Monday, April 20, 2015

කෙල්ලෝ නම් ෂුවර් කරන්ඩ බෑ....

           


                 "මට ඔයා මගේ පණටත් වඩා විශ්වාසයි..."

රෙද්ද තමා...සාමාන්‍යයෙන් කෙල්ලෝ ෂුවර් කරන්ඩ පුළුවන්ද??  මම නම් කියන්නේ බෑ...ඔක්කෝම එක වගේ නෑ තමා...ඒත් 95%ක් ම විශ්වාස කරන්ඩ බෑ...මේක පුරුෂාධිපති ටෝක් එකක් නෙවෙයි...සම්පූර්ණ ඇත්ත කතාවක්....අම්මාව ෂුවර් තමා...ඒත් අම්මා කෙල්ලෙක් නෙවෙයි නේ? නිකම් හිතලා බලන්ඩ හරියටම මේ දේ කරයි කියලා ෂුවර් කරන්ඩ පුළුවන් කෙල්ලෙක් දන්නවද කියලා.... සභාවට මම උදාහරණ 2ක් දෙන්නම්....
---------------------------------------------------------------------------

රූපේ ගේ ඉස්කෝලේ ඩයල් එකක් උගේ යාළුවා ටෝක් කරන එකෙන් අහන්ඩ ගිහින්..

>නංගි අරයා ඔයාට කැමැත්තේන් ඉන්නේ...
එයාට කියන්ඩ මම එයාට කැමැති නෑ...
>එහෙනම් ඔයා මට කැමතිද?
මම හිතලා කියන්නම් අයියේ....

උන් දෙන්නා අන්තිමේදි සෙට් වුනා....ඒක මහ සීරීයස් ලව් එකක් වුනා....ඉස්කෝලේ අහුමුළු වල, පාරවල් වල මුන් දෙන්නා අනිවා ඉන්නවා...කොහොමහරි ලව් එක බරපතල වෙලා දෙන්නා ගෙදරින් වහන් වෙලත් හිටියා...එච්චරට සිරා ලව් එක...

දවසක් කෝච්චියේදී පුකාර් හම්බුනාම කියනවා...

අඩෝ රූපේ කෙල්ලෙක් නැද්ද?
නෑ බන්...දුප්පත් කමට නෑ...
අම්මෝ හොදයි බන්...කෙල්ලෝ නම් ෂුවර් කරන්ඩ බෑ...මගේ එකත් නවත්තන්ඩ ඉන්නේ...
ඇයි මොකෝ...
උඹ දන්නැද්ද? අරුට බූට් එක තියලානේ?
නෑ........සිරාවට...
ඔව් ඔව්....එකි එහෙම කලා කියන්නේ අනික් උන් ගැන කවරකතාද බන්....

---------------------------------------------------------------------------

රූපේගේ ලගින් ම ආශ්‍රය කරන යාළුවෝ දෙන්නා ගියා ටෙක් එකට....උන් දෙන්නා ගෑණියි මිනිහායි වගේ...එකේකට රූපේලාගේ ගෙදර එන්නඩත් අනික් එකාට කෝල් කරනවා එන්ඩ කියලා...හැමතැනම උන්දෙන්නා එකට ගියේ...කරේ එකට... කාව හරි උන් දෙන්නා එකතු වෙලා බයිට් කරලා පහක් දාලා ආතල් ගන්නවා...

එකෙක් ටෙක් එකේ කෙල්ලෙක් ටෝක් කර කර හිටියා...රූපේ නම් කිය කිය හිටියේ එකි වයස පාටයි කිය කිය...එතකොට උන් දෙන්නටම මල...එක සෙට් වුනා වගේ හිටියේ...ඒ අස්සේ වුන්ගේ කෝස් එක ඉවර වෙලා ට්‍රේනින් දැම්මා... එකෙක් ගියා... අනිකා ගියේ නෑ...ඇහුවම කිව්වේ එකට ගිහින් වැඩක් නෑ බන් කියලා...

පස්සේ දවසක රූපේලාගේ ගෙදර ආවම ඌ අහනවා....

අරු මොනවත් උඹට කිව්වාද?
නෑ බන්....ඇයි..
එහෙනම් උඹ ඌට කියන්ඩ එපා....ඌට කෙල්ලෙක් ඉන්නවානේ....
නෑ...සිරාවට??
ඔව් ඔව් උඹ දන්නවා එයාව....
කව්ද බන්...
අර *******......
ඈ???? එකි උඹත් එක්ක නේද යාළු...
නෑ බන් දැන් ඌත් එක්ක...
ඇයි බන් ඒ...
සෑහෙන දවසක් බන්....
සිරාවට...
ඔව් ඔව්...මම ඉතින් ට්‍රේනින් ගියෙත් නැත්තේ ඒ හින්දා..උන් දෙන්නා අත් අල්ලන් ඉන්නවා..මට බලන් ඉන්ඩ බෑ...
---------------------------------------------------------------------------

ඉතින් පින්වතුනේ ඔබට කෙල්ලෝ ෂුවර් කල හැකිද??

10 comments:

  1. ඒත් රූපෙ උඹ කීවොත් උඹට කෙල්ලව ෂුවර් නෑ කියල මූණටම ඒ වෙලේ හෙන අහිංසක පාට් එකක් දාල ඇයි අනේ ඒම කියන්නෙ අරකයි මේකයි කියල ඤාව් වෙයි
    ඒත් උඹට බැස්ටිය හම්බෙයි මදි නොකියන්න
    හිහි
    උඞ ෂුවර් නෑ විතරක් නෙවී තනිකරම ටයිම් බෝම්බ වැඩේ කියන්නෙ පුපුරන්නෙම ඕන් නැතිම වෙලාවට නෙව
    අපේ කාඩ් විතරක් නෙවී තියන සබ්බ සකල මනා ව ම නැති බංගස්තාන වෙලා තමි නවතින්නෙ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම......කවදාවත් ප්‍රෙඩික්ට් කරන්ඩ නම් බෑ.....

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මහත්තයා රි රී ගියාට...අපිට ඉතින් මෙතන ගූ කරන්ඩ දෙන්ඩ බෑනේ...
      ඉතින් සමාවෙන්ඩ.....

      Delete
  3. කෙල්ලෝ නම් සුවර් කොරන්නම බෑ!!!

    ReplyDelete
  4. ෂුවර් කරන්න ඕනමද? නැතුව බැරිද?

    ReplyDelete
    Replies
    1. ෂුවර් කරලත් බෑ...නොකරත් බෑ මෙයා..

      Delete
  5. මම මෙකට මුකුත් කියන්න යන්නෙ නෑ. මම දවසක පොස්ට් එකක්ම දාන්නම් රූපේ

    ReplyDelete
    Replies
    1. දාපන් දාපන්....ලොකුවටම දාපන්...

      Delete