Wednesday, December 9, 2015

ගල් බලකායට හොද වැඩේ!!!!




රූපේලාගේ ඔෆිස් එකට එන පට්ට I.T වැඩ්ඩෙක් මේ දවස්වල ඉන්නේ අම්බානක හිතේ අමාරුවෙන්..ඒ වෙන මොකේකටවත් නෙවේ...යමපාලන ආණ්ඩුවෙන් අරක්කු ගනන් ගිය එකට....

අයියා මොකෝ සීන් එක? නිකන් අවුලෙන් වගේ....

අවුල් නැද්ද බන්...මේ හු...බියර් වලත් ගනන් වැඩි කරලානේ? පොඩි කික් එහෙකට බියර් එකක්වත් ගහන්නේ කොහොමද කියහන්කෝ?? ගලක් ගහන්ඩක් දැන් ‍තුන්දෙනෙක්වත් ඕනේ....

අයියලාගේ ආණ්ඩුවනේ??

එ්ක තමා බන් අවුලෙන් ඉන්නේ....මේ හු........ලට මමත් චන්දේ දුන්නා නේද කියලා මතක් වනකොට තමා බන් අවුල්...හරියට අපි නිකන් ඉල්ලලා වැඩි කරගත්තාවගේ නේ?

ඕක  මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන දැවෙන ප්‍රශ්නයක්....Label 5 බීපු එවුන් දැන් බොන්නේ VX....  SMIRNOFF බීපු එවුන් දැන් බොන්නේ ගල්.....  එතකොට ගල් බීපු උන්? ඒක ගැන අහන්ඩ ඕනේ ගල් බලකායෙන් තමා...කොහොම වෙතත් මිනිස්සු බොන්ඩ ම ඕනේද???

බොන්නේ ඇයි? සරල ප්‍රශ්නයක්..එත් සරල උත්තරයක් නම් නෑ..."ආතල් එකට", "ප්‍රශ්න අමතක වෙනඩ" , "හුග කාලෙකින් බිව්වේ නැති නිසා" , "නිකන් හම්බුන නිසා", "නොබී බැරිකමට" වගේ හේතු නම් දාහක් විතර හොයාගන්ඩ පුළුවන්....ඒත් ඇත්තම හේතුව මොකක්ද කියලා කවුරුවත් හරියට කියන්නේ නෑ....රූපේ නම් කියන්නේ ඔය බොන්නේ "පෙරේතකමට"...

බීපුවාම ආතල් නම් මොකටද අනිත් ආතල්?? ඒ වගේම නොබොන උන්ට ආතල් ගන්ඩ බැරිද? ඒවා ඔක්කෝම බොරු කතා...තමන්ගේ වාසියට හදාගත්ත ඒවා..තව ඉහළ සමාජේට පෑහෙන්ඩ බොන්ඩ ඕනේ කියලා බොරු මත හදාගත්ත මිනිස්සුත් ඉන්නවා...ඇයි තව කොල්ලෙක් උනාම බියර් ටිකක් බොන්ඩ ඕනේ කියලා කියන උනුත් ඉන්නේ....එතකොට ඔය බොන කෙල්ලෝ ගැන කවර කතාද?

නොබොන උන් බොන්නේ නැත්තේ ඇයි?? "බීලා මොකටද","නිකන් සල්ලි නාස්ති නොකරන්ඩ","තමන්ගේ පෙර්සනල්ටිය තියාගන්ඩ","ඇග සවුත්තු කරගන්නේ මොකටද" ඔය වගේ හේතු ඕන තරම් නම් තියෙනවා....රූපේ නම් හිතන්නේ බොන එක විකාරයක් කියලා...ප්‍රශ්න හින්දා මිනිස්සු සල්ලි දාස් ගනන් වියදම් කරගෙන බොන්නේ වෙරි හිදුනාම ප්‍රශ්න විසදෙයි කියලා හිතාගෙනද? ඒක ලොකු දුර්වලකමක්...කොන්ද පණ නැති ගතියක්....ලංකාවේ බොන මිනිස්සුන්ට විතරද ප්‍රශ්න තියෙන්නේ? ආතල් එකට බොන එවුන් ඉන්නේ ඊටත් පහලින්....ඕන හේතුවකට බොතලයක් හිස් කරාම හෙන ආතල් කියලයි හිතන්නේ....තරුණ එවුන් විතරක් නෙවෙයි වයස 40-60 වෙච්චි අන්කල් ඩයලුත් බොන්නේ ආතල් එකට....සමහර එවුන් එක බොතලයක් ඉවර වෙන්ඩත් කලින් බිම.... වමනේ දාගෙන හෙන වාතයක් වෙනවා....

