Thursday, July 23, 2015

එනවද දවසක බොරැල්ලට පයින් යන්න...




එක
මොහොතක් හෝ
ගෙවී යාම ගැන
දෑඩි සේ
විස්සෝප වෙමි
කෝප ගනිමි....
වේගයෙන් රිය පදවන
රියදුරුට
වෛර කරමි,
පාර දුර නොවීම ගැන
මිහිකතට බැන වදිමි..

රෝස මල තවත් වරක්
සිනා සලන්න,
දහවලේ ගිනියම් වන
හද සිසිල් කරන්න,
ඉද හිට නෙතගින්වත්
බෑල්මක් හෙලන්න...
ආසාවෙන් මා ගැනත්
විස්තර අහන්න,
අපේ පරන මතක
අලුත් කරන්න,
එනවද දවසක බොරෑල්ලට
පයින් යන්න...

පුලුවන් නම්
හෙටත් එන්න,
ලගින් වාඩි වෙලා
කතා කර කර යන්න,
මට චුට්ටක්
ඉඩක් දෙන්න...
හැමදාටම
මගෙ ප්‍රේමය
ප්‍රකාශිත,
ප්‍රතික්ශේපිත,
දීර්ඝ,
ඒකපාර්ශවික,
ප්‍රේමයක් නොකරන්න....

23 comments:

  1. ළඟනම්
    බහින්නට
    ගන්න
    තව ටිකට් එකක්
    ගමනාන්තෙට....

    ReplyDelete
    Replies
    1. එනවානම් ගන්නම්කො එකට දෙකක්!!!

      Delete
  2. කවද්ද බං බොරැල්ලෙ බස් වේග්ව්න් ගියේ...? :D
    මටත් ඔය ටික හිතෙනවා බස් එකේ යද්දි නම් ත්ව ටිකක් හරි දුර උනා නම් කියලා.

    ReplyDelete
    Replies
    1. අපිට ඕනේ නැති වෙලාවට උන් හයියෙන් යනව බන්!!

      Delete
  3. ඊයෙ මහ රෑ මමයි තව එක්කෙනෙකුයි බොරැල්ලෙ ඉඳල කොටුව පැත්තට පයින් ගියා.... හැබැයි වෙනදට වැඩිය ටිකක් දුරයි ...මොකද ඉස්සරහට යනවට වඩා දෙපැත්තටනෙ යන්නෙ ...... එයා පුංචි බොරැල්ලෙන් නැවතුනා ... මම කොටුවටම ගියා ....

    ReplyDelete
    Replies
    1. අපිට නිකමටවත් කියන්නෙපා ඒ පැත්තේ එනවයි කියල නේද? ;)

      Delete
    2. නැවතුනෙ මොකද දන්නෙ නෑ??

      Delete
    3. කියල අවොත් වැඩක් නෑනේ?? නේද බන්??

      Delete
    4. නැවතුනේ බෝඩිමට යන්න .... හැක හැක ...
      කමි - සප්‍රයිස් එකක් මචං .. හැක හැක

      Delete
    5. මමනම් එදා ගොඩාආආආක් දුර තනියම ගියා.....

      Delete
    6. තොපිව මංමුලා වෙන්ඩ ඔන

      Delete
  4. හ්ම් හ්ම්.. ඊයෙ ඔය ගැන අහලම මගෙ කණත් රිදුණ නොවැ...
    ඒ වුණත් මාත් හූ මිටි තිබ්බ මට මතක හැටියට
    පව් නෙ අහිංසකය 9හැබැයි මුගෙ කට ගැන අර සිංදුව හිටිය නං කියයි හිහි)

    ReplyDelete
    Replies
    1. පල යන්ඩ!!උඹට අයෙ මොකුත් කියන්නෙ නෑ!!
      සින්දුවා ඉතින් මගෙ ගුණ වයයි!! ආයෙ වෙන මොනවද??

      Delete
  5. Replies
    1. එකෙන්ම බෝහොම ස්තුතියි!!

      Delete
  6. මමනම් කැමති ෆාස්ට් මූවින්ග් ප්‍රේම කතා වලට.. ඉස්සරහට තියෙන කාලේ අඩුයිනේ දැන්.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිටත් පේනව හරිම ෆාස්ට් තමා කියලා!!
      අපි නම් ඉතින් ස්ලො තාම!

      Delete
  7. යන්න එන්නම්, ආපහු එද්දී ත්‍රීවීල් එකක එමු .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගිහින් දාන්ඩ පයින් ගියාට පයින් එන්ඩ බෑ!!
      බස් එකකවත් එල්ලෙන්ඩ ඕනේ!

      Delete
  8. බොරැල්ලට පයින් යන එකයි 154 බස් එකේ යන එකයි දෙකම එකයි කියලයි මම ඉස්සර හිතුවේ ...ඒක නෙමේ දැන් මෙහෙම ප්‍රසිද්ධියේ බොරැල්ලට පයින් එන්න කියල කීදෙනෙක් නම් එයිද ? ඕක නම් ඒකපාර්ශවික ප්‍රේමයක් වෙන්නේ නෑ ..බහු පාර්ශවිකයි :P

    ReplyDelete
    Replies
    1. වෙලවකට නම් දෙකම එකයි වගෙ තමා!!

      එහෙම ගොඩක් එයි කියල තමා මේ බය,එක මනුස්සයෙක්ව ගෙන්නගන්ඩ තියෙන අමාරුවේ හැටියට!

      Delete
    2. මනුස්සයෙක්ව ගෙන්න ගන්න....?
      යකෝ...උඹ දේදුණු පාට වෙලාද?

      Delete
  9. අදනම් කවිය ඇත්තටම ලියපු එකද්ද කොහේද

    ReplyDelete