Saturday, June 3, 2017

ටිවී සිරීස් බලනවා කියන්නේ කුඩු ගහනවා වගේ වැඩක්!!!





බ්ලොග් එක පැත්තේ ආවේ අවුරුද්දකින් විතර.. බ්ලොග් කියවන එකත් ලියන එකත් එක්ක ම නැවතුනා.. හිතලා බැලුවොත් බ්ලොග් විතරක් නෙවෙයි, හැමදේම කියවන එක සම්පූර්ණයෙන් ම නැවතුනා.. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කියෙව්වේ නැතත් කියවන එක පුරුද්දක් වෙලා තිබුනා...අඩුම ගානේ සතියක‍‍ට එකක්වත් කියෙව්වා...ඒත් ඒක අතැරිලා ගියා...


‍කියවන එක කොච්චර වැදගත්ද කියලා පාඩම් කරන්ඩ ගන්නකම් තේරුනේ නෑ...ඉස්සර පැය ගනන් වාඩිවෙලා පොත් කියවපු මට, පොතක් අතට අරන් පිටු 2ක් කියවන කොට නිදිමත එන්ඩ ගත්තා...මාර කම්මැලිකමක් එන්ඩ ගත්තා... ඒ එක පැත්තක්....

Imagination එක ගැන මොනවද දන්නේ? අපි අපේ ම සිතිවිලි වලින් හදාගන්න දේවල් වලට අපි එහෙම කියනවා...අපේ කල්පනා ශක්තියෙන් අපි කරන්නේ දවල් හීන දකින එක විතරද? නෑ සෑහෙන්ඩ දේවල් කරනවා...  අපිට කවුරුහරි පාරක් කිව්වම අපි ඒක හිතේ ඇදගන්නවා, කාවහරි විස්තර කලාම අපි ඒක මවාගන්නවා... මෙහෙම කොන්ඩයක්,මෙහෙම නහයක් වගේ... කෑමක් කිව්වම ඒක හිතාගන්නවා... මේවා ඔක්කෝම පරිකල්පන ශක්තියෙන් කරන්නේ... 

එතකොට පරිකල්පන ශක්තිය වැඩිවෙන්නේ හිතෙන් මවා ගන්න තරමට... පොත් කියවන එක පරිකල්පන ශක්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක සරලයි! පොතේ කතාවල් අපි මවා ගන්නවා..හැමදේම..මිනිස්සු, ඉන්න තැන්, කරන කියන දේවල්.... ඒවා හිතේ ඇදගත්තේ අපේ සිතිවිලි අනුව.......අපි කැමති විදියට...
පොඩි කාලේ කියවන කොට කොච්චර ලස්සනට මවාගත්තද කොච්චර විකාර දේවල් ඒකේ තිබ්බද ඒ ක්‍රීයෙටිව් ගතිය දැන් නෑ...

ගොඩක් ම ‍පොත් කියවන එක අඩුකම... කියවන කොට අපි ඒක මවා ගන්නවා... වෙලාව නැතකම කියන හේතුව විතරම ද ඒකට තියෙන්නේ?



ජොබ් එකද? පොත් ගන්ඩ සල්ලිනැතිකමද? පුස්තකාලෙට යන්ඩ බැරි එකද?
නෑ.....ඊට වඩා බයානක හේතුවක් තියෙනවා...

ටිවී සිරීස් සහ ෆිල්ම්ස්....

ඒක විකාරයක්.....ඒ ඔබේ පලවෙනි සිතිවිල්ල.... ෆිල්ම් එකක අපිට කරන්ඩ තියෙන්නේ මොනවද? මුකුත් නෑ... බලාගෙන ඉන්ඩ විතරයි... මවන්ඩ දෙයක් නෑ.. හිතන්ඩ දෙයක් නෑ... වෙන දේ බලාගෙන ඉන්ඩ විතරයි.... ඊලගට ටීවී සිරීස්... මනුස්සයෙක්ද ඇබ්බැහි වෙන්ඩ පුළුවන් නරකම දේවල් වලින් එකක් වෙන්ඩ ඕනේ... ඒක නරකයි කියලා කවුරුත් හිතන්නේ නැති කම නිසාම බයානකයි... ටිවී සිරීස් ටෙලි නාට්‍ය වලට වඩා රසවත්...උද්වේගකරයි... ඒවා හදන්නේ හැමකෙනෙක්‍ට ම බලන්ඩ...මහ විසාල මුදල් කන්දරාවක් වියදම් කරලා හදන ඒවාගේ කොලිටිය ඉස්තරම්..... ඒවා ෆිල්ම් වගේ ඉවර වෙන්නේ නෑ.. බලන්ඩ බලන්ඩ ආසයි...එකක් ඉවර වෙනකොට තව එකක් එනවා...

