Wednesday, August 12, 2015

මල්වඩම් හා පැමිණීම අනවශ්‍යයි!


මිනිස්සු අන්තිම කැමැත්ත ලියන්නේ වයසට ගියාම..දේපල බෙදලා දෙන්ඩ! දරු මුණුපුරන්ට ප්‍රශ්න අඩු වෙන්ඩ! ඒත් ඊට කලින් මලොත්? හදිස්සියේ? පාර යන කොට හැප්පිලා මැරෙන්ඩ පුළුවන්! නානකොට ගිලිලා මැරෙන්ඩ පුළුවන්! උඩකින් වැටිලා මරෙන්ඩ පුළුවන්! ඉතින් එහෙම වුන කාලෙක ප්‍රයෝජනයට ගන්ඩ දැන්ම අන්තිම කැමැත්තක් ලියලා තිබ්බොත් මොකද? සමහර විට වැඩක් නොවෙන්ඩත් පුළුවන්! වැඩක් වුනොත්? ඒ කටයුතු නිරවුල් නේ? ඊටත් මේ දවසවල වැඩ ෂුවර් නෑනේ?  එහෙනම් ඔන්න රූපේගේ අන්තිම කැමැත්ත......

ප්‍රධාන කාරණාව දන් දීමයි! ඇස් හා පටක සියල්ලම ලබා දීමට මා දැනටමත් පොරොන්දු වී ඇති හෙයින් මාගේ මියගිය විගසම ඇදුම් අල්මරියේ යට ලාච්චුවේ රෝසපාට ෆයිල් කවරයෙන් අක්ෂිදාන සංගමයේ කොලේ රැගෙන එහි ඇති අංක වලට කතා කොට ඒ වැඩ කටයුතු කල යුතුය...ගන්ඩ තියෙන ඔක්කෝම ගත් පසු ඉතිරි ඒවා මෙඩිකල් කොලේජ් එකට දිය යුතුය...කෑලි කැපු මාව නැවත සෙට් කර බලා උන්වත් ආතල් එකක් ගන්න එක සතුටකි....දහ පාලෝස්දා දී පෙට්ටි ගැනීමෙන් මුදල් නාස්ති කල යුතු නැත....පෝස්ටර් ගැසීමත් නොකල යුතුය....මාව දන්න එකෙක් අහල පහල වැඩිය නැත....දන්න උන් මූණ පෙන්නලා යන්ඩ ආවාම ඇතිය...දුර ඈත ඉදන් වැඩපාඩු කරගෙන ආ යුතු නැත...

"ගොන් ආතල් නොදිය යුතුය...ඉන්නකොට මෙලෝ උදව්වක් නොකල නෑදෑ සනුහරේ එතන ඇවිත් ලොකු සීන් දාන්ඩගත්තොත් උන්ට දෙකක් ඇනීමට අවසර ලබා දෙමි..එන වුන් මගේ ලැපට කෙලිය හැකි බැවින්  එය පරිස්සම් සහිතව තැබිය යුතුය...මගේ DVD ටික සුප්පාට ගත හැකිය..කණ්නාඩි දෙකට කෙල හලන අතාට (රනාට) එය ගතහැකිය...අම්මා කේස් එක පාවිච්චි කරන හෙයින් එය තබා යා යුතුය...ෆෝන් එකට අත නොතැබිය යුතුය...ඇදුම් ටිකත් ඕනේ අයකෙකුට ගත හැකිය...මට දේපල නැති නිසා ඒ ප්‍රශ්න ඇති කර ගත යුතු නැත...."

"මා එක එකාගේ මලගෙවල් වලට සෑහෙන මුදලක් පරිත්‍යග කර ඇති හෙයින් උන්ම සල්ලි එකතු කර බිස්කට හා බීම ගෙන ආ යුතුය...අපේ පියාට හිතුනොත් නෙස්කැ‍ෆේ මැසිමක් ගෙන ආ හැකිය...මාරි නොකන නිසා චොකොලොට් බිස්කට් ගෙනආ යුතුය... නයිට් ගැසීම සීතූ සේ කල හැකිය...සම්පූර්ණ කාඩ් ගැසීම සුප්පා විසින් බලාගත යුතුය...ප්‍රවාහන කටයුතු බූට් රුවන් විසින් කල යුතුය...කොට චතුවාත් අහම්බෙන් පැමිණ මුණ පෙන්නා මාරු වුනාට අවුලක් නැත...එන්නේ නැති වුන් නාවාට අවුලක් නැත...ඒත් ආපු එවුන් යන්ඩ කලින් ගහපු හට් ටික ගලවා යා යුතුය..."

