Tuesday, July 21, 2015

අපිත් පරික්ෂණ කරපු මිනිස්සු!

මිනිස්සු වැරද්දක් කරන්නේ නොදැනුවත් ව...ඒත් ඒක ආපහු ආපහු කරනවානම් ඒක ගොන්කමක්....දැන දැනත් ඒකම ආපහු කරන්නේ ආතල් එකට හෝ මෝඩකමට.... ඒත් රූපේ දැන දැන ම ගොන්කම් කරන්නේ ඇයි කියලා රූපේටම හිතාගන්ඩ බෑ....ඒක ඉතින් පුරුද්ද වෙන්ඩ පුළුවන්...පොඩි කාලේ ඉදලා කලේ ඒ වගේ ඒවා තමයි!!
                               

 

රූපේට පොඩි කාලේ තිබුන ආතල් එකක් තමයි පරික්ෂණ කරන එක...මෙහෙම කරොත් මොනවා වෙයිද? ඕක තමයි ති්‍බුන ලොකුම ගැටළුව...මතක විදියට ‍හෙම්බිරිස්සාව හැදිලා හිටියේ...අම්මා ස්ටීම් කරන්ඩ කියලා ගෙනත් දුන්න‍ා උණුවතුර එකක්...අම්මා ඉන්නකොට පරික්ෂණ කරන්ඩ බෑනේ?? ටිකක් එහෙ මෙහේ වෙනකම් ඉදලා මේස් එකකට අත දාලා අත දැම්මා උණු වතුර එකට...එතනින් එහාට වැඩි දෙයක් මතක නෑ... මුළු ගේ දෙවනත් වෙන්ඩ කෑගැහුවලු....ටික දවසකින් අතේ ඇගිලි වල හම ගියා නම් මතකයි!! මේස් දැම්මාම උණුවතුරට අත දාන්ඩ පුළුවන් වුනා නම් ඒක එදා රූපේ හොයාගන්නවා!! වෙලාවට ඒක එහෙම වුනේ නෑ.... ඒ කරපු එක පරික්ෂණයක්...



සබන් බෝල කටින් යවන්ඩ පුළුවන්ද කියලා බලන්ඩ තව පරික්ෂළුයක් කලා වගේ මතකයි....ඒ අර සබන් බෝතලේට බටයක් දාලා පිබින්නේ, අන්න ඒ සීන් එක ආශ්‍රිත ව...බටේ ඔබලා අරන් පිබිනවා වෙනුවට උඩට ඇද්දා...වමනේ ගිහින් ලොකු සීන් කෝන් එකක් වුනා ඒක නම්...


මෝඩ වැඩ කරන ඒක පවුලෙන් එන දෙයක්...රූපේගේ සහෝදරිත් ඒවට හරි දක්ෂයි...අම්මා තාම මතක් කර කර බනිනවා ගොන් වැඩේට...රූපේට මතක විදියට ඒ රූපේලා හෙනට පොඩි කාලේ....අම්මා හවස එනකන් රූපේයි සහෝදරියි මිදුලට වෙලා ඉන්නවා!! මුකුත් අවුලක් නෑ..අම්මා ආවාම සහෝදරී දුවනවා ඉතින් පිලිගන්ඩ...ගිහින් අම්මාට කියනවා,

"අම්මේ! මේ මම කනට ගලක් දාගත්තා!!"

27 comments:

  1. උඹ හරිම ශ්‍රේෂ්ඨ පොරක් නේ .. පුංචි කාලෙ ඉඳලම පරීක්ෂණ කොරල ... අනාගතේ දවසක නොබෙල් ත්‍යාගයත් ගනී වගේ මෙහෙම ගියොත් ..

    ReplyDelete
    Replies
    1. ආයේත් අහලා!! අපි ඉතින් දක්ෂයි නේ බන්??

      Delete
  2. පණ නහගන්නෙ නැතිව ඕවා නැවත නොකරන්න ඉගෙනගත්තු එකම මදිද රූපේ?
    අපේ පොඩ්ඩියෙක් දවසක් රුපියලක් ගිල්ලා. නැන්දම්මයි නෝනයි පොඩ්ඩිව ඔපරේසං කොරල විතරයි නොතිබුනේ. හොඳ වෙලාවට ඉස්පිරිතාලෙදි වමනෙ ගියා.

    ReplyDelete
    Replies
    1. රුපියල පා වෙන හින්දා වෙන්ඩ ඇති බන්!! පා වෙයිද බලන්ඩ වෙන්ඩ ඇති!!!

      Delete
    2. ආදායම් බදු එකේ වැඩ කරන එකෙකුට පෙන්නුවා නම් රුපියල නිකන්ම ගනි... අර කතාවකුත් තියෙන්නෙ..

