Monday, December 28, 2015

ගප්පියෝ....දාපන් පහක්!



ලංකාවේ ඉතිහාසය මාරය...සුපිරි වීර චරිත වලින් පිරිලා ඉතිරිලා ගිය එකක්ය....ඔක්කෝම රජවරු සුපිරි ඩයල් ය...ටිංටිං වගේ අසාධාරණයට විරුද්ධ ව සටන් කරපු එල පොරවලය...එහෙම අයගෙන් පැවත එන අද ඉන්න වුන් ඊට වඩා පට්ටය...කිසිම වැරදි වැඩක් කරන්නේ නැතිය...පන්සිල් පද 5ම රකින සිල්වන්ත ගිහියෝය...එහෙව් රටට වින කටින්ඩ කාලෙන් කාලෙට පරදේශක්කාර බලවේග එනවාය...ඒවාට විරුද්ධ ව සින්හ ලේ කකියනවාය...


සිංහ ලේ ස්ටිකර් එක සිරාය...පට්ට ආර්ට් එකකි...ඒත් එක එච්චරය...පච්ච ගහගෙන කෑගන්ඩ තරම් එකේ ගැම්මක් නැතිය..සිංහ ලේ පච්චේ ගැහුවම ඇගේ ලේ සිංහ ලේ වෙලා කික් එකක් එනවා නම් අවුල ඇත්තේ ඉන්ක් එකේ වෙන්ඩ ඕනේය...ඉන්ක් එකට රෙඩ්බුල් කලවන්ද කියලා හොයල‍ා බලන එක කෙරෙන්ඩ ඕනේ වැඩක්ය...සිංහ ලේ ස්ටිකර් එක ගහගෙන කෑගහන අයියාලා කවදාවත් මුස්ලිම් කඩේකින් රෙදි ගත්තේ නැති...තෝසේ බුරියානි කාපු නැති....අයය...කොටින්ම කිව්වොත් දෙමල ලැයින් පේළිවල ඉන්න මිනිස්සු අමාරුවෙන් කඩන තේ දළු වලින් හදලා එන තේ උගුරක්වත් බීපු නැති අයය....අපේ උන්ගේ ජාති ආලය ඔහොමය....

එන්රික් ඇවිත් ගියේය....පොර සිංදු කියලා ගානක්
හොයගෙන ආතල් එකකුත් අරන් ගියේය...අපේ උන්ට තාම ඒක හිතාගන්ඩ බැරිය...අපේ උන් ෆෙස්බුක් එකේ කෙල්ලෙක්ගෙන් "හායි" කියලා රිප්ලයි එකක් ගන්ඩ මාර දුකක් විදිනකොට අරූට නිකන් ම බ්‍රා එකත් ගලවල‍‍ දුන්නම උහුලන්ඩ පුළුවන්ද ආයිබෝවන්ඩ? ඉතින් ඒ වගේ වැඩ ආයේ නොවෙන්ඩ අපි වග බලාගන්ඩ ඕනේය...නැත්තම් අපේ සංස්කෘතිය විනාසය...

ගප්පියා ලංකාවේ කොල්ලෙක්ය...ඌ පට්ට ටැලන්ට් එකක් තියෙන බුවෙක්ය..ඌට නියම ඒවා හිතෙන්යේ..ඒක ඌගේ හැටිය..ඌ එකපාරක් සෙල්ෆි ගැන ඇදපු කාටුන් එකකට අපේ උන්ට රෙවුනේය...ඒකෙන් බෞද්ධ සංස්කෘතියට හානිවෙනවා කියලා මැරෙන්ඩ හැදුවය...ගප්පියා බ්‍රා එකටත් එකක් ඇදලාය...එක නම් පට්ටය...අපේ සිංහලේ කාරයන්ට එකටත් අවුල්ය...එකෙන් රටේ පරණ සංස්කෘතිය විනාස වෙනවාය කියලා දැන් කෑගහනවාය...ඒවා රටේ සම්පත් නිසා ඒවාට මොකුත් කියන්ඩ බැරිය...බුකී විරයන්ට චාන්ස් එකක් හම්බුවෙන්නේ ඔයවගේ එවට විතරය..කැලෑ කපන වැලි ගොඩ දාන දේශපාළුවන්ට විරුද්ධ ව කවුරුත් කෑගහන්නේ නැතිය...ඒ බයටය...අරකයි මේකය කියලා කෑගැහුවට....කැපුවත් සිංහලේ කියලා කියන උදවිය මාසේ ඇදගන්නේ හෙන ගේමක් ගහලාය...බයික් එකක් ගත්තත් ගන්නේ ෆිනෑන්ස් කරලාය..උදේට ෆුට්බෝඩ් එකේ හරි එල්ලිලා වැඩට යන්නේ කීයක් හරි හොයාගන්ඩය... ඒක නැති උනොත්  ඔය ජාති ආල මුකුත් නැතිය...


බොන්නේ රට බීම...අදින්නේ ඉම්පෝටර්ඩ් ඇදුම්...පදින්නේ ඉන්දියන් බයික්...එලවන්නේ ජපන් වාහන...කතාකරන්නේ කොරියන් ෆොන් එකකින්...උදේට බොන්නේ ඇන්කර් පිටි....ගෑණු සවුදියේ...විප්ලව කරන්නේ ඇමරිකන් බුකියේ...ඒත් ඇගේ දුවන්නේ සිංහ ලේ!!!

28 comments:

  1. උබේ කතාව හරි මචෝ...
    රූපේ උබටත් උබේ පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  2. ඉවර කරලා තියෙන්නේ පෑන්ටියත් ගැලවෙන්න නෙවැ............. පට්ටයි රූපේ...............

    ReplyDelete
  3. එකගයි 100%. ඉස්සර කාන්තාවෝ කොහොමත් උඩට ඇන්දේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එතකොටත් ගතියක් නෑ බන්!

      Delete
  4. //බොන්නේ රට බීම...අදින්නේ ඉම්පෝටර්ඩ් ඇදුම්...පදින්නේ ඉන්දියන් බයික්...එලවන්නේ ජපන් වාහන...කතාකරන්නේ කොරියන් ෆොන් එකකින්...උදේට බොන්නේ ඇන්කර් පිටි....ගෑණු සවුදියේ...විප්ලව කරන්නේ ඇමරිකන් බුකියේ...ඒත් ඇගේ දුවන්නේ සිංහ ලේ!!!// පට්ට මචෝ පට්ට කියන්නේ වල්ලම පට්ට.

    ඕක තමා බන් සිංහ ලේ ආතල් එක. එල එල උඹේ ෆලොවරේ අවුලක්, ෆලෝ පාරක් දාන්න බෑ, මොක උනත් සුබ නව වසක් මචෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්! ඒකේ මොකක්හරී සීන් එකක්! ෆලේාවර් එකේම පැත්තෙන් තියෙන පොඩි කොටු දෙක උඩ කෙටුවම එන ‍එකෙන් ෆලෝ කරන්ඩ පුළුවන් බන්!

      Delete
  5. ඒ විතරක් නෙමෙයි බොහොමයක් ඔය සිංහ ලේ ගොයියෝ ඉන්නේ මැදපෙරදිග නැත්නම් යුරෝප් රටවල නේද? උන්ගේ කුටුම්භ සංරක්ශණය වෙන්නෙ අනම් අර රටවල සල්ලි වලින් හැබැයි ටෝක නම් සිංහ ලේ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඉතින්!! සිංහ ලේ කියලා ෆෙස්බුක් එකේ කෑගැහුවට ඕවා ජොබ් එකක් කරන තැනක සද්ද නෑ!

      Delete
  6. කොහොමත් බං ඔය සමාජ අඩවි වල කෑ ගහන උදවියගේ පෞද්ගලික ජීවිත ඒ පෙන්නන තරම් ලොකු නෑ.

    ReplyDelete
    Replies
    1. රැල්ලට කෑගහන එවුන් බන්! කියන කොට එහෙමයි කරන කොට එහෙමයි!

      Delete
  7. නියම කණේ පාර!

    ReplyDelete
  8. රූපෙට මළ පැන්නම මේමලු...
    හුකැස්...
    හැබැයි මචෝ උදේ පාන්දරම නියම කික් එකක් උඹ දීල තියෙන්නෙ
    මල් හතයි ඈ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා නියම කික් තමා!

      Delete
  9. පට්ටයි යකෝ! කෙළිං කතාව. මං මෙච්චර දවසක් උඹව කියවල නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්! වරෙන් වරෙන්!

      Delete
  10. රුපේගේ නාමේ නොදිරයි :)

    ReplyDelete
  11. අඩේ බෝ එලට ලියන්නෙක්නේ. මාත් මේ කල්පනා කොලේ හැට්ටෙ නොගලවා බොඩිය ගලෝපු හැටි

    ReplyDelete
    Replies
    1. ඒක බන් හැකියාව! කවුද දන්නේ සුපර් මෑන් වගේ උඩින් ඇදන් ආවද කියලා!

      Delete
  12. රූපෙල වගේ අය තමා මේ රටට ඕන. හිටං

    ReplyDelete