"දාන දෙන්ඩ කියලා ලොකුවට එක එකාගේ බඩවල් පුරවිය යුතුනැත.නෑයෝ නම් නාවාට කාරි නැත.... හැමදාම ආපු ගියපු එවුන් ටිකටයි රූපේ කියා මාව දන්න වුන්ටයි කතා කොට කන්ඩ ටිකක් දුන්නාට අවුලක් නැත....අතාගේ බඩ පිරවීමම පිනකි...එකෙන් මටත් පින් ලැබේ....බ්ලොග් ලියන වුන් ආවොත් වැඩය සල්ලි නැති නිසා දෙන ගල් අරක්කුව බාරගතයුතුය..."

 "මා මලොත් ඒක විකුණාගෙන නොකා යුතුය...දන්සල ඉස්සරහටත් දිගටම දිය යුතුය...උඹලා ලේ ටිකක් දෙන වෙලාවක මා මතක් කර දුන්නොත් ඇතිය.... "

35 comments:

  1. මේක මරුනේ :D මුල් පේලි කියවද්දී හිතුන රූපෙ මගේ අන්තිම කැමති පත්‍රේ උස්සල වත්ද කියල.මමත් කියල තියෙන්නෙ මම මැරුනම මිනිය මෙඩිකල් කොලේජ් එකට දෙන්න කියල.කොහෙවත් ලියල නම් නෑ හැබැයි අම්මටයි තාත්තටයි නම් කියල තියනව.අවයව දන් දෙන එකට තාම අත්සන් කරලා නෑ.අවස්ථාවක් හම්බුනා ගමන් ඒ දේ කරන්න ඕන.මැරුණම මිනිය මට අයිති නෑ ඒ ඉන්නේ මම නෙමෙයි. මම එහෙමයි හිතන්නෙ.ඒ නිසා මිනියට අඬන්නවත් සල්ලි නාස්ති කරන එකවත් වෙන්නේ නෑ අර වගේ අවයව දන් දීල මෙඩිකල් කොලේජ් එකට දුන්නොත්.ඒක කපල කොටලා කවුරුම හරි ඉගෙන ගනී නෙ .එහෙම ඉගෙන ගෙන තව මනුස්සයෙක් ජීවත් කරාවි :) නාස්ති කරන සල්ලි වලින් මැරෙන්න ඉන්න ලෙඩෙක් ජීවත් කරල ඒ පින අනුමෝදන් කරන එක ඊට වඩා හොඳයි . මෙතන තව ලිව්වොත් මගේ අන්තිම කැමති පත්තරේ මෙතන ලියාවි මේ ඇති. :D මෙහෙම අන්තිම කැමති පත්තර ලිව්වට කමක් නෑ ලෙඩක් නැතිව දිග කාලයක් හොඳට ඉන්න ලැබේවා කියල ඔන්න ප්‍රර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. මැරිච්චට පස්සේ අඩලා මක් කරන්නද?

      Delete
  2. මාත් ලියල බං තියෙන්නේ , අපේ ගැනි නං කියන්නේ , මගේ බොකු දියවෙලා හන්ද ගන්නේ නැ කියල , මං පාරක ලොරියකටවත් ඇඹරිලා කියල ආරංචි උනොත් උඹ අහල පහල ඉන්න එකා හන්දා සඩං ගාල ඇවිත් පාට්ස් දං දෙන වැඩේ කරහං ඇ , අපේ උන්දලට ඔය හදිස්සියේ ඔව්වා මතක් වෙයිද සුවර් නැ.

    ඔය ගැන මාත් එකක් ලියුවා බං කාලෙකට කලින්

    මේ තියෙන්නේ ඒක

    ReplyDelete
    Replies
    1. උඔගේ ලිපියත් කියෙව්වා...

      Delete
    2. ඒකත් මරු!
      ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා!
      දැන්වත් ඔය ගිනිවතුර බොන එක නවත්තහන්!

      Delete
  3. දැන් එතකොට බොන්ඩ එන උන්ට බයිට් දෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. නෙදකිං කැළනි හිගන්නා , ජීවත් වෙන්ඩ කාහං , කන්ඩ ජීවත් නොවි

      Delete
    2. අනේ මෝඩ මුසලයෝ , හිඟන්නෝ තමා ජීවත් වෙන්ඩ කන්නේ ..

      Delete
    3. බයිට් අරන් වරෙල්ලා! යකෝ මැරිලත් බයිට් එක ඉල්ලන්නේ මගෙන්නේ?

      Delete
  4. අම්මපා හැම එකාම ඔහොම හිතනවා නම්....

    ReplyDelete
    Replies
    1. හැම එකාම ඔහොම හිතලත් බෑ බන්! චන්ද්‍රා පනාගොඩලා ජීවත්වෙන්නේ කොහොමැයි?

      Delete
  5. උඹේ ඇස් ගන්න එකාටම අර කණ්නාඩි කුට්ටමත් යවපන්.. නැත්නම් ඒකාට ඒ ඇස් දෙකෙන් 'සත පහක' වැඩක් නෑනේ.. හැක හැක හැක..