      Delete
    3. අපොයි උන් නම් බඩවැලුත් එක්ක ගයි!

      Delete
  3. පොඩි මෙන්ඩා දවසත් කුඔි රැලකට රොටි කෑල්ලක් කවන්න ගිහින් ඌට කුඔි කාලා..රොටි කෑල්ල කන්න කන්න කියලා කුඔින්ට තද කරපු වෙලාවේ කුඔි වගයක් මැරිලා මූ ඒකටත් අඩනවා..

    ReplyDelete
    Replies
    1. ඕක තමයි සත්ව කරුණාව!!
      අනේ ඉතින් වැඩි ආදරෙත් දුකයි කියනවානේ?

      Delete
  4. හෙක් හෙක් අර කනට ගල් කැටේ දාගත්ත එක ගැන නං සහෝදර තුමී සෑහෙන්න තන්තෝස වෙන්න ඇති නේ..
    කොයි තරං හපං කොමක්ද කවුරු කොරන වැඩද කියල හිතෙන්න ඇතිද
    උඹ වගේම වෙන්න එපැයි බං උඹේ සහෝදරී නං හිහි
    ලොවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... අයේ ගින්නක් නැතුව ඇවිත් කිව්වානේ බන්??
      කන පැලුවා නම් හොදයි බන් ඒ කාලේම!!

      Delete
  5. හරි දක්ෂ වැඩ කරල නෙව.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උපදිනකොටම ඉතින් අපි දක්ෂයි නේ??

      Delete
  6. කල්‍යාණ මිත්තරයා පුංචි කාලේ වතාවක් 'කොණ්ඩේ වැවිලා වැඩි නිසා' ගෙට් ටුගෙදර් එහෙකට එක්ක යන්න බෑයි කියුව කියලා තනියම කොණ්ඩේ කපා ගත්තා මතකයි.. හි හි.. ගෙට් ටුගෙදර් කෙසේ වෙතත් තට්ටෙම ගාලත් මාස දෙක තුනක් යනකම් තැන් තැන්වල උඳු ගොව්වෝ කෑවා වගේ පේන්නතිබ්බ.. කොහොම එච්චර කොටට කැපුවද කියල බාබර් ටත් හිතා ගන්න බැරි උනාලු.. අපිත් පරීස්සණ කොරපු ඈයෝ තමයි.

    ReplyDelete
    Replies
    1. මං නම් කියන්නේ ඒක නම් ලෝබකම!
      ආපහු පාරක් ට්‍රයි එකක් දාලා බලමුද කොන්ඩේ කපන්ඩ???

      Delete
  7. මං නං ඔය ගොං වැඩ කරල නැ

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං ඉක්කෝලේ යන්න එපැයි දොරේ. හැක්...

      Delete
    2. නෑ නෑ...අටං අයියා ඉතින් සියල්ල දත් නේ?? ආයේ මොටැයි පරික්ෂණ කරන්නේ??
      ප්‍රංචි කාලේදී ඉදලා හිටලා ගුටියක් දෙකක් කෑවේ මේ මෝඩ වැජ කරලා එහෙම නෙවෙයි!!

      Delete
    3. ඔය කිව්වාට ඉස්කෝලේ ගිහින් හොදට පාඩම් වැඩ කරන්ඩ ඇති...දැන් මේ නිකන් ගියේ නෑ කිව්වාට!!

      Delete
  8. දැන් පරීක්ෂණ කොරන්නෙ නැතෙයි...? :D
    පොඩි කාලෙ කුතුහලේට කරන වැඩ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් එච්චරම මෝඩ නෑ බන්!
      එහෙමයි කියලා නොකරනවත් නෙවෙයි!!

      Delete
  9. අපොයි,මූ පරීක්ෂන කරන එක තාම නවත්තලා නෑ.එක දවසක් බොරැල්ල හංදියෙදි අර උමං පාලම යටින් යද්දි මෙච්චර අගේට බෝඩ් ගහලා තියෙනවා,ඒත් අපි බෑ කියද්දි අපිව ඇදන් ගියානෙ දෙතුන් සැරයක් වැරදි පැත්තට.

    ReplyDelete
    Replies
    1. එක මචන් වෙලාව තමයි...ඔය ඔතනදි වැරදුනාමයි

      Delete
  10. මචං පොඩි කාලේ කරපු පර්යේෂණ ටික මතක් වුණා

    ReplyDelete
    Replies
    1. මතක් කරල අමතක කරලා දන්නෙ අහවල් එකටැයි??
      ලියමු ලියමු....

      Delete
  11. අය්යටම ගැලපෙන නංගියෙක් ඉන්නෙ ..වාසනාවන් :P

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඉතින් ඒ ගැන නම්???

      Delete
  12. nangige pareekshane thamai niyama eka... :p :p :p :p

    ReplyDelete