Monday, September 28, 2015

කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය....



ඉස්සර කාලේ ෆේස්බුක් ගියේ ටී.වී තිබුන චයිනීස් ෆෝන් එහෙකින්....ඒ කාලේ හොද මොකක් හරි හම්බුනොත් කලේ ඒක බුක්මාර්ක් කරපු එක...නැත්තම් කොපි කරලා නෝට් එකක් විදියට දාගත්ත එක....සෑහෙන කාලෙකට පස්සේ ඒවා අස්සට ඔලුව දාපුවාම හමුබුනේ....ප්‍රසිද්ධියේ කියන්ඩ බැරි ගොඩක් ජාති එක්ක....

මේක ඒ කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්ඩ ප්‍රසිද්ධ එකක්....ලියපු කෙනෙක් නැතුව එහෙ මෙහෙ ගියපු එකක්....සුපිරි නිසා ඇදලා දැම්මා!
අයිතිකාරයා දන්නවනම් කියන්ඩෝ.... මල් තියලා වදින්ඩ වටින ඩයල් එකක්!!!


මඩේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ට්‍රැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්

ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ
රේස් පදින‍ කොට කොල්ලන් තියයි හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලන් දමයි හිරේ
ඩීටි පදියි තේ වත්තේ සින්න දොරේ

සිලින්ඩර්ම හතරයි එන්ජිම ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
ෂොක් එක මොනෝ යන එන කොට නම් සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය

අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
ලොකු හෙඩි ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නෙම වෙච්චී
අනේ මට හොදයි බාජා ටූ ෆි‍ෆ්ටී

මැෂින් නැතුව මැනුවල් හයි කර කෑලී
ඇමරිකානුවන් මේවට හරි ලෝලී
පස්සෙ තියාගෙන තම ආදර බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී

කොල්ලට කොහෙවෙතත් බල්ලට නම් නොහැකී
දිගට වඩා පළල වැඩියි ගොඩ නැවකී
රේස් පදින ලැයිසන් ඇති මගේ සකී
ෂේන් පදිනවා තවුසන් කවසාකී

හතලිස් නමය සී සී එන්ජිම චූටී
දම් පාටයි ලා රතු පාටයි ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි ‍නොතනියට සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි ස්කූටී

පල්සර් තිස්පහයි හතලිහ අතර කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
බොක්සර් එක ලීටරේට හැටක් කරයි
සී ටී එක පෙට්‍රල් සුවදටත් දුවයි

කාර් වෑන් පෙජරෝ ලොක්කන්ගේ ය
ඒසී එකේ යනකොට සුරසැප වේ ය
වැස්සට තෙමී අව්වට අපි වේලේය
මේවයෙ තියෙන ආතල් ඒවයෙ නෑය.


**************************************
හෙන ගේමක් දීලා අවුරුදු 2ක් ලියලා යන්තම් 50ක් ලියා ගත්තා ඕයි!!!

28 comments:

  1. උඹ පට්ට කවියක් තියෙනව කිය කිය හිටියට දැන්නෙ දැක්ක
    මොනා වුණත් උට මල් තියන්නම වෙනව තමයි
    හැබැයි මේක දැක්කොත් ඉස්සුව කියල පුස්සෙ විකසිත වෙන්නත් බැරි නෑ

    අර සීටි ය ගැන කියල තියෙන එක නං සිරාම තමා ඈ...
    එල

    ReplyDelete
    Replies
    1. තාම නම් සද්දයක් නෑ!!
      සී.ටී එක කැතයි බන්!

      Delete
  2. 50ට සුබ පැතුම් චක්කරේ...
    ඔය කවියා මාත් ද්වසක් බුකියෙ දැක්කා. මොනා උනත් කියන්න ඕනෙ ටික නියමෙට කියලා තියෙනවා.
    කෙට්ටු අපට මොන හොනෙට්ද කියලා හිත හදාගන්න තමයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බන්!! අපිට මොන හොනට් ද?

      Delete
  3. චක්කරේ................... බොක්කෙන් ම සුභ පැතුම් 50 ට..............

    ReplyDelete
  4. අඩේ පට්ට කවිය ඈ මොනා උනත්..

    50ට සුබ පැතුම් වේවා මචෝ...

    ReplyDelete
    Replies
    1. සිරාවට ම පට්ට කවිය බන්!

      Delete
  5. පණහට උණුසුම් සුභ පැතුම්!!!!!!!! සීයත් ලඟ ලඟම වේවා!!!!!!!!!!!!!!!!
    ලියපු එකා මොකා වුණත් සුපිරි පද බැඳිල්ලක්. බෙදාගත්තාට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!
      ආයේත් අහලා.....පට්ට වැඩ්ඩෙක්!

      Delete
  6. මාත් සුබ පතනවා දුර්ලභ නිමැවුමක්. සැබෑම කවියක් !

    ReplyDelete
    Replies
    1. හැමදාම අහන දකින දේවල් ටිකක් නියමෙට ලියලා!!

      Delete
  7. පනහට සුබ පැතුම්

    ReplyDelete
  8. සුබ පැතුම් චක්කරේ.... මාත් ආසම වාහනේ ඕක තමයි හැබැයි වර්ගෙ නම් අහන්න එපා මං වර්ග ගැන නම් කියන්න දන්නෑ මට ඔක්කොම එක වගේ පේන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලෙඩක් බන්!!!

      Delete
  9. 50ට මගෙනුත් අවංක හදපිරි සුබ පැතුම් ඈ.............. කවියනම් සුපිරි තමා.............

    ReplyDelete
  10. පනහට අනුගේ එකක් එල්ලීම ගැන විරෝධය :) මොනා උනත් ජය වේවා!

    ReplyDelete
    Replies
    1. දැම්මාට පස්සේ බන් දැක්කේ!!!

      Delete
  11. කොහෙන් හරි පට්ට කවියක් ඕයි.. පනහට සුබ පැතුම් ඔන්න මගෙනුත්

    ReplyDelete
    Replies
    1. පට්ට ම පට්ට කවියක් බන්!!! ලිව්ව ඩයල් එක නම් නියමයි!!!

      Delete
  12. බයික් උණෙන් ඉන්න එකෙක් ලියපු එකක් නේද? නියම පද පෙළ.
    පනහක් කියන්නේ හොඳටම මදි හොඳටම මදි

    ReplyDelete
    Replies
    1. මදී??? මගුලක් කතා කරනවා!!!

      Delete
  13. https://m.facebook.com/?_rdr#!/profile.php?id=1093535954006931&tsid=0.37823596304972273&source=typeahead
    මෙන්න ලින්කුව "යකඩ හීන"..මං හිතන්නේ මූ තමයි පොර.මීට වඩා ලස්සන කවි තියෙනවා ෆොටෝ වලට ගොහින් බලන්නකෝ.Shamal Husky

    ReplyDelete
  14. හාප් සැන්චොරියට සුබපැතුම් කිව්වා!

    ReplyDelete