Thursday, December 31, 2015

2015 න් 2016ට අරන් යන්ඩ සිංදු ටිකක්......




මේ දවස්වල ගෙදර හින්දා ඉතුරු වෙච්ච ඩේටා ටිකෙන් අන්තර්ජංජාලේ වටේ කැරකී කැරකී හිටියා....අහන්ඩ සිංදු හොය හොය ඉන්නකොට තමා මේක මතක් වුනේ...


පැයක් විතර ඒකම අහ අහ ඉදලා ක්‍රිශාන්තගේ අනික් ඒවත් අහන්ඩ පටන්ගත්තා....සෙට් වෙන්නේ නැති සිංදු එකක් වත් ක්‍රිශාන්තගේ නෑ....ප්‍රේම ගීත විරහ ගීත අතරට මව්ගුණ ගීත් තියෙනවා.....රූපේ ක්‍රිශාන්ත ගැන මුකුත් ම දන්නේ නෑ...දැනන් හිටියේ "වී පැදුරෙන්" සිංදුව කියන ගායකයා විදියට විතරයි...ඒත් සිංදු ටික ඇහුවම තේරෙනවා මාර වෙනස් කෙනෙක් කියලා...අලුත් සිංදු අතරේ හිට් වෙන්නේ නෑ කියලා දැන දැන ම මේ වගේ සිංදු කරන එක මාර වැඩක්....ක්‍රිශාන්තට සිංදු ලියන්නේ කවුද කියන්ඩ දන්නේ නෑ...ඒත් සමහර සිංදු වල වචන නම් සුපිරි........

මම නුඹට ආදරෙයි
නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන 
පෙමට ආදරෙයි...//

ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විස කටු ළය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවන විට
යා යුතු මඟ නිනවු නැතිව තේරුම් නෑ මට

මම නුඹට ආදරෙයි....

ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි ඔබෙ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්නේ කෙළෙසද අන්සතු පෙමකට...

මම නුඹට ආදරෙයි....


********************************

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...//

තනියමව​ත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්..//
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා...///

මන්දාරම් අඳුර මැදින්....

මඟ යන එන අයට හොරෙන්

ඔබෙ දෑසට එබී බලා..//
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා...///

මන්දාරම් අඳුර මැදින්....


 *********************************


ඔය ඉතින් රූපේට හිතට ඇල්ලුව විදිය...හැමෝටම ඒක සෙට් වෙන එකක් නෑ....කැමති අයට අහන්ඩ කියලා ක්‍රිශාන්තගේ සිදු සෙට් එකක ලිංකුවත් දාන්නම්..........


*************************************************************


මේ ඊළග එක්කෙනා.....රොහාන් ශාන්ත බුලේගොඩ....මෙයාත් පරණ කෙනෙක්....වැඩිය අහලා නෑ...ඒත් සුපිරි සිංදු... දන්න තරමින් සිංදු ලියන්නේත් මෙයා ම තමා....."නිහඩ අරණ","සදක් නම්"
 වගේ ඒවාට තමා ප්‍රසිද්ධ උනේ....සිංදු ටික දාගත්තම ඕන තරම් වෙලා අහන්ඩ පුළුවන්...ඔලුවට අමාරුවක් නැති සිංදු....අනික ඒවායේ වචන.......කියලා වැඩක් නෑ.... මේක අහලා බලන්ඩ..


කල් බලා ඇවිත් තව්තිසා දෙසින්
ගම්දොරේ මගේ පොඩි විමානයේ
උන් සරා සඳත් අද අගේ නොවෙයි
නුඹ අරා සිටියි දිවි නිශාන්තයේ....
 

උණු දියෙන් තවා ගත ගිමන් නිවා
සුව බොජුන් තනා ළඟ රැඳෙන්නියේ
එන බොහෝ විකල් අන විනෙන් මුදා
සිත් පහන් ගිරේ හිරු මවන්නියේ...
 

නොකරනි පුතුට අකුරු ඇල්මෙනා
හිල්පයේ අරුම පහදවන්නියේ
ගුරු තරුව වගේ දිවි ගමන් තලේ
මරු කපොලු දුරැර මා රකින්නියේ..
.

**************************************************************



එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙළා නොගත්තේ මගෙ බෝසත් කම‍ට
හැරගිය දිනේ නාවත් මා ගම්දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට...

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට...

එක් පෙති මලක්....

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.....//

***************************************************

  
ඔය ටිකක් විතරයි.......රූපේට වඩා රොහාන්ගේ සිංදු අය ඕන තරම් ඇති....සෑහෙන කාලෙකින් අහපු පට්ට සිංදු සෙට් එකක් ගැන කිව්වේ....රූපේට වඩා හොදට මේක ගැන කියන්ඩ පුළුවන් සිංදු ඇනෝට තමා....සිංදුවා මේ දෙන්නා ගැනම පොස්ට් එකක් දායි කියලා හිතමු.... ආයේ 2016 හම්බු වෙනකම් හැමෝටම ජය.......!!!!



14 comments:

  1. ලස්සන සින්දු ටික..සමහර ඒවා අහල නෑ..

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා මචං..

    ක්‍රිෂාන්ත එරන්දකගෙ ගම පුරේ.. දහයියගම හන්දියේ .

    ReplyDelete
    Replies
    1. පුරේ??? ඒ කොයි පලාතේ ද?

      Delete
  3. හනික දුවගෙන ආවා..මේ අවුරුද්දට අද විතරයිනේ...
    සුබම සුබ නව වසරක් වේවා!!!
    ජය වේවා ලබන අවුරුද්දේ හම්බ වෙමු.

    ReplyDelete
  4. ක්‍රිශාන්තගෙ වගෙ මතක අලුත් සිංදුවක් තියෙයි
    තිසා වැව ළග රළපනාවේ
    බලා ඉන්නම් හුදෙකලාවේ
    උනා සළුපිළ් සඳ කුමාරිය
    වැව් දියේ ගිලෙනා වෙලාවේ

    ක්යල අහල බලහං...ඒකෙ විෂුවල් එකත් ටිකක් වෙනස්..

    ReplyDelete
    Replies
    1. ක්‍රිශාන්තගේ තමා...එත් අලුත් නෑ...

      Delete
  5. සුභ අලුත් අවුරුදුදක් වේවා මචෝ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  7. මන්දාරම් අඳුර මැදින් මං ආස සිංදුවක් :)

    ReplyDelete
    Replies
    1. මාත් ආස සින්දුවක්!

      Delete