Saturday, March 28, 2015

මචං කෝ නිව්ස්?



මචං අපි මොකක්ද මේ කරන්නේ? 
අපි නිව්ස් බලනවා මචං
මේවා නිව්ස් ද බන්?
එහෙම කියලා තමයි මේවා පෙන්නන්නේ?
මේවා මරණ දැන්වීම් නේ?
නෑ නෑ මේවා නිව්ස්...
එතකොට මේ වීඩියෝ?
ඒ මේ බැංකු කඩනවා...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මචං මේ පත්තරේ මොකක්ද?
මේ ඉරිදා පත්තරයක්
එතකොට මේ කහපාට ඒවා...
ඒ මංගල යෝජනා...
පව් නේද බදින්ඩ බැරිවෙලා.....
පව් තමා...කාලේ පහුවෙලා...
මේ කාර් මොනවද?
විකුණගන්ඩ බැරි වාහන බන්...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මචං වැල සයිට් එකක්ද?
නෑ නෑ ගොසිප්...
මේ ගෑණු ලමයි?
ඒ නිලියෝ....
මොනවද බන් මේ පත්තුවෙන්නේ ?
ඒ ඇඩ්...
මොනවද ප්‍රසිද්ධ ඒවා?
ඕපාදූප තමා මචං.......





18 comments:

  1. නිව්ස් අස්සෙ නිව්ස්.... එකක් ගත්තොත් තවත් නොමිලේ ... :v

    ReplyDelete
    Replies
    1. නිකන් දෙනවනම් අපි ඉතින් දෙමල පත්තරෙත් ගන්නවානේ...

      Delete
  2. හරියට හරි ! කාලීනව එළි දුටු වටිනා නිර්මාණයක් !! ඕන්න බලාපල්ල මචංලා news කියල රැවටෙන අපේ ප්‍රවෘත්තිවල හැටි චක්කරේ බැබලෙනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතිය් මැඩම්....

      Delete
    2. බොහෝම ස්තූතිය් මැඩම්....

      Delete
  3. මමනම් ඇඩ් එකක් බලන්න ටීවී ඩා ගත්තාම ඒ අස්සෙන් නිව්ස් පෙන්නනවා එපා වෙනවා

    ReplyDelete
  4. ඕප දූප විකාර අස්සේ එහෙන් මෙහෙන් තියෙන නිවුස්..

    ReplyDelete
  5. උඹනම් කියයි...ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕනෙනේ බං....

    ReplyDelete
    Replies
    1. බොරු විකුණලා තමා ඉතින්.....

      Delete
  6. දැන් නිව්ස් කියල කියන්නේ මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන්න ඉදිරිපත් කරන වචන සෙට් එකක්.

    ReplyDelete
  7. නිව්ස් කියල දැන් තියෙන්නෙ ඒක ලියපු එකා ඒ සිද්දිය දකින විදිය සහ ඌට ඒක කියන් ඕනි විදිය විතරයි..ඇත්ත සිදුවීම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි ඉතින් ඒ නිවුස් එක ඌට ඕනේ විදියට දැනගන්නවා...

      Delete
  8. නිව්ස් එපාම වෙන්නෙ කියන උන් එතන හුරතල් වෙන එකයි අපට මූණෙන් ඉඟි බිඟි පාන එකයි..

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් උන් හොද ආතල් දෙනවා...

      Delete