    සක්.. එදා උඹ අර ගන්ඩ ගිය බොංගෝ එක ගන්න දුන්නනම්.. ඒක මට දීපිය කියන්න තිබුනා.. තව එකක්.. මැරෙනවනම් සතියේ දවසක මැරියන්.. වික් එන්ඩ් වලනම් මලත් එන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. අඩෝ කන්නාඩි දෙක දෙන්ඩ බෑ! එක දාගෙන තමා මම කූරියා ගහන්නේ!
      බොංගෝ එකක් ගෙනල්ලා සිංදුවක් කියලා ආතල් එකක් ගන්නවනම් එච්චරයි!

      Delete
    2. එක දවසක් කියහල්ලා බන්! එක එකාට එක එක දවස්! එකපාරයි මැරෙන්ඩ පුළුවන්!

      Delete
  6. හිහික්.. මං හිතුව තෝ ඇත්තටම වළ කජ්ජ ගහන්න යන්නෙ කියල අපිට කොහෙද එච්චර වාසනාවක් චිරාත් කාලයක් තොගෙ බෑගිරියාව අහන් ඉන්න එපැයි බුහැක්

    ReplyDelete
    Replies
    1. අඩෝ! එහෙම මැරෙන්නේ නෑ! එල්ලිලා ඉන්නවා! තොපිට වද දෙන්ඩම ඉන්නවා!

      Delete
  7. මලත් බොග දැමිය යුතු නිසා බූත රුපේ පැමිනෙන තෙක් ලැප හැම වෙලේම ඔන් කර තැබිය යුතුය.........

    ReplyDelete
    Replies
    1. එකෙන්ම!
      මලත් බොග හා බොක ම දැමිය යුතුවේ!

      Delete
  8. යකෝ මෙච්චර ඒකට හිටියට අපිට මුකුත් ම නෑනේ..... මෙන්ඩාට නම් ලැබිලා.... යකෝ මෙහෙමනම් උඹට මැරෙන්න අපි කීයටවත් ඉඩ තියන්නෑ......

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ගල් බලකාය එතන
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. ඇයි තොපිට නෙස්කැෆේ තියෙන්නේ? ඒ ඇති බන්!

      Delete
    3. ගල් බලකාය නම් ඉතින් සුපිරි ජාති ගෙනෙයි නොවැ?

      Delete
  9. හත්දොහේ දානෙ ගැනත් මතක් කොරපං...මොකෝ උමේ මිණිය බලන්ට එන්ට බැරිවුනොත් දානෙටවත් එන්ට පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒකට නම් ඔය හාල්මැස්සෝ ටිකක් බැදලා පරිප්පු හොද්දක් හදලා දෙන්නයි ඉන්නේ! උඹලා එනවානම් ඉතින් ඔය පලා කොල මොනවාහරි අරන් වරෙල්ලා!

      Delete
  10. උඔගේ මල ගෙදරට මම එනවා හැබැයි උඔත් මගේ එකට එන්න ඔනේ..
    මේක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එන්නම් එන්නම්! උඹ ඉතින් නාකියි නේ? හෙට අනිද්දා දිහාට වලකජ්ජ ගහයි මයේ හිතේ!

      Delete
  11. මෙන්න මේකත් එකතු කරහං.
    මෙතෙක් මා හට අරින ලද සියළුම දේශපාලකයින් එදිනටත් මළගෙදර පැමිණ එම ක්‍රියාවෙහි නොයෙදෙන මෙන් දන්වා සිටිමි.

    ReplyDelete
  12. මොකද මේ එකපාරම? සසර කළකිරිලද? :)

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ! අවදානම් රස්සාවක් කරනකොට කොයි වෙලේද කියන්ඩ බෑනේ?

      Delete
  13. මාත් පාර්ට්ස් ටික ලියලා තියෙන්නේ.. හැබැයි අවුල තියෙන්නේ ඉතාලියෙදි මැරුණොත් තමා.. ඉක්මනට පාර්ට්ස් ටික ගන්න බැරි වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. DHL එකෙන් එවන්ඩ කියහන්!

      Delete
  14. බ්ලොගයේ අයිතිය කාටෙයි?
    මට නං බැරුවා
    තියෙන එකත් දුවන්නේ
    ඒ කාලේ මහපොල හම්බවෙනව වගේ
    යලට මහට

    ReplyDelete
    Replies
    1. බ්ලෝගයේ අයිතිය වෙන්දේසි කරන්ඩ කියලා බැලුවේ! ඉන්න කාලෙට ප්‍රයෝජනයක් ගන්ඩ කීයක් හරි හොයා ගත්තෑකි‍නේ?

      Delete
    2. සාදරයෙන් පිලිගන්නවා ඔබතුමාව!

      Delete