Monday, September 14, 2015

රසිකලොජිස්ට එරෙහිව මරණ දඩුවම rasikologist vs. hanging



අපි ඉන්නේ ලංකාවේ....සාහිත්‍යයෙන් කිව්වොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය...ලොකෙන්ම උතුම් රට... ** තමා..... තියෙන ජරා වැඩ ඔක්කෝම දැක දැක අහක බලාගෙන ඉන්න මිනිස්සු පිරිච්ච රටක් මේක...ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ අනිත් එකා කරන කම් අපිට වෙනකන් දැනෙන්නේ නැති හිරිවැටිච්ච මිනිස්සු ඉන්න රටක් මේක.... අපි හැමදාම කලේ වාසි පැත්තට හුරේ දැම්මා! 

ලංකාවේ දේශපාලනේ තමා මේ හැමදේට ම මුල....අරයා මෙයා ගෙදර යැව්වා කියලා වැඩක් නෑ....ඒ තැනට එන්නෙත් හොරු මිනීමරුවො නම්......අනික රටේ නීතීය...ඒක යකාගේ නිතීයක්...මකුළු දැල වගේ තමා...පොඩි උන් අහුවෙනවා...ලොකු එවුන් බේරෙනවා....එදා ඉදලා ඒක උනා.....
                               "ගෝනවල රංජි සමාව"
   මේ කාලේ රූපේ හිටියේ නෑ...ඒත් ඒ කතාව දන්නවා...පොදු සමාවකින් ඌ එලියට ආවා....එදා රංජිට මරණ දඩුවම ලැබුනනම් කීදෙනෙක් ජීවත් වෙන්ඩ තිබුනද???  ඒවගේ කතා කීයක් තව ඇතිද??  

විද්‍යා......සදෙව්මි...... ඒ නිතීයේ හිඩැසේ ගොදුරු........කපල් එකක් අත් අල්ලාගෙන යනකොට කෑගහන පොලීසිය ලොක්කෝ අහිංසක කෙල්ලෝ රේප් කරන කොට සද්ද නෑ...අල්ලා ගත්තත් දෙන දඩුවම් පොඩ්ඩයි!  ඒවට නීතී හදන්ඩත් ඉඩක් නෑ.....

දැන් හරීයට වැරදිකාරයෝ ගැන අනුකම්පා කරන ආයතන වැහි වැහලා.....මානව හිමිකම් එකේ ඉදලා NGO කාරයෝ වෙනකම් ම වැරදිකාරයෝ ගැන තියෙන්නේ මාර කැක්කුමක්! පොලිසියේ අල්ලන් ගිහින් ගහලා ගහලා අහිංසකයෝ මරනකොට බොහෝම නිශ්ශබ්දයි! 

රසිකලොජි ලියන රසිකලොජිස්ට් බොහෝම මානවහිතවාදී පුද්ගලයෙක්.....එතුමාට අනුව "මරණ දඩුවම ද මිනීමැරුමකි"  තව විදියකින් කියනවනම් මරණ දඩුවම සිදුවිය යුතු දෙයක් නොවේ...... ඒකට රූපේට කියන්ඩ තියෙන්නේ "මහත්තයෝ ඔය මානවහිතවාදය තියලා ඉදගනින් කියලා තමා!"

සමාජයට අනතුරුදායක....සමාජයේ නොපැවතිය යුතු, පුද්ගලයින් ඉවත් කරන එක තමා යහපත් ම දේ....ඊටත් වඩා ඒක අනිත් පුද්ගලයින්ට අනතුරුහැගවීමක්....මත්ද්‍රව්‍ය ලෙදාම කරන එවුන් ව අල්ලලා හිරේ දානවා! උන් ලොයර්ස්ලා අල්ලලා එලියට ඇවිත් ආයෙත් පරණ වැඩේ ම කරනවා! කාම අපරාධ කරන උනුත් එච්චර තමා....ලංකාවට මීට වඩා බරපතල දඩුවම් ක්‍රමයක් අවශ්‍යයයි..කීයක් හරි දුන්නේ නෑ කියලා පොලිසීයට ඇතුලට දාන්ඩ පුළුවන් චාන්ස් එක වැඩි කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ.....අපරාධ සදහා දෙන දඩුවම් බරපතල කරන්ඩ ඕනේ....