මෙවායේ අපිට හිතන්ඩ දෙයක් නෑ... බලන් ඉන්න එක විතරයි....ඔක්කෝම මවලා හදලා තියෙන්නේ... අපි ඉන්නේ ඒ සීමාවේ...එතනින් එහාට යමක් නෑ...

රූපේ සතියක‍ට එකිනෙක‍ට වෙනස් ටිවීසිරීස් 22ක් බැලුවා... දල වශයෙන් දවසකට 3ක්... ඒ ඉවර නොවුන ඒවා.... ඉවර වෙච්චි ඒවා නම් දවසකට සීසන් එකක්වත් අඩුම...

එකෙන් අන්තිමට ලැබුන දෙයක් නෑ... පොතක් අල්ලනකොට නිදිමතක් එන්ඩ ගත්තා... හිතාගන්ඩ බැරිවෙලාම ගියා... අලුත් අදහස් හේදිලාම ගියා... කොටින් ම බ්ලෝග් එකට ලියාගන්ඩවත් අයිඩියාවක් නැතුව ගියා...
ටිවී සිරීස් බලන එක සම්පූර්ණයෙන් නවත්තලා දාලා සති 2න් පොතක් කියවන්ඩ පුළුවන් වුනා...ඒකත් අමාරුවෙන්... සල්ලි තියෙන තියෙන විදියට පොත් ගන්ඩ පටන් ගත්ත... ටික ටික ආයේ කියවන්ඩ ගත්තම මාර සැහැල්ලුවක් තියෙනවා... පාඩම් වුනත් කරහැකි... පොත උඩ ඇහැරෙන්නේ නැතුව නෝට් එකක් ලිව්වැකි...

100%ක් නවත්තලා සමාජෙන් කොන් වෙන්ඩ තරම් අයිඩියා එකක් තාම නෑ... අලුතින් එන ෆිල්ම් එකක් හොද කොපියක් ආව ම බලනවා...එච්චරයි... ඒක වෙනසක්... දැනෙන වෙනසක්!





ටිවී සිරීස් එකක් වෙනුවට පොතක් බලමු!!

15 comments:

  1. මේකනම් සම්පූර්ණ ඇත්ත කතාවක් රූපේ.. මමත් ටීවී සීරීස් වලට තදින් එල්ලිලා කිව්වොත් නිවැරදි.. මේ දැනුත් කොම්පීතරේ අතට ගත්තේ බ්ලොග් පොස්ට් එකක් ලියනවා කියල හිතාගෙන.. ඒත් මේ දවස්වල බලන ටීවී සීරීස් එක බලල ඉවර නැති නිසා හිත හදාගෙන බ්ලොග් පොස්ට් එකක් ලියන්න අමාරුයි.. මම මේ දවස්ව බලන American Odyssey තව එපිසෝඩ් කීපයක් තියෙනවා ඒක බලලා අහවර වෙනකල් බ්ලොග් ලිවිල්ල් ම්හ්.. බ්‍රේකින් බෑඩ්, ප්‍රිසන් බ්‍රේක් දෙපාරක් බැලුව කොයිතරම් අසනීපද කියනවනම්.. වෝකින් ඩේඩ් එක පාරක් බැලුව තව පාරක් බලන්න කියල ඉන්නවා ඊළඟ සීසන් එක ලං උනාම.. බෙටර් කෝල් සෝල් සීසන් දෙකක් බැලුව තුන්වෙනි එක තාම බලන්න බැරිවුනා.. බ්ලඩ් ලයින් සීසන් දෙකක් බැලුව තුන්වෙනි එක එනකල් නොඉවසිල්ලෙන්.. මේ ටීවී සීරීස් තියෙනකල් කියවීම දවසින් දවස ඈත් වෙනවා කියන එක සහතික ඇත්ත.. මොනවහරි තව හොඳ ටීවී සීරීස් තියෙනවනම් මටත් කියන්න..

    ReplyDelete
    Replies
    1. බලන්න 13 Reasons Why . Episode 13යි තියෙන්නෙ.

      Delete
    2. බ්ලඩ් ලයින් 3 ඇවිත් මේ ඒක බලන ගමන්.. මේක ලාස්ට් සීසන් එක.. ඒක ඉවරවෙලා 13 Reasons බලනවා.. එක වතාවක් 13 Reasons බලන්න කියල පටන් අරගෙනත් American Odyