පමා වූ පුර හඳ

Share

අදත් පසළොස්වක දවසක්. අහස එළිය වෙයි පුර හඳ  පායන නිසා. ඒත් තාමත් අහස අඳුරුයි.

බලාහිඳීම්  ගොන්නකට පසු

මඟහැරීම්  බොහෝමයක් මැද

හිත් අහස  වසාලු  ඒ මහා කළුවර

පළවා හැර රැගෙන එන්නට

ආලෝකය හිත පුරාවට 

 

ඉඳහිට එබුණු එළි අතර 

පාර වැරදුණු කණාමැදිරි එළි

තිබුණා අමතක නැත 

 

ඒ අතරමඟ දැල්වූ පහන් ද

සුළඟින් නිවී යන කල

සුළඟින් ම දැල්වෙන හුළු අතුත්

දැල්වී අවසන අඟුරු විය 

 

නිමක් නැති ඝන අඳුර  

තවමත්  හිත වෙළාගෙන 

පමා ඇයි  පුර හඳ අද

රිදුම් දෙන හිත් අහසට

 

 

Written By: Vishmina Obeysekara

Featured Image: https://bit.ly/3BD2MkG

 

 
Tagged : / / /