බිව්වා ම මොකද වෙන්නේ? අතුරු ළුල?... වකුගඩු නරක් වෙනවා... ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුන්ට දුක් දීලා මැරිලා යනවා...එහෙම නැත්තම් කොලෙස්ටරෝල්....සමාජ ප්‍රශ්න ගැන කතා නොකර ඉමු....

අනිත් ලොකුම මායාව තමා සිගරට් එක.... දවසට අඩුම ගානේ සිගරට් 5ක් වත් බොන එවුන් එක්ක ඉන්න රූපේට නම් හිතෙන්නේ මොන නාස්තියක්ද කියලා......සිගරට් 5ක් කියන්නේ රු.165ක්....වෙල් දෙකක් කන්ඩ පුළුවන්....මුලින් ම කොල්ලෝ සිගරට් බොන්ඩ පටන් ගන්නේ සමාන්‍යයෙන් අවුරුදු 13දී විතර...හොරෙන් උගුරක් ගහන එවුන් 10ට එනකොට පොර වෙන්ඩ දාගෙන අදිනවා...සිගරට් එකක් කටේ ගහගෙන බයික් එක්ක බැස්සොත් ඌ පොර....සෙට් උනාම සිගරට් බොන පුරුද්ද තනියම බීම දක්වා එන්නේ ඒලේවල් කරනකොට...අතේ සල්ලි තියෙන නිසා...ගත්තා..බිව්වා...එතනිත් එහාට ඉතින් නැවතීමක් ම නෑ තමා....කලාතුරකින් එකෙක්ට යන්තම් හොද කෙල්ලෙක් හම්බුවෙලා එකි බීම නතර කරොත් මිස නවත්තන්ඩ හිතන්නේ නෑ....

සිගරට් බිව්වා ම තියෙන අවුල් තමා...මුඛ පිළිකා..ඒක හැදුනොත් ඉතින් කන්ඩ බොන්ඩ බැරිව කෙල ටිකක්වත් ගිලගන්ඩ බැරිම කාලකන්නා විදියටමැරිලා යන්ඩ තමා වෙන්නේ....ආයේ තියෙනවා කියනවානේ අර ලිංගික බෙලහීනතාවය...තේරෙන් විදියට කිව්වොත් නගින්නේ නෑ....ඕක ගැන කිව්වා ම සිගරට් බොන පඩියෝ කියන්නේ "අපේ තාත්තාත් බොනවා...ඒත් මේ මම ඉන්නේ කියලා..." ඒ වගේ උන්ට කියන්ඩ තියෙන්නේ "තොපේ තාත්තා සිගරට් බොන්ඩ ගත්තේ කොයි කාලේද? ඒ සෑහෙන්ඩ වයසට ගිහින්...තොපි බොන්නේ අවුරුදු 12 විතර ඉදන්....එතකොට තොපිට නියම කාලේදී බබා හම්බුවෙයි" කියලා තමා....

බ්ලෝග් ලෝකේත් රූපේ දන්න විදියට වැඩියෙන් ම ඉන්නෙත් ඒ වගේ වැටෙන්ඩ ගහන පොරවල් තමා...ඕන කේස් එහෙකට බොමු කියන අය තමා...සමාන්‍යයෙන් ඔලුව හොදට පාවිච්චි කරන මේ වගේ අයත් මෙහෙම නම් අනිත් උන් ගැන කවර කතාද ?

ආන්ඩුවෙන් ගනන් වැඩිකරපු එක හොදයි! තව වැඩිකරත් කමක් නෑ....සිගරට් වලත් ගනන් වැඩි කරන්ඩ ඕනේ...සිගරට් එකක් රු.50ක් කරලා වෙන මොනවාහරි අඩු කරා නම්? බීලා බීලා කාලකන්නි විදියට මැරිලා යනවට වඩා හොද නැද්ද කීයක් හරි අතේ ඉතුරු කරගෙන නොබී හිටියනම්?
කොහොමහරි ඉතින් අන්තිමට ගල් බලකාය පව්!





