Tuesday, August 25, 2015

ප්‍රිතීසහගත සමුගැන්මකින් ඉක්බිති....


සංගා ක්‍රිකට් වලින් සමුගත්තා! ලංකාවේ ටීම් එකේ හිටපු හොදම බැට්ස්මන් ගියා! දැන් ඉතින් අලුත් උන් අතේ තමා වැඩේ තියෙන්නේ! 


පට්ට ලස්සන කවර් ෂොට් එකක් ගහපු සංගා පිට පිට සෙන්චරි 4ක් දාපු එකම ඇති සෑහෙන කාලෙකට...සංගාගේ නමට ලියවිච්ච රෙකෝඩ් ටික කඩන්ඩ නම් තව සෑහෙන කාලයක් යයි! ඊටත් ඒ වගේ සුපිරි විකට් කීපර් කෙනෙක් තාම ටීම් එකේ නෑ...





තාම සනත්ට කැමති මිනිස්සු ඉන්නවා වගේ තව සෑහෙන කාලයක් යනකම් අපිට සංගාගේ අඩුව දැනෙයි! ස්ටම්ප් ටිකක් මිස් වෙනකොට වන් ඩවුන් 0 ට යනකොට අපිට ‍ගොඩාාාක් රිදෙයි! පෞද්ගලිකව රූපේ සංගාට කැමති ඒ Personalty ට...නියම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ පෙනුමක් හා වැඩ තියෙන්න්‍ෙ! අනික ඒ දේවල් ගොඩනගා ගත්තේ ටිකෙන් ටික...කුසල් පෙරේරා වගේ මැච් 10ට 100 වගේ නැතුව ස්ථාවර ව සෙල්ලම් කලේ! අලුත් කොල්ලෝ ගොඩකට චාන්ස් එක දුන්නා! සංගා මහේල ගියාම ඒ චාන්ස් එකේන් ආව උන් තමා මිලින්දලා ධනංජයලා.... සනා වගේ අන්තිම පීචං වෙනකන් ඉන්නේ නැතුව නම්බු පිට ගියපු එක මාර ගති....

දැන් ඩිල්ෂාන් තමා ටීම් එකේ වයසක ම ඩයල් එක...අවුරුදු 38ක් කියන්නේ දැන් පෙන්ෂන් යන්ඩ ඕනේ කාලේ! මාලිංග මැතිව්ස් චන්දිමාල් ඇරුනාම දැන් තියෙන්නේ පොඩි කොල්ලෝ ඉන්න ටීම් එකක්! උන්ට ඕනේ මැච්! අපේ තේරීම් කමිටුවේ ඉන්න උත්තමයන්ට වෙන වැඩක් නැති එකේ පරදින්ඩ හරි කමක් නෑ කියලා මැච් ටිකක් සෙට් කරලා දුන්නානම් මුන් ටික හදලා ගන්ඩ පුළුවන්! 
                                                 

ක්‍රිකට් වලින් පස්සේ සංගා කෝච් කරෝත් පට්ට! එ් වගේ මනුස්සයෙක්ගේන් ඒ වගේ වැඩක් ගන්ඩ ඕනේ!
අපේ ප්‍රින්සිපල් සංගාට තානාපති කමක් දෙන එක නම් හරි නෑ! ඕවා දේශපාලනේ ගෑවෙන ගූ ගොඩවල්! එහෙන් මෙහෙන් බලපෑම් එයි! අපේ ඉන්න පර දේසපාලුවෙන්ගේන් බේරිලා ජොබ් එකක් කරන එක පට්ට අමාරු වැඩක්! 


දෙවියනේ කියලා මේ හිටපු විදියට ඉතිරි ටිකත් නම්බු පිට හිටපන් මයේ දෙයියා!!


12 comments:

  1. අන්න ඒකයි වැඩේ. ජීවිතේ ඉතිරි කාලෙ නාගන්නවද නැද්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. නාගන්න එකක් නෑ කියලා අපි හිතමු!

      Delete
  2. සංඝත් රැල්ලට අහු උනොත් නම් ඉවරයි පුතෝ...

    ReplyDelete
  3. සිරාවට කතාවට නම් මාත් ඉහලින්ම එකගයි.. අපි බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා..

    දැන් ටීම් එක ෆෝම් වෙලා ගනට එනකන් අපිත් ටිකක් ඉවසීමෙන් මැච් බලන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් කියන්නේ ආයේ ඉතින් ෆුල් ම ඉවසීමෙන් තමා!

      Delete
  4. ගිය හකුරට නාඩන්නේ...තියෙන හකුරු රැකගන්නේ!!!

    ReplyDelete
    Replies
    1. මොකුත් ඉතුරු වෙලා නෑනේ බන්???

      Delete
  5. සංගාගේ මහේලලාගේ ජාන අරං අපේ දේශපාලුවන්ට විදලා උන්ටත් හරි කාලයට ගෙදර යන විදිහක් හදන්න බැරි දන්නෑ..... අම්මපා මුං මැරෙනකල් ම අතහරින්නෑනේ.....

    ReplyDelete
    Replies
    1. උන් ව නම් ඉතින් ගහලා තමයි එලවන්ඩ වෙන්නේ!!

      Delete
  6. ක්‍රිකට් ගහපු සංගක්කාර ගැන විතරයි මම නම් වොරිඩ්. ඊට පස්සේ ෂුවර් නෑ + වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපි නම් සම්පූර්ණ සංගක්කාර ගැනයි වොරීඩ්!

      Delete