ඔබේ ප්‍රේමය ඉවසමි
හිතවත,
ඔබේ ප්‍රේමය ඉවසමි
හැබැහින්
විසිකරලනු සවියක්
නැති හෙයින්....
අසමි මගේ රුවගුණ
හිලව්වට
මගේ දුක් ගී ඔබ
ඇසුව ණයට....
කියමි දවසේ කතා
නැතිකමට
මට සවන්දෙන
වෙනත් කෙනෙකු....
අගයමි ඔබේ වෙහෙස
මා වෙනුවෙන්
කැපවෙන
ණයබර වැඩිකරන....
සිතමි ඔබේ පව
කවරදැයි
පෙම් කෙරුමට
මේ මෝඩ කෙල්ලට....
මේවට ඉතින් මොනවා කියන්නද මන්දා..
ReplyDeleteඒත් ඉතින් ඉවසීමේ අන්තිමක් එන දවසකුත් තියෙනවා හැබැයි..
එතන නේද ඉවසිය යුතුම තැන??
Deleteඋඹ මාසෙ දෙකකින් විතර නේද මේ පෝස්ට් එකක් දැම්මේ ?
ReplyDeleteඔය දාලා තියෙන්නේ සිරාම කවි පෙලක්
අප්පේ ඔව්...නෙට් කපලා තිබුනා නොවැ මේ සුලු වැරැද්දකට...
Delete++++++++
ReplyDelete*_*
Deleteආදරේ අන්ධයි.. ඕව ඔහොම තමයි..
ReplyDeleteඒකනොවැ මම කන්නාඩි දාන්නේ?
Deleteපියඹ,
ReplyDeleteදුටුවිට තරු කැට
පරදන ඔබේ ඇස්
වැළඳගමි මගෙ
ආත්මයෙන්ම
ඔබව සදහට........
උගසට තැබූ හදවත
සින්නවූ දින පටන්
වහලෙක්ය මම ඔබගෙ...
දින සති අවුරුදුද
වියැකී ගොසින් හෙමිහිට
දස දෙසින් අප පෙළන
නේක ගැටළු හමුවෙ
නමුණුකුල සේ නොසැලි
සිටින්නෙමි මා පියඹ
දිදුලන ඔබේ නෙතු
ඝනඳුරු දිවි මගේ
පහන්ටැඹක් වන නිසා
වාව්...ව්.. :)
Delete:D mata ne? (Y)
Deleteඅම්ම ගහයි!!!
Deleteචක්කරේ පාඩම් කරන්න අවස්ථාවක් නැතුව හිටියෙ. ඔය ඇවිත් තියෙන්නෙ
ReplyDeleteමතක් වෙනකොටත් නිකන් දාඩියයි දාඩියයි වගෙ!
Deleteණය වෙනවා කියලා හිතන එක අනාගතේට ඒ තරං සුබ නෑ. මුදල් ඇර අනෙක් දේවල් ණය කියලා දෙන්නම හිතන්න හොඳ නෑ.
ReplyDeleteමම කිව්වෙ මේකෙ ගැබ්වුණු අදහස ගැන. උඹේ කවිය සුපිරි! මේ හැකියාවෙන් වැඩ ගන්න ෆ්‍රික්වෙන්සි එක හොඳටම මදි. ඒ ගැන මගේ බලවත් මෙව්වා එක.
අනේ මන්දා බන් ඉතින්! එහෙම ලියන්ඩ කික් එකක් නෑනේ බන්!
Deleteහැමදාම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ ජීවිතේ මාරයි මචං.... අාදරේ... ඒ ජීවිතේ අැතුළේ තියෙන තවත් මාරම මාර දෙයක් තමයි......
ReplyDeleteමාර ම මාරයි තමා බන්!!
Deleteගති.
ReplyDeleteඑකෙන්ම...පැමිණියට ස්තූතියි!
Deleteඅඩේ මෙහෙට ආව පලවෙනි වතාව.මරු හොඳේ... ඇති හැකි වෙලාවල පරණ ටිකත් කියවන්නෝනි.
ReplyDeleteඑල එල!!! වරෙන් වරෙන්!
Deleteඅර්ථවත් කවියක්. ආපු පලමුවෙනි දවස. සුභ පැතුම්
ReplyDeleteඔබතුමාගේ පැමිණිම අගය කරමි...දිගටම එන්න!
Delete