56 comments:

  1. කවුද බං උඹ දන්නා බ්ලොග් ලෝකේ ඒ වගේ එවුන්?

    ReplyDelete
    Replies
    1. එහෙම නැති උන් කවුද කියහන්කෝ??

      Delete
  2. 40-60 අංකල්ලා.. හුහ්.. අහුවෙයන් තෝ.. කපනවා බිජ්ජ.. අන්න එතකොටනම් නගින්නේ නැතිවෙයි..:-)
    බොන්නේ ඇයි කියන එකට නාකොටික් එකේ රිසර්ච් කරන උන් උත්තර 180ක් විතර ලිස්ට් අවුට් කරලා තියෙනවා.. ඒ ඔක්කොම බොරු හේතු තමයි.. ඔය ගල් පොල් විස්කි බිස්කි කියල වර්ග කරන ඔක්කොම එක වගේ බන්.. ඔක්කොම එතනෝල් නේ.. (C2H5OH ද කොහෙද නේද?) ෆ්ලෙවර් එක විතරයි වෙනස් කරන්නේ.. ලොකු කමට බොන්න ඉතින් වැඩි ගණන් දීල ගන්නවා.. වෙරි වෙනවා කියන්නේ තනිකර මානසික ලෙඩක්.. 'අරක්කු බිව්වම වෙරි වෙනවා' කියලා මතයක් තියෙනවා.. ඉතින් බිව්වම වෙරි නොවීම බෑ.. උඹ දන්නවද බිව්වම ඉස්සෙල්ලම වමනේ යන්නේ නිරෝගී පුද්ගලයාටද රෝගී පුද්ගලයෙකුටද කියලා.. ඉස්සෙල්ල වමනේ යන්නේ නිරෝගී පුද්ගලයට.. ඒ කියන්නේ නිරෝගී පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ සිස්ටම් එකෙන් ඇඟේ එතනෝල් රිජෙක්ට් කරනවා. එකයි වෙන්නේ.. ප්‍රතිශක්තිකරණය අඩු එකාට ඉක්මනට වමනේ යන්නේ නෑ.. වමනේ නොයනවා කියන්නේ ඌ ලෙඩෙක්..

    ඔය අරක්කු වල ඉෆෙක්ට් එක බොරුයි කියන්න නියම ටෙස්ට් ටිකක් කරනවා.. එකක් තෝරාගත් පුද්ගලයෝ කොටසකට මද්‍යසාර සමාන ප්‍රමාණයක් ඉන්ජෙක්ට් කරනවා.. හැබැයි ඒ විද්දේ මධ්‍යසාර (එතනෝල්) බව කියන්නේ නෑ.. එතකොට කාටවත් වෙරි වෙන්නේ නෑ.. ඊට පස්සේ ඒ එතනෝල් ප්‍රමාණයම හවසක බාර් එකකට එක්ක ගිහින් අරක්කු විදියට විදුරු වලට දාල බොන්න දෙනවා.. අන්න එතකොට ගොඩක් දෙනෙක් වෙරි වෙනවා.. තව හොඳම සීන් එකක් තමයි කොටසකට ඇත්තම එතනෝල් මද්‍යසාරය වීදුරුවලට දාලා දෙන ගමන් තව කොටසකට ඒ රසටම ඒ සුවඳටම එතනෝල් නැතුව 'වතුර' බොන්න දෙනවා අර වගේම බාර් එහෙකට එක්ක ගිහින්.. මෙන්න බොලේ මද්‍යසාර බීපු එකත් වෙරිවෙලා වතුර බීපු එකත් වෙරි වෙලා.. හැක හැක හැක.. දැන් අහන්න එපා මේ ඔක්කොම පණ්ඩිතකම් දැනගෙන තෝ මොකටද... බ්ලා බ්ලා බ්ලා ..

    ගංජා අබින් වගේ ඒවගේ ඉෆෙක්ට් එක වෙනස්.. ඒ වගේ අන්තර්ගත වෙන 'කැනබිස්' කියන සංයෝගය මගින් මිනිසාගේ කාලය හා අවකාශය නිර්ණය කිරීමේ හැකියාව නැති කරනවා.. අන්න එතකොට තමයි එක කකුලක් උස්සලා ආපහු තියන්න බැරුව ලත වෙන්නේ.. හැක හැක හැක.. උඹ මේක ලියපු එක හොඳයි.. මටත් මේ ටික කොහේ හරි කියාගන්න ඕනි කම තිබ්බා.. එකෙක් හරි අරක්කු සිගරට් බොන එක නවත්වනවානම් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. පෙරේතකමටනේ බන් බොන්නේ??
      එකෙන්ම "එකෙක් හරි අරක්කු සිගරට් බොන එක නවත්වනවානම් ලොකු දෙයක් තමා බන්!"

      දිග කොමෙන්ටුවට පිං!

      Delete
  3. කට්ටියක් ඉන්නවා ඇහුවොත් දාහක් ආර්ථික ප්‍රශ්න. ඒ උනාට හවසට බොන්න සහ දවසට සිගරට් දහයක් විස්සක් බොන්න සල්ලි තියනවා. බැලුවාම උන්ගේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න සිගරට් අරක්කු අත්‍යවශ්‍ය දේවල් වෙලා.

    ReplyDelete
    Replies
    1. සමහර එවුන් ක්ලාස් කට් කරගෙන සිගරට් බොනවා! ඇහුවම කියන්නේ කාඩ් එක ගන්ඩ සල්ලි නෑ කියලා!!ඕවා හදාගත්ත ජාති!

      Delete
  4. බොන එකටනම් මගේ මනාපයක් නැහැ කවුරුහරි අඳුරන කොල්ලෙක් වත් බොනවා කියල දැනගත්තොත් හිත රිදෙන්නම කියනව වෙන මොකුත් නෙවෙ එහෙම කියල වත් බොන එක නවත්තයි කියල හිතල.මොකටද නිකන් නාස්තිවෙන්නේ නොබී හිටියනම් මොකද.. බිව්වේ නෑ කියල මැරෙන්නෙ නෑනේ ....

    ReplyDelete
    Replies
    1. කිව්වත් අහන්නේ නැති උන් ඉන්නවා....ඉරිසියාවට කියනවා කියනවා!

      Delete
  5. මම නම් අමද්‍යප.

    ReplyDelete
  6. බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -
    විධායක අධ්‍යක්ෂක
    ගල් බලකාය

    ReplyDelete
    Replies
    1. බංකොලොත් වෙයි වගේ!

      Delete
    2. මේ ඉන්නෙ ගල් බලකායෙන්. පුදුමයි අපේ මෙන්ඩා ඔතනින් නැවැත්තුවා.

      Delete
    3. උඹලට විතරයි සද්දේ දාන්නේ...අපිට බයයි!!

      Delete
    4. (පොඩ්ඩක් හිටපන් අඩ්ඩක් ගහලා සරම කරට ගන්නකන්..)
      අඩෝ..රෑපේයියා..
      ලගදිම අපේ ගල් බලකායේ කැදවුම්කරැ ලංකාවට බහිනවා එතකොට බලාගමු..
      කෝ මේ සිංදු අංශය? සුභ පැතිමේ අංශය?

      Delete
    5. තනි තනි ව වරෙන්!

      Delete
  7. බොන එක එකෙක් හරි නවත්තනවනං මම නම් හරි කැමතියි..එතකොට තව ටිකක් වැඩියෙන් බොන්න ඉතිරි වෙනෝනේ...
    රූපේ හදන්නේ මගේයි මාතෙගයි ඉයන්ගෙයි බඩට ගහන්නනේ...කවුද රූපේ මේ කොන්ත්‍රාත් එක දුන්නේ..අපි මේ දෙකයි පනහක් හොයාගන්නේ බොන්න දීල...
    ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කොහේද...!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උඹලා බාර් ද කරන්නේ? ලොකු දරුවෝ ඉන්නවා නේද බන් උඹලට? හැදියන්කෝ දැන්වත්?

