Monday, July 13, 2015

සුපිරියට සින්දු කියන අළුත් දක්ෂයෙක් "නිර්වාන් ප්‍රබෝද්"



රූපේ ඉස්සර ඉදලා එක එක ජාතියේ සින්දු ඇහුවා....සිංහල ඉංග්‍රිසී එක එක ඒවා....සිංහල අලුත් ඒවා..පරණ ඒවා කියලා බෙදලා කාලයක් ඇහුවා...ඉංග්‍රීසී රොක් සිංදුත් කාලයක් ඇහුවා...අන්තිමට සිංහල ස්භාවිත සංගීතයේ නතර වුනා...එහෙමයි තියලා ඉතිලා වෙනසක් නෑ....දැන් ඉතින් හොදයි කියලා හිතෙන හැම එකම අහනවා....

කොච්චර ඇහුවත් හැමෝටම රූපේත් ඇතුලුව සිංදු කියන්ඩ බෑ...එකත් ටැලන්ට් එකක්!! ඒක හැමෝටම නෑ...බොහෝම පොඩි පිරිසකට විතරයි තියෙන්නේ!!


ඇවිද්ද පය ලියන සුදීක අයියා දාපු මේ පොස්ට් එකේන් තමා රූපේ නිර්වාන් ප්‍රබොද් කියන පුද්ගලයා ගැන දැන ගන්නේ....ඒ දිනවල ඔහු කරේ ගැහැණු කටහඩින් සිංදු කියපු එක...සුදීක අයියා කියපු විස්තර අනුව සෑහෙන්ඩ දක්ෂතා තියෙන පුද්ගලයෙක්...

අනුන්ගේ සිංදු කියන එක නවත්තලා නිර්වාන් තමන්ගේම සිංදු කියන්ඩ පටන් ගන්නවා...ඒ රෑ කළුවරයි කියන සිංදුවත් එක්ක....


රෑ කළුවරයි සිත් පිත් නැති
මා පෙලනු මිස සනසනු බැරි
ඈ මගෙන් වෙන් වී කල්පෙකි
මේ කළුවරයි සිත් පිත් නැතී...//

සිනා කදුලැල් මැවු සිහිනෙක
නිමේෂයකට ඉඩ තියා
දයාවන්තිය ගියා යන්නට
අදුර මා හට පවරලා
මා පෙලනු මිස සනසනු බැරි
මේ කළුවරයි සිත් පිත් නැතී....

සෙනේ වදනින් නිවා මා සිත
තැනු මේ ලොව සුන්දරයි
සිදී ගිය මුත් හදේ අක්මුල්
අතීතෙට මං ආදරෙයි
මා පෙලනු මිස සනසනු බැරි
මේ කළුවරයි සිත් පිත් නැතී....

රෑ කළුවරයි සිත්....





යූ ටියුබ් චැනල් එකක් අටෝ ගත්ත නිර්වාන් දැන් තමන් කරපු නිර්මාණ ඒකට ඇඩ් කරලා තියෙනවා...මේ තියෙන්නේ ඒ චැනල් එක...ගිහින් අහලා Subscribe පාරක් දාලා සප් එකක් දෙන්ඩ...

ඒකේන් ආව ප්‍රතිචාර වලින් දිරිමත් වුනු නිර්වාන් දැන් තව සින්දුවක් කරලා තියෙනවා....

මම අහස බලන්නම්
තරු මල් පීදේවී
ඔබ පුංචි තිතක් වී
නොපෙනී යාවී
මහ පොළවේ මං තනි වේවී..//

මට මතකයි මං ලියූ පෙම් වදන්
ඔබට නොදී
කොල කෑලි ගොඩක් ගිනි තැබුවා මං
ඒ ගිනි පුපුරක් ඉතිරිවෙලා
මහ පොළොවම ගිනි ඇවිලේවී...

මං අහස බලන්නම්...

ඔබට මතකනම් නෙලූ සල් කුසුම්
සුවද දිදී
හිත කෝල හැගුම් හෙලි කෙරුවා මං
ඒ සුවද පොදක් ඉතිරිවෙලා
ඔබ යන එන තැන හමුවේවී...

මං අහස බලන්නම්...





බොහෝම නිවුන සින්දුවක් විදියට රූපේට ඒ සින්දුව හිතට ඇල්ලුවා...

ස්ටාර් තරග වලින් මැසේජ් ගහලා ස්ටාර්ලා වෙලා මෙලො රහක් නැති ඇල්බම් එකක් ගහලා නිවිලා යන අය අතර නිර්වාන් තමන්ගේම සල්ලි වලින් සිංදු කරන එක අගය කරන්ඩ ඕනේ වැඩක්....ඒ නිර්වාන් සින්දු කියන්නේ සල්ලි හම්බ කරන්ඩ නොවෙන හින්දා....රිගින්ටෝන් වලට සින්දු කියන අපේ සුපර්ස්ටාර්ලාට මේවා විහිළු වෙයි!!ඒත් ලංකාවේ සංගීතේ අනාගතේ තියෙන්නේ මේ වගේ අළුත් අය අතේ...

නිර්වාන් ඔබට ජය!!

14 comments:

  1. අපිත් කියන්නේ..
    ඡයවේවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා!!

      Delete
  2. ලෙසටම! තැන්කුයි රූපේ හඳුන්වාදීමට... මේවා පිං අතේ වැඩ.

    ReplyDelete
  3. Replies
    1. ඔව් ඔව් අන්කොමන් නේද?

      Delete
  4. මේ සින්දු අදමයි ඇහුවෙ. මාත් ආසයි දෙවෙනි සින්දුවට. ලස්සනයි.දිගු ගමනකට නිර්වාන්ට සුබ පතනව :)

    ReplyDelete
    Replies
    1. ඔව්වා හොට් රිලීස්!!

      Delete
  5. මං නං ආසම පොරගෙ චිත්‍ර වලට ... අර හැලිච්ච කෝපි කෝප්පෙන් ඇන්ද කපුගේ එහෙම පට්ට සිරා ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක නම් සිරා!!!

      Delete
  6. නියමයි මල්ලි. මේ කොල්ලාව උඩට ගන්න අපිට පුළුවන්. බන්දුල විජේවීර හඬට නැවත පණ දෙන්නත් නිර්වාන්ට පුළුවන්. මම ඒ ගැන කිව්වත් නිර්වාන්ට ඒ ගැන අදහසක් නෑ.

    ReplyDelete
  7. හොඳ සින්දුවක්. ඔබව මේ අඩවියට ඇතුලත් කලා.
    http://www.blogpower.info/

    ReplyDelete