Tuesday, March 17, 2015

පිනාගේ වැලන්ටයින් තෑගි...




මතක විදියට ඒ අවුරුදු 2ට විතර කලින්...මොකක්හරි වැඩකට රූපේ පිනා එක්ක ඉස්කෝලේට ගියේ...හිතුවට වඩා කලින් ඒ වැඩේ කරගන්ඩ පුළුවන් වුනා...ගේට්ටුවෙන් එලියට ආව පිනා අහපි,
"අඩෝ පොඩි ගමනක් යමු?
>යමු....කොහෙද?
නංගි හම්බුවෙලා එමු... මගේ තෑග්ග ගන්ඩ ඔනේ.. 
>මොන තෑග්ගද? 
වැලන්ටයින් එක...යමු? 
>කන්ඩ අරන් දියන්.. 
අරන් දෙන්නම් යමන්..."

පිනා කියන්නේ රූපේගේ බොක්ක...A/L පන්තියේ ඉදන් අද වෙනකම් හැම ගොන් වැඩක්ම එකට කරන එකා...ඌගේ සූටී නංගි බබා හිටියේ ජා-ඇල පැත්තේ...ගෙදරින් වැටිච්ච තහනම් නිසා හම්බුවෙන්ඩ වුනේ කලාතුරකින්...මේ ඉතින් යන්ඩ හැදුවේ උගේ වැලන්ටයින් තෑග්ග ගන්ඩ..

බඩ ගාගෙන වගේ ගියපු 278 බස් එකකින් ගිහින් බැහැලා ඉස්කෝලේට මීටර් 500ක් විතර පයින් යන්ඩ ඕනේ...යනකොට ඉන්ටවල් දීලා නෑ...එතකන් ඉස්කෝලේ ගාව කඩේට සෙට් වුනා...පිනා ගානේ කල්කිරි බෝතල් 2ක් බීලා කඩේ ඇන්ටි ව කතාවට අල්ලාගත්තා...රූ‍පේට ලැබුනු තොරතුරු වලට අනුව ඉන්ටවල් එකට එතන හිටියොත් කෙලින් ම කුඩුවේ තමා...කෙල්ලෝ ටෝක් කරන්ඩ එන කොල්ලන්ට විරුද්ධ ව ප්‍රින්සිපල්ගේ වැඩසටහන එහෙමයි... 


කොහොමහරි බලද්දි සංගීත පාඩමක් කර කර නංගි ඉන්නවා...ඉතින් ආයේ යන එකේ තේරුමක් නැති හින්දා හිටියා...බෙල් එක වැදිච්ච නිසා එකපාරට කට්ටිය ඩිස්මිස් වුනා...දැන් ඉතින් හොයාගන්ඩත් බෑ...ගේට්ටුව ගාව ඉදලා ත්‍රස්තවාදී ලේබල් එක ගහගන්ඩත් බෑ...ඉතින් රූපේගේ ටිකිරි මොලේට ආව අයිඩියා එකක් අනුව දෙන්නම ගියා ඉස්සර ගේට්ටුවෙන් ඉස්කෝලේ ඇතුලට... වටපිට බලබල ගියේ නංගිව හොයාගන්ඩ...ම්හු...නෑ...දැන් ඉතින් ආපහු එලියට යන්ඩත් බෑනේ?... කඩාගෙන ගියා කෙලින් ම ඔෆිස් එකටම... ගිහින් ඇහුවා ටීචර් කෙනෙක්ගේ නමක් කියලා... නෑ කවුරුවත් දන්නේ නෑ එහෙම කෙනෙක් ගැන... කොහොමත් දැනගන්ඩ විදියක් නෑ මොකද ඒ ටීචර් ඉන්නේ අල්ලපු ඉස්කෝලේ... ඔෆිස් එකේ වුන් දන්නේ නැති හින්දා එලියට එනකොටම ආපු සර් කෙනෙක්ගෙන් ඇහුවා...ඩයල් එක දන්නේත් නෑ...දැන් අහනවා ඇයි හොයන්නේ කියල...දැන් ඉතින් කියපන්කෝ.... එවුවටත් රෙඩි වෙලා තමා මේ රූපේ ගියේ..
"අපි O/L කාලේ ඒ ටීචර්ගෙන් ගණන් ඉගෙන ගත්තා..දැන් දෙන්නම කැම්පස්..ඉතින් මේ ලගට ආපු ගමන් ටීචර් ව බලන්ඩ ආව..."

වෙලාවට ඒක හරිගියා...

"මේ ඉස්කෝලේ නම් එහෙම ටීචර් කෙනෙක් නෑ...මෙහෙමද කියලා කිව්වද? 
>නෑ කිවවේ නි***** ඉස්කෝලේ කියලා... 
ආ....නි***** ඉස්කෝල දෙකක් තියෙනවා..එහෙනම් අනිකේ වෙන්ඩ ඇති... "

සර් කිව්වාම අවුලක් නෑ...අපි හොද ලමයි වෙලානේ... අනේ ඉතින් අපිට යන පාරත් කියලා දුන්නා...