      Delete
    2. බාර් කරනවා නෙවෙයි රූපේ බාර් එහෙක තමයි වැඩ කරන්නේ...මිනිස්සු බොන්න ආවෙ නැත්තං අර රූපේ කිව්ව ලොකු ලමයින්ට කන්න දෙන්නේ කොහෙමයි..!

      Delete
    3. මොකට කියනවද ඉතින් උඹලාගේ බාර් ගැන?? ඕවා කියහන් සුජීට

      Delete
    4. ඕ..යෙස්..අපිට අරක්කු ටිකක් බොන්න තියන චෑන්ස් එක නැති කරොත් මරාගෙන මැරෙනවා

      Delete
    5. අනේ පල... මට ආරක්සාව දෙන්නේ තොපේ නෝනාමහත්තුරු ටික..උඹලා කාට නැතත් ඒ මිනිස්සුන්ට බයයි නේ?

      Delete
    6. ෂ්..ෂ්..කෑ ගහන්න එපා..ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනේ..
      ගෑනිට බය නැති මිනිස්සු ඉන්නවද?

      Delete
    7. මේ ඉන්නේ අපි බය නෑ....

      Delete
  8. රූපයා ගේම ඉල්ලන පෝස්ට් එකක් අද දාලා තියෙන්නේ.

    මමත් මුල්කාලේ අරක්කු සිගරට් ගැහුවා.උසස්පෙළ මැඳ හරියෙදි පටන්ගත්තේ වැඩේ.පස්සේ නැවැත්තුවා.දැන් පාසල් වල මේ ගැන වැඩසටහනුත් කරනවා.

    ReplyDelete
    Replies
    1. එකේන් ම ගේම තමා බන්!!
      එලනේ? අන්න එහෙමයි මිනිස්සු හැදෙන්ඩ ඕනේ!

      Delete
    2. මනෝගේ වැඩ සටහනකට මම ආපු දවසක උඔ ආය බොන්න පටන් ගන්නවා..

      Delete
    3. අපෝ....උඹ ඇවිදින විසබීජ පැක්ටරියක් නේ?

      Delete
    4. අපි ඉස්කෝලේ යන කාලේ හිටියා අමධ්‍යප වැඩසටහන් කරන අම්බානකට බොන පොරක්.

      Delete
    5. ඒ බන් හොදට කරන්ඩ ටෙස්ට් කරනවා ඇති...

      Delete
  9. මමත් සිගරට් අරක්කු බොන්නේ නෑ. බොන ඈවුන් ඉන්න තැනකට යන්නේත් නෑ. රූපෙගේ කතාවට මාත් එකගයි.
    දිගටම ගල් බලකායට විරුද්ධව ලියන්න හැකි වේවා!!!
    ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. එල එල....එහෙම තමා ඉන්ඩ ඕනේ!! අපිට නම් එහෙම බෑ බන්!! බොන එවුන් තමා වටේ ඉන්නේ!

      Delete
    2. ගල් බලකාය එක්ක හැපෙන්න එපා..සමාඡිකයෝ වසයි
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. වස දෙකක් දාගත්තාම...දැන් ඒවා ගනන්!

      Delete
    4. @ගල් බලකාය එක්ක හැපෙන්න එපා...සාමාජිකයෝ වසයි@
      වසයි බෝතලයක් දුන්නොත් නැත්තන්......

      Delete
  10. අරාබියේ ඉන්න අපිට අරක්කු තියා බියර් වත් නැත. හොර ඒවා බිලා අහු උනොත් කස පහර කෑ හැක.

    ReplyDelete
    Replies
    1. අන්න රටවල්!!
      පැමිණීම අගය කරමි!

      Delete
    2. ලංකාවට ආපු ගමන් ගහමු පක්කං පදරි සන්නහා සන්නද්ධ වෙන්න..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. ගහපන් හොද තැඹිලි ගෙඩියක්!!

      Delete
  11. අම්මප තෝ ගුටිකන්න හදන්නෙ.පත්තරයි, අටමයි,මෙන්ඩයි එකී නොකී හැමෝමයි මෙතනට සෙට් උනොත් කනව උඹ නහින්න!!

    මමත් ඔය එක බීමකටව්ත් නෑ බං. ඒත් බොන උන්, උන්ම තේරුම්ගත්‍තදාක මිස ඕක නවත්තන්නෑ. එකම හේතුව ඇබ්බැහිය මචං.ඕක හරියට ඉනා කෑව වගේ.

    ReplyDelete
    Replies
    1. අඩෝ අටම් ට විතරයි බය....බලකාය ගල් නේ බන්? ඉතින් කොහොමැයි හෙලවෙන්නේ??

      Delete
    2. උඹලා වස උනාට අරු තමා ළගපාත ඉන්න එකා!!!

      Delete
    3. තවම ප්‍රසා මේ පැත්තට සේන්දුවෙලා නෑ වගේ.

      Delete
    4. සිංදුවයි, විදානෙයිත් අඩුයි..

      Delete
  12. ෂහ් මෙන්න නියම පිරිමි . මගෙනුත් සප් එක.

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලේක් කෙල්ලෙක්!!

      Delete
    2. මොකෝ මේ හඳුනා නොගත් ආකාශ වස්තුවක් දැක්කා වගේ. අරක්කු සිගරට් වලට මාත් විරුද්ධයි කියලයි කිව්වෙ . බොනඑක වීරකමක් කියලා තෙන මිනිස්සු අතර මේ විදිහට ඒ ගැන කතා කිරීම ගැන ස්තූතියි .

      Delete
    3. මේ පැත්තට කෙල්ලෙක් එනවා කියන්තේ UFO එකක් එනවා වගේ වැඩක් තමා!!

      Delete
  13. අන්න මරු කතාව. සියයට සියයක් එකඟ වෙනවා.
    ඇත්තටම මිනිස්සු බොන්න හේතු හදාගන්නව. අතුටට කියයි දුකට කියයි කාලෙකින් හම්බුන ෆිට් එකට කියයි, තව මොනාද නොකියන්නෙ.

    ඇත්තටම බොන සෙට් එකක් එක්ක නොබී ඉදන් ඒ ෆන් එක ගන්න පුලුවන් මනුස්සය නියම කොන්දක් තියෙන කොල්ලෙක්..

    ReplyDelete
  14. පරිස්සමෙන් හිටහං....... මුං උඹව මරාගෙන කයි..... යකෝ ජනාධිපතිත් බයයි කිව්වා නේද???

    ReplyDelete
    Replies
    1. ඒ සීයා....මං මේ කන්දේ අයියා!!

      Delete
  15. ඒකනෙ බං .. මේ අපි උඹල වගේ වැදගත් විදිහට ඉන්න දන්නෙ නෑ මේ බේබදු හැත්ත ....
    තූ නොදකින් ....

    ReplyDelete
    Replies
    1. එකෙන් ම උඹ හරීීීී හොදයි නේ බන්??

      Delete
  16. ඇත්තටම බොන්න හේතු ඕනෙද? අපි ජීවිතේ කරන හැම දෙයක්ම කරන්නේ හේතු ඇතිවද?
    බොන එකට මම විරුද්ධ නැහැ. ඒත් බේබද්ද‍ා වගේ බොන එකට මම විරුද්ධයි. බොනවා කියන්නේ ලංකාවේ එවුන් වගේ පෙරේතකමට බොන එක නෙවෙයි.
    යු‍රෝපියයන් වයින් බොන්නේ කෑමත් එක්ක ඒකෙන් කෑමේ රස වෙනස් කරනවා. ෆ්ලේවර්ස් මැච් කරනවා. උයනකොටත් උන් වයින්, බ්‍රැන්ඩි වගේ දේවල් දානවා. බොනවා කියන්නේ ආර්ට් එකක්. ඒ නිසා මම බොනවට විරුද්ධ නැහැ. අනිත් එක බොන්න හේතු අවශ්‍යයත් නැහැ. උඹ යාළුවෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්නේ හේතුවක් ඇතුවද? ඇඟට මහන්සියක් වෙන්න, නැත්නම් නිරෝගී වෙන්න කිව්වොත් ඒක බොරුවක්. සෙල්ලම් කරන්නේ යාළුවෝ එක්ක එකතු වුනා‍ම හිතුන නිසා. බොන්නෙත් ඒ වගේ.
    බේබදුකමට බොන එකයි, අවස්ථාවට අනුව බොන එකයි වෙනස් කියල තේරුම් ගනින්.

    ReplyDelete