කාම අපරාධ සදහා මරණ දඩුවම දෙන්ඩ ඕනේ....ඒකත් හංගලා රහසින් නෙවෙයි! ප්‍රසිද්ධියේ......මීට පස්සේ මේ වගේ දෙයකට ‍ලැබෙන පිළිතුර මේකයි කියලා පෙනෙනේඩ! අනික් බරපතල අපරාධ වලටත් මරණ දඩුවම නියම කරන්ඩ ඕනේ....

මේක ගැන රසිකලොජිස්ට් ගේ පැත්තෙන් කතා කරොත්.....අපිට අයිතියක් නෑ කාවවත් මරන්ඩ....එහෙනම් ඒ පුද්ගලයටත් අයිතියක් නෑ ඒ වගේ අපරාධයක් කරන්ඩ..... ඒ අපරාධය කිරිමෙන් සමාජයේ පැවතීමේ අයිතිය සමග ම මිනිස් අයිතිවාසිකම් ද ඔහු විසින් නැති කරගන්නවා!........  ඒ කියන්නේ ඔහු තව දුරටත් මිනිසෙක් නෙවෙයි! මිනිස් අයිතිවාසිකම් ගැන අපි කතා කරන්නේ ඒ අයිතිවාසිකම් වලට තර්ජනයක් ඇති වුවායින් පසුවය....

"මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි"

මිනිසුන් සහමුලින්ම ශිෂ්ඨාචාර වන්නේ බයෙන් ජීවත් වීම නැති වී ගිය දාට හා වැරදි කිරීම නැති වී ගිය දාට මිසක මරණ දඩුවම නැති වී ගියදාට නොවේ!.....ඊටත් මිනිසා යනු ස්වභාවයෙන්ම නවීනත්වයෙන් හා බාහිර ආටෝපයන්ගෙන් වෙස්වලාගත් තිරිසෙනෙකි.... තමන්ට අනතුරක් වීමට යන විට එයින් ආරක්ෂා වීම ස්වභාවිකය....
තේරෙන විදියට කිව්වොත්....


              කාලකන්නින්ට මරණ දඩුවම දිය යුතුය....උන් සිටීමෙන් වෙන සෙතක් නැත...අහිංසක ජීවීතයක් විනාස කල උන් ට කෑමකට ආරාධන කර අනේ ආයෙත් එහෙ කරන්ඩ එපා කිව යුතු නැත....
    

47 comments:

  1. එකෙක් දෙන්නෙක් එල්ලුවනම් .ලංකාවේ උසාවිවල නඩු ලක්ෂයක් දෙකක් අඩු වෙනවා ඒකාන්තයි..... පොල්ගෙඩියක් හොරකම් කරපු අවුරුදු අටේ පොඩි එකීව උසාවි දාන රටේ කුඩු රජවරු පාර්ලිමේන්තු යනවා... අපොයි මෙහෙමත් රටක්.....

    ReplyDelete
    Replies
    1. සල්ලි තමයි බන් හැමදේම!!! තිබුනොත් ගොඩ!

      Delete
  2. කාලකන්නින්ට අර කාලෙකට කලින් තිබ්බ හංගපු ආයුධ පෙන්නන්න එක්කන් යාමේ තියරිය සෑහෙන්න ගැලපෙනවා.. මොකෝ නඬු අහලා කාලේ කනවට වැඩිය ඒක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ! හැබැයි ඒක හරියට ම වැරදිකාරයින්ට ම විතරක් ක්‍රියාත්මක වෙනවනම්....

      Delete
  3. ගෝනවල සුනිල් ද මන්දා..........

    ReplyDelete
    Replies
    1. ඒකනේ....ගෝනවල නම් සුනිල් තමයි.....පප්පා සමාව දුන්නේ....
      මරණ දඬුවම එපා කියන එක හරි ඉස්ටය්ලිනේ රූපේ...තමන්ගේම පොඩි එකියෙක්ව රේප්කලොත් කවුරුහරි ඔය මානව හිතවාදී ආකල්ප සුටුස් ගාලා වෙනස් වෙනවා....