අහුවුනේ නැති එකට පින් දිදී එලියට ඇවිත් වැඩිම වුනොත් අඩි 3ක් යන්ඩ ඇති...ස්...ස්.. කියලා කවුද කත‍ා කරනවා... ගොන් කමට දෙන්නම හැරිලා බැලුවනේ...
කලා වරෙන්කෝ..පිනා...ඉස්කෝලේ ඔරිජිනල් පිනා...ඩයල් එක අපි ඉස්කෝලේ ඇතුලේ ඉදන් යනවා දැකලා.. දැන් ඉතින් ඒ ගැන අහන්ඩ කතා කරනවා.. මොනවා කරන්ඩද? ගිහින් අර කතාව ම අාපහු පාරක් කිව්වා...මූට සැකයි...මු අහනවා මොනවද ඉගැන්නුවේ, මොන වගේද? මොන පාටද? මේච්චර හොදට දන්න මනුස්සයෙක් ගැන නිසා දීපු උත්තර ටිකකට ශේප් වගේ...ටිකකින් කියපි "මම ඒ ටීචර් ව දන්නවා..අර ඉස්කෝලේ ඉන්නේ කියලා..."
ආයේ මුකුත් කියන්ඩ කලින් රූපේ බොහෝම ස්තූතියි කියලා එන්ඩ ආවා... අෑතට  යනකම්ම මේ යකා බලන් හිටියා...

වෙච්චි ඒවට හිනා වෙවී කොහොමහරි පැයක් විතර බස් එකක් එනකන් ඉදලා ඉදලා ගෙදර ආවා....

පස්සෙයි දන්නේ අපි අර නංගි කියලා බල බල ඉදලා තියෙන්නේ වෙන කෙල්ලෙක් දිහා...කොහොමහරී සතියකට විතර පස්සේ අරු ගිහින් තෑග්ග ගත්තා...ඒත් අද වෙනකම් රූපේට එකෙන් චොකලට් කෑල්ලක්වත් හම්බුනේ නෑ...


22 comments:

  1. Replies
    1. ඔහොම්මම අපේ ඉස්කොලේ සර්ලත් කිව්වා...

      Delete
  2. ෂා අපරාදේ ඒ පිනාට මුන්ව අදුනාගන්න බැරි උනානේ

    ReplyDelete
    Replies
    1. අහුවුනා නම් මුන්ට නෙලනවා බීපු කල් කිරි කටින් එන්න

      Delete
    2. අපේ වෙලාව තමා....

      Delete
    3. එහෙනම් එකෙන්ම තාම ගහනවා....

      Delete
  3. පාර වැරදිල ඇවිල්ල කිව්වනං ඉවරනෙ :P

    ReplyDelete
    Replies
    1. පාර වැරදිලා ඉස්කෝලේ ඇතුලට යනවද?...... එහෙම කිව්වනම් අපිව යවන්නේ අංගොඩ..

      Delete
  4. බලපන් උබ ස්කෝලේ කාලෙත් බඩජාරියා බන්

    ReplyDelete
    Replies
    1. මාත් මේ නොකිය නොකිය හිටියේ...

      Delete
    2. දුප්පත් කමට බඩගිනි වෙනවා නේ බන්?

      Delete
  5. අම්මපා උබල වගේ මිනිස්සු.. පුදුමයි බොල බොරුව අතේ මාට්ටු වෙලා අම්බානෙකට කෑවේ නෑ..

    ReplyDelete
    Replies
    1. බොරු කියන එකත් කලාවක් බන්...
      දැන් ඒ කලාව ප්‍රගුණ කරලා බන් ඉන්නේ....

      Delete
  6. බුහ්හහ්හා.....
    මරු ඈ
    ඔය වගේ අණ්ඩපාල වැඩ කරන තුන් හතර දෙනෙක් ඉස්කෝලෙට හිටිය නං හොදටම ඇති ඕ යේස්...
    හිහි

    ReplyDelete
    Replies
    1. අපෝ එකෙක් දෙන්නේ කියලා නෑ...එහෙම උන් හිටියා 30ක් 40ක් ම...

      Delete
  7. උෘ නම්...පිනෙක්ම තමා....යකෝ වෙන එකෙක්නම් ඒ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ටත් චුට්ටක් ලයින් පාරකුත් දාලයි බොල එන්නෙ.......

    ReplyDelete
    Replies
    1. උෟත් මං වගේ සත්‍ය ප්‍රේම බෲංග රාජයෙක් බන්....එකක් ඉන්න කොට ඒක විතරයි...

      Delete
  8. අඩේ මම කලින් මේක දැක්කේ නැද්ද බං

    ReplyDelete
    Replies
    1. දුප්පත් කමට අමතක වෙන්ඩ ඇති...

      Delete
  9. හික්ස්... මදෑ ඔයින් ගියා... හැබැයි අද කාලෙ නම් පිනාව ගොනාට අන්දන එක ලේසි නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් ඉන්න පිනාලාත් අන්ඩයෝ......
      සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete