අවර්ණ හාදුව

Share

 

කළු ද සුදු නොබලා ම ආදරේ                කරන්න

ආදරෙ ද නොඅසා ම ආදරේ                 බෙදන්න

නොලැබුණත් හැමදාම උණුහුමේ           නිදන්න

උන් ආස අපෙ සුවඳ, සෙරෙප්පුව හරි    ඉඹින්න

 

යන එනා ගමන් පොඩි තට්ටුවක්            දමන්න

කදුළු ගඟ සි‌ඳ‌ෙනකන් වැළඳගෙන       හඬන්න

අනංගයා ළඟ නැතත් හී අපිට               විදින්න

ඇස් දෙකේ ලියලා ඇති ආදරේ           පිරෙන්න

 

අයනු ආයනු නොදැන හඳට උඩු          බිරුවාට

බිරුම් විතරක් මුව අගින් පිට            කෙරුවාට

විටෙක ආඩම්බරෙන් ළඟ දැවටි           හිටියාට

ආදරේ අඩු වුණිද අපි ආලෙ              නොකළාට

 

උන් ආලෙ පුද කරන අපූරුව                 බලන්න

අපෙ හිතට ඒ තරම් සවියක්              කොයින්ද

හැකි වුණ‌ොත් තෑග්ගක් ලෙස ආලෙ     පුදන්න

ආපිටට හාදුවක් වත් එපා                     පතන්න

 

Written by: Ishini Seneviratne

Image link: https://rb.gy/o15oli

 

 
Tagged : / / /