      Delete
    2. //තමන්ගේම පොඩි එකියෙක්ව රේප්කලොත් කවුරුහරි ඔය මානව හිතවාදී ආකල්ප සුටුස් ගාලා වෙනස් වෙනවා..//
      මට ඔය ආකල්ප අරව මේව ගැන දැනුං තේරුම් මදි.අපි කාටවත් කරදරයක් නැතුව අනුන්ටත් උදව්වක් කරගෙන දෙයියනේ කියලා ජීවත්වෙන අහිංසක මිනිස්සු..මගේ දරුවෙකුට ඔහොම අපරාධයක් කරොත් ඌ පුනුරුත්තාපනේ උනත් එකයි නැතත් එකයි හැමනුනත් ඒක මට අදාල නැ. කියන තැනක දිවුරලා කියනවා මං ඌව වධ තිස්දෙකම දීලා කෑලි කෑලිකපලා මරලා දානවා දානවමයි !!!!! දෙයියන්නාංසේ කීවත් ඒකෙනං දෙකක් නෑ !!!

      Delete
    3. මගේ පරම හතුරා වුනත් මේ අවස්ථාවේදී මම පත්තර මල්ලිගේ පැත්තේ හිටගන්නේ, තුවාලේ තියෙන මිනිහා වේදනාවට දරුණු වෙන්න් පුළුවන්. ඔය සුන්දර පතරංග ටෝක් නෑ තමුන්ට වුනු වෙලාවක

      Delete
    4. ඔව් ඔව් ගෝනවල සුනිල් තමා!! මගේ කාර්මික දෝෂයක්! අපි ඉතින් ඔය කාලේ හිටපු උදවිය නෙවෙයි නේ??

      Delete
    5. @cheif........

      ඔන්න හැදුවා! එකෙන්ම තමන්ට නොවෙනකන් තමා කැක්කුම!!

      Delete
    6. @පත්තර මල්ලී

      එකෙන්ම......මාත් එච්චරයි! ඌ පුනරුත්තාපනය කලා කියලා වෙච්චි දේවල් හරි යන්නේ නෑ තමා! ඒත් ඒ වගේ එකෙක්ට මරණ දඩුවමක් දුන්නම ඊළගට ඌගේ ගොදුර බේරෙනවා!!!

      Delete
    7. @ඉවාන්..........

      ඔය වගේ ලස්සන ටෝක් එකකට පුළුවන් ඈත ඉදලා ලස්සන චිත්‍රයක් මවන්ඩ! ඒත් ඇත්ත එච්චර සුන්දර නෑ!

      Delete
    8. මගේ දරුවෙකුට වුනොත් මාත් මේ තීරණයම ගන්න හුඟක්ම ම ඉඩ ..තිබෙනවා. හැබැයි මරණ දඬුවම දෙනවට විරුද්ධව තමා මම අත්සන් කරලා .තියෙන්නේ. ඒක කලේ මේ රටවල පොලිසිය බොරු සාක්කි දාල නඩු යවල මරණ දඬුවම ලබපු මිනිස්සු ගැන දුක .හිතිලා. අනික හුඟක්ම ඇමෙරිකාවේ හෙම මරණ මරණ දඬුවම ලබන්නේ කළු මිනිසුන් නිසා... එතන කිසියම් වැරැද්දක් තිබෙනවා කියල පෙනී .යනවා.

      Delete
    9. කට්ටිය මොනතරම් පොරටොක් දුන්නත් තමන්ගේ කෙනෙක් මැරුණහම යන්න වෙන්නේ පොලිසියට පොලිසිය හොයල දෙන එකාව මරන්න වෙනකොට තමන්ග ඔය තියෙන ආවේගේ ගිහිල්ල හරියට තව සතියකට පස්සේ එල්ලුම්ගහ ඕන වෙන්නේ මේ වගේ තව අපරාධයක් වුනහම වගේ
      තමන්ගේ කොනක්ට එහෙම දෙයක් වුනොත් කැලැ කැලි වලට කපල මරණව කියන එක හිතලුවක් විතරයි
      සල්ලි තියෙන එකෙක්නම් ඹ්නෙනම් පතාල කාරයෙක්ට සල්ලි දිලා වැඩේ කරයි. අපිට ලොකු අවේගයක් ආවේ නැත්නම් නිකන් හිතල මිනි මරන්න බැහැ
      එකාව පස්සේ දවසක පාරකදි හම්බවෙලා මොකක් හරි කියුවහම ඒකට තදවෙලා වගේ ආවේගයක් ආවොත්නම් කරයි
      බොරුවට දෙන පොර ටොක්

      Delete
    10. @Ajith අයියා

      ඒවට ඉතින් ජාතිවාදයත් බලපානවනේ? මෙහෙ නම් ඉතින් සල්ලි වලට තමා ඔක්කෝම!

      Delete
    11. @ඇනෝ
      ඒ ඉතින් රටේ හැටි තමා...නිතීයෙන් හරියට සාධාරණය ඉෂ්ට වෙනවා නම්....ආයේ මිනිස්සුන්ට නිතී අතට ගන්ඩ වෙන්නේ නෑ! බොරු පොර ටෝක් වෙන්ඩ පුළුවන්! සමහර විට එහෙම නොවෙන්ඩත් පුළුවන්! අපිත් එක්ක පැටලිලා නෑනේ?

      Delete
  4. මරණ දඩුවම දීමට කතා කරන පුද්ගලයන් පවතින නීතීයතුලින් වැරදිකරුවන් කරනුයේ කවුරුන්වද යන්න පිලිබදව අවබෝධයක් තිබෙද?
    ඇත්තටම ගැටලුව තියෙන්නේ මරණ දඩුවම ලබා නොදීමද නැත්නම් සමාජයට අනෙකාගේ සහ තමාගේ ජිවිතයේ තියෙන වටනාකම පිලිබදව හැගිමක් නොමැති වීමද? ඒ වගේම පවතින පුනුරුත්තාපන ක්‍රීයාවලිය තුලින් පුද්ගලයෙක් තමන්ගෙවැරදි සහ අඩුපාඩු නිවරදි කර නොගැනීමද?
    පවතින නීතීය තුලින් නිවරදි පුද්ගලයකු වැරදි කාරයෙක් වෙලා මරණිය දඩුවම ලැබුවොත් ඒ වරද නිවරදි කරන්නේ කොහොමද?
    හොරකම් කරන කෙනෙකුගෙ අත කැපුවහම හොරකම් කරන එක නවතිවිද?
    පවතින නිතීය ඇතුලේ සල්ලි වියදම් කරල අපරාධ කරුවන්ට බෙරිලා යන්න බැරිද?
    ඒකට ආයුධ පෙන්නන්න ගිහින් මරල දැම්මහම හරිද? පහුගිය කාලෙම එහෙම කරල අපරාධ අඩු වුනාද?

    ReplyDelete
    Replies
    1. මේකට නම් සම්පූර්ණයෙන් එකඟයි.

      නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම හා නීතිය ප්‍රතිසංන්සකරණය වීම විය යුතුයි.
      නැතිව තව කෙනෙක්ව මරලා විසඳුම් හොයනාවා කියන එකනම් බාබෙරියන් වීම විතරයි.

      Delete
    2. @ඇනෝ.......

      මම අහලා තියෙන විදියට මිනිස්සුන් හික්මවන්නේ පවට ඇති ලැජ්ජාව හා බය විසින්!  ලැජ්ජාවට වඩා මිනිස්සුන් ව හික්මවන්නේ බයෙන්!!!
      වරදට ලැබෙන දඩුවමට බයෙන් වරදින් වැලකෙන අය කොච්චර ඉන්නවද?? නැතුව ඔහොම කරන්ඩ එපා කියලා කිව්වට අහන්නේ කවුද?
      නිතීය වැරදියි තමා!! සමාන නෑ තමා!! ඒත කොහෙන්හරි පටන් ගන්ඩ එපැයි!

      Delete
    3. @Buru Babe

      විසදුම් හෙවීමක් නෙවෙයි! විකෘතිකයෙකුගෙන් අනිත් අය ආරක්ෂා කිරීමක්! අපරාධයක් කරලා බේරිලා ඉන්ඩ පුළුවන් නම් හැමෝම අපරාධ කරන්ඩ පටන් ගනියි නේ?

      Delete
  5. නීති පුළුවන් තරම් අඩුවෙලා සමාජ සදාචාරය උඩ එන එක තමයි විය යුත්තේ නම්.. නමුත් එතනට එන්න ලේසි නෑ.. ඒ අමාරු කාලේ පවතින නිති සමසේ හා නිවරදිසේ භාවිතා කොට දඬුවම් ක්‍රියාත්මක කල යුතුයි. මෙතැනදී ඇටෑක් සහ ඩිෆෙන්ස් දෙකම නියම ප්‍රමාණයන්ගෙන් මිශ්‍ර වෙන්න ඕනි. ..
    සේයා සදෙව්මි ළදරියගේ කෘර ඝාතනය ගැන තවමත් කම්පාවෙන් :'(

    ReplyDelete
    Replies
    1. කම්පා වුනේ දැනුන නිසා! 
      මේකට වැරදිකාරයාට අවවාද අනුශාසනා දීලා ගෙදර පලයන් කියලා කියන්ඩ හිතෙනවද?

      Delete
    2. මං නම් හිතන්නේ නෑ අපිට සදාචාරය කියන එකෙන් වැරදි අඩු කරන්න පුලුවන් වෙයි කියලා..අපි ඇවිල්ලා මහාලොකු සිංහල බෞද්ධයෝ.අඩුගානේ පන්සිල් පද 5වත් රකිනවද්?තම තමන් ගැන හිය්හලා බලන්නකො.ඉත්ං කොහෙද රටේ "සදාචාරයක්" හදන්නේ!

      Delete
  6. මිනිසෙකුට තවත් මිනිසෙකු මරන්න අයිතියක් නැති නම් මිනිසුන් කණ්ඩායමකට ඒ අයිතිය කොහෙන්ද? මරණයට මරණය යනු ම්ලේච්ඡ ක්‍රියාවකි. එය හොරකමට අත් කැපීම, ලිංගික ක්‍රියා කළ විට ගල් ගසා මැරීම වර්ගයේ එකකි.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් කණ්ඩායමකට අයිතියක් ලැබෙන්නේ එක් මිනිසෙකු අපරාධයක් කරනවාත් සමගමයි! තමන් අනතුරුවලින් බේරි සිටීමට සෑම මිනිසෙකුට ම අයිතියක් ඇත...සමාජයට වන හානිය වලක්වාගැනීමට එවිට මිනිසුන් කණ්ඩායමකට අයිතියක් තිබිය යුතුය...

      Delete
  7. මෙහෙමනේ රූපේ , මරණ දඬුවම ඔය කිසිම දෙකට එකම විසන්දුඅම නෙවෙයි. මරණ දඬුවම දුන්නා කියලා ඔය දේවල් වල අඩුවක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මරණ දඬුවම එපා කියන එකෙන් ලොකු මාකට් එකක් හැදෙනවනේ, මරණ දඬුවම අමානුශිකයි කිව්වම හෙන ඉන්ටර්නැෂනල් පොරක් වෙන්න් පුළුවන්. ඔය වගේම තමා අනික් දේවල් වලදීත්. මරණ දඬුවම තිබ්බා නොතිබ්බා නීතිය හැමටම සාධාරණ ව්දිහට ක්‍රියත්මජ වෙන පරිසරයක් හදන්න ඕන. එක තමයි මූලික කාරණය. මිනිස්සු ඉබේ ශීලාචාර වෙනකන් බලන් ඉන්න පුළුවන් සමාජයක් ලංකාවේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන අපක්ෂපාතිව

    ReplyDelete
    Replies
    1. අපක්ෂපාතී නිතීයක් අපිට බලාපොරොත්තු වෙන්ඩ බැරි වෙයි කවදාවත්....එච්චරට අපේ බලු දේශපාලනේ වැඩිලා තියේනේ....මරණ දඩුවම හැමදේකටම විසදුම නෙවෙයි තමා...ඒත් විසදුමක ආරම්භය වෙන්ඩ පුළුවන්!
      ඉන්ටර්නැෂනල් පොරක් වුනා ම ලොකුද දන්නෑ නේද බන්?

      Delete
  8. ළමයි පොඩ්ඩක් මේකත් කියවලා බලන්න.
    http://thisuriwanniarachchi.com/2015/09/15/%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%92/

    ReplyDelete
    Replies
    1. අඩෝ ලින්කුවක් දාන හැටි දන්නැද්ද

      Delete
    2. ඒක නම් පිස්සු ආ!!! කවුද බන් ඒ ලස්සන අක්කා?

      Delete
    3. එකේන්ම! ලින්කුව නම් අවුල් තමා!!

      Delete
  9. මම නිතරම බන්ධනාගරයට යන එන කෙනෙක් (වැරදි කරලා එහෙම නෙවෙයි,මම සුභසාධන සමීතියේ ඉන්නවා).සමහර ගලේ ගැහුවත් හදන්න බැ.මහා අපරාධ කරපු සමහරැ වෙනස් වෙලා ඉන්නවා.මම දැක්කා සංසරණි එකේ ඔය ගැන හොද ලිපියක් පල කරලා තිබෙනවා.මෙ තියෙන්නේ ලින්ක් එක

    මෙතනින් එම ලිපිය බලන්න

    ReplyDelete
    Replies
    1. සමහරු වෙනස් වෙලා තමා! ඒත් එයාලා කරපු හානිය ගැන මොකද??
      ඒ ජිවීත වලට මොකද වෙන්නේ?

      Delete
  10. නීති තද කරන්න ඕන මිනිස්සුන්ට දැනෙන්න.ඒ වගේම තාමත් මේ විදිහට මේ අපරාධ වෙන්න හේතුව හොයාගෙන එකට විසඳුමක් දෙන්න නැතිව හිතුමතේට නීති ක්‍රියාත්මක කරලත් වැඩක් නෑ .

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට දැනේනඩ නිතී ක්‍රියාත්මක කරන්ඩ ශ්‍රි ලංකාව හරි දක්ෂයි!
      හොදම උදාහරනේ තමා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන්ඩ හදපු එක....

      Delete
  11. මේගැන ලියැවුණු සේරම පෝස්ට් බල බලා යනවා......

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩ වුනාට ස්තූතියි!!

      Delete
  12. මේ පෝස්ට් එක තුළ මිලේජ්ජත්වය මිස කිසිවක් නෑ. ඔබේ මානසික මට්ටම අනුව ඔබ ලිපියක් ලියා ඇත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත! මගේ මානසික මට්ටම අනුව මම ලියා ඇත..... මේ වගේ අපරාධයක් කරපු එකෙක්ට "අනේ ආයේ එහෙම කරන්ඩ එපා" කියලා ආපහු එහෙම දෙයක් වෙනකන් බලාගෙන ඉන්ඩ පුළුවන් තරම් මානසික මට්ටමක් රහිත පුද්ගලයෙක් ලෙස මම ජීවත් වෙමි!!
      මේ පොස්ටුවෙන් ඔබේ සිනිදු හිත රිදවූවා නම් සමාවෙන්න!

      Delete
    2. @ඇනෝ

      ඉංගිරීසී දන්නේ නෑ බන්!!! සිංගිලිෂ් වලින් වත් කෙටුවනම්!

      Delete
  13. ඔය ඇතුලෙදි හැදෙනවයි කියල කියන එක වෙන්නේ බොහොම කලාතුරකින් , බන්ධනාගාර තුලින් වරදකරුවන් හැදෙනවයි කියල කියන එක විහිලුවක් , අපරාධමය වරදවලින් හිරේ යන මිනිස්සු නැවත වරදක් නොකරනවනං දාහකිං එකෙක් තමා , එහෙම වෙන්නෙත් තමන්ට වෙන අසාදාරනයක් නිසා වරදට පෙලබෙන කෙනෙක් මිසක් , බජාර් එකේ අයියල නෙමෙයි, ඇතුලෙදි මල් පුජා කරගන බුදුන් වැදගන ඉන්නව නිදහසේ ඉන්න , එලියට ගිය ගමං පුරුදු සතාම තමා. මහර බන්ධනාගාරයේ හිටියා එස් ඩී නිමල් කියල පොරක් , රැ දහයට දොලහටත් පොර ලී ගේට්ටුවෙනුත් එලියේ , කසාදයකුත් කරගන හිටියේ, නිදහස් වෙලා ටික කාලයකින් හොද හොද ගේම් ටිකක් දීලා එහෙම හිටියේ , පස්සේ විරුද්දවාදීන්ගෙන් මැරුම් කැවා, අහල බලන්න අනුගනන් වල අග සහ දෙදාහේ මුල මහර හිටපු කෙනෙක් ගෙන්

    ReplyDelete
    Replies
    1. ඔනේ තරම් අහලා ඇතිනේ "මම මහඋළු ගෙදර ඉදලා ආවේ! අපහු යන එක මහ කජ්ජක් නෙවෙයි කියලා කියනවා!" අන්න ඒ වගේ තමා!!! මුන් හදන්ඩ බෑ!! එක්කෝ අපි ඒවා වෙන්ඩ දීලා බලන් ඉන්ඩ ඕනේ! නැතතම් එහෙම කරපු එකාව අල්ලන් ඌට ගේමක් දීලා ඊළගට ගේමක් ප්ලෑන් කරන එකෙක්ට බයක් දෙන්ඩ ඕනේ!

      Delete
  14. රූපේ මේකේ අපි නොදකින බැරෑරුම්කම් බොහොමයක් තියෙනවා....... අපිට මේක කතා කරන්න තිබුණා සර්ව සාධාරණ නීති පද්ධිතියක් සහ නීතිය ක්‍රියාත්මක කරන්නට සාධාරණ අායතන පද්ධිතියක් තියෙනවානම්... අඩුම ගානේ ඒහෙම දෙයක් පේන්නවත් නැතිකොට මොන මරණ දඩුවම්ද බං...... ?????? මරණ දඩුවම තිබ්බානම් උඹ ලියන දෙයක් වැරදියි කියලා අල්ලං ගිහින් රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කරා කියලා උඹට හිතන්නෙවත් නැති වගන්ති පටලවලා මරලා දායි... ඒදාට මේක අසාධාරණයි කියලා වැඩක් නැහැ.. මේක ඒන්න කලිනුයි නවත්ත ගන්න අවශ්‍යය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත..අන්න එහෙම දෙයක් තියෙනවා.නීතිය අසාධාරණව හා අයුතු ලෙස ක්‍රියත්මක වන මෙවන් රටක කුඩු දාලා හිටේ දානවා වගේ අහිංසකයෙක්ව එල්ලුවොත්..ඒ පාඩුව කාටද? මරණ දඩුවනට විරුද්ද නෑ..ඒත් මං ඒක ගැන විශ්වාසයක් තියාගන්න අමරුඉ මේ තත්වෙ මත.

      Delete
  15. පොලීසියේ දෙන පාපෝච්චාරණ උසාවියේ ඇඩ්මිසිබල් නැත. තවද උසාවියේම වරද පිලිගත්තත් මිනීමැරුම් නඩුවල රජයේ සාක්ෂි මෙහෙයවිය යුතුය මන්ද එය මිනීමැරුමක් නොවන සාවද්ය මනුෂ්‍ය ඝාතනයක් (එයට මරණ දඬුවම නැත ) විය හැකි බැවිනි

    (සැයු. මෙය මරණ දඬුවම ප්‍රොමෝට්කිරීමට ලියූවක් නොව ඔය කියන තරම් ලේසියෙන් මරණ දඬුවම දෙන්නේ නැති බවත් දුන්නත් එය ක්‍රියාත්මක ක්‍රීමට පෙර තව ඒ ගැන පටිපාටියකුත් ඇති බව මතක් කිරීමට ලියූවකි )

    මරණ දඬුවම දෙන්නට කියන්නන් හා එපා කියන්නන් දෙගොල්ලොම හැඟීම් මත කතාකරන බව මට නම් සිතේ.

    (වෙනත් බ්ලොග් එකක මගෙ කමෙන්ට්)

    මට ෂුවර් නෑ මරණ විසඳුමක්ද කියල. ඒත් සීමිත කාලයකට එය ක්‍රියාත්මක කර බැලීමට මගේ කිසිදු විරුද්ධත්වයක් නෑ. ඔය අහිංසකයො එල්ලුම් ගහට යයි කියන අය දන්නෙ නෑ දැනට මරණ නියමවෙලා මහජන මුදලින් නඩත්තුවෙන එවුන් කොහොම එවුන්ද කියල. දැන ගත්තොත් ඔය තරම් කෙස් පැලෙන තර්ක ගේන එකක් නෑ

    ReplyDelete