lb 10 , nb 2, w 3, pen 0)
Total 230/10 (85.5 Overs, RR: 2.68)
Fall of Wickets 1-46 (20.1) Jermaine Blackwood, 2-51 (23.5) Nkrumah Bonner, 3-80 (31.6) Kraig Brathwaite, 4-83 (33.1) Shai Hope, 5-86 (36.6) Jomel Warrican, 6-100 (39.6) Roston Chase, 7-163 (57.1) Kyle Mayers, 8-175 (60.4) Jason Holder, 9-224 (79.6) Rahkeem Cornwall, 10-230 (85.5) Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 6 1 10 1 1.67
Dushmantha Chameera 8 0 14 0 1.75
Lasith Embuldeniya 32 11 67 1 2.09
Praveen Jayawickrama 19.5 6 40 4 2.05
Ramesh Mendis 17 1 75 3 4.41
Dhananjaya de Silva 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shai Hope b Rahkeem Cornwall 3 11 0 0 27.27
Dimuth Karunaratne c Jermaine Blackwood b Rahkeem Cornwall 83 103 9 0 80.58
Oshada Fernando lbw b Jomel Warrican 14 32 1 0 43.75
Angelo Mathews b 69 83 6 0 83.13
Dhananjaya de Silva c & b Jomel Warrican 1 7 0 0 14.29
Dinesh Chandimal b 10 8 0 0 125.00


Extras 11 (b 8 , lb 2 , nb 1, w 0, pen 0)
Total 191/4 (40.5 Overs, RR: 4.68)
Fall of Wickets 1-4 (2.3) Pathum Nissanka, 2-39 (11.5) Oshada Fernando, 3-162 (36.3) Dimuth Karunaratne, 4-163 (38.1) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Rahkeem Cornwall 15.5 0 60 2 3.87
Jason Holder 5 0 19 0 3.80
Roston Chase 6 1 28 0 4.67
Jomel Warrican 9 0 42 2 4.67
Shannon Gabriel 4 0 23 0 5.75
Kraig Brathwaite 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 0 14 0 0 0.00
Jermaine Blackwood c Angelo Mathews b Lasith Embuldeniya 9 18 0 0 50.00
Nkrumah Bonner not out 68 220 0 0 30.91
Shai Hope b Ramesh Mendis 3 9 0 0 33.33
Roston Chase b Lasith Embuldeniya 1 7 0 0 14.29
Kyle Mayers lbw b Ramesh Mendis 2 5 0 0 40.00
Jason Holder b Ramesh Mendis 0 1 0 0 0.00
Joshua Da Silva c Dhananjaya de Silva b Lasith Embuldeniya 54 129 0 0 41.86
Rahkeem Cornwall c Suranga Lakmal b Praveen Jayawickrama 13 46 0 0 28.26
Jomel Warrican c Avishka Fernando b Lasith Embuldeniya 1 21 0 0 4.76
Shannon Gabriel c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 6 0 0 0.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 160/10 (79 Overs, RR: 2.03)
Fall of Wickets 1-3 (3.4) Kraig Brathwaite, 2-11 (6.4) Jermaine Blackwood, 3-14 (9.1) Shai Hope, 4-15 (10.2) Roston Chase, 5-18 (11.3) Kyle Mayers, 6-18 (11.4) Jason Holder,

Bowling O M R W Econ
Lasith Embuldeniya 29 12 46 5 1.59
Ramesh Mendis 31 5 64 4 2.06
Praveen Jayawickrama 14 6 28 1 2.00
Dhananjaya de Silva 1 0 5 0 5.00
Dushmantha Chameera 4 0 12 0 3.00



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<