Saturday, June 27, 2015

අවුරුදු 12ට පසු අධිරාජ්‍යයෙක් වුනෙමි






සමහර පරණ දේවල් තියෙනවා, කොච්චර කල් ගියත් ආපහු දැක්කම ආසා හිතෙනවා....පරණ කරපුු ගොන්කම් වුනත් එහෙම්මයි...
සමහර පුරුදු තියෙනවා කොච්චර ට්‍රයි කරත් ඒවා හදන්ඩ හරි අමාරුයි...අස් කරනවා වගේ දේවල්...ඒත් ඉතින් හැමදාම බැනුම් අහන්ඩ බෑ කියලා දාපු ශ්‍රමදානෙක පුතිඵලයක් විදියට පෞරාණික C.D ටිකක් හම්බුනා...මට තිබුනු සුරක්ෂිත කිරිමේ මේනියාවට පිං සිද්ද වෙන්ඩ ඒවායින් 2ක් 3ක් යන්තම් වැඩ කරන තත්වෙක තිබුනා...

රොම් එක ගැන හිතලා හිතලා අන්තිමට ඕන මගුලක් කියලා දාලා බලපුවාම යන්තම් එකම එක ගේම් C.D එකක් වැඩ කලා... 2003 දී රූපේ පුතා කරපු රයිට් කිරිල්ලක හාස්කම් තමා... Road Rash, V-Cop වගේ ඒවා තිබුනාට ඒවා ඔක්කෝම වැඩ කරන්නෙ නෑ...යන්තම් එකක් නම් අන්තිමට වැඩ කලා....

මතක විදියට ඒ රූපේ ගහපු පලවෙනි ගේම් එක....

2002 ඉදලා මේ වෙනකම් ආපු ඒ කාලේ කන වැඩේ පටන් ගත්තේ එතනින්.....ගමක නැතුව ටවුන් එකක උඩ තට්ටුවක හිටපු රූපේට ඉතින් විනෝදේට තිබුනේ ඕක තමා...
පිස්සෙක් කියලා හිතුනට ඒ ස්ටාර්ට් එක ගැන රූපේට සතුටු වෙන්ඩ පුළුවන්.....




සමහර විට මේක ගහපු එවුනුත් ඇති....Age of Empires....අහලා පුරුදු නැද්ද?? එහෙනම් ඔබේ පරිගණක ඉතිහාස දැනුමෙන් පලක් නැත....    1999 සැප්තැම්බර් ආපු ගේම් එකක්...250mb ක් වත් නැති ඒත් ඒ කාලේ හැටියට බර ගේමකි....HD නැති ඒ කාලේ කොල්ලෝකුරුට්ට‍ෝ පිස්සු වට්ටපු එකක්....
අද දවසින් ඊට පස්සේ් ඒ තරම් වැඩක් වුනේ නැත්තේ මේක හින්දා කියලා නම් හිතන්ඩ එපා...




   

නොගහපු එවුන්ට ගහන්ඩ ගේම් එක අප්ලෝඩ් කරන්ඩ රූපේගේ අදහසක් ඇත....එහෙත් අධිවේගී අන්තර්ජාල ජැකේජය ඉවර වී ඇක....64kbps ඩයල්අප් ස්පීඩ් එකේන් ඒ සෙල්ලම් දැමිය නොහැක....ලබන මාසේ දමමි....නැවත ඇවිත් රුගෙන යන්ඩ....

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ප.ලි---මට මිස් වුන බ්ලෝග් පොස්ට් බර ගණනක් ඇත...ඩයප් අප් එකෙන් කියවාගෙන එමි...
          ප්‍රමාදයට සොරි වේවා...


5 comments:

  1. ඒ කාලෙ ඒජ් ඔෆ් එම්පයර් කියන්නෙ ගේම තමා බොල. ඒකාලෙ aoe දැං එන COD Modern warfare වගේ. නැද්ද හා

    ReplyDelete
    Replies
    1. එකෙන්ම....දැන් වගේ ග්‍රැෆික් මේනියාවක් ඒ කාලේ තිබුනේ නෑ...
      ඒත් මේවට වඩා ආසාවෙන් අපි ගැහුවා....

      Delete
  2. ඒ කාලෙ ඒජ් ඔෆ් එම්පයර් කියන්නෙ ගේම තමා බොල. ඒකාලෙ aoe දැං එන COD Modern warfare වගේ. නැද්ද හා

    ReplyDelete
  3. උඹව මම එල්ලලා තිබුණා. පස්සෙ මොකක් හරි වුණාට සොරි ඈ....
    කොමාන්ඩෝ ගේමත් ඔහොම එකක් තමා. ඔච්චර ක්‍රියේටිව් නොවුනට පට්ට එන්විරොන්මන්ට් එකක් බං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගින්නක් නෑ බන්!!!
      කොමාන්ඩෝ එකත් පට්ට..තව තිබුනා ඩෙල්ටා ෆෝස් එහෙම!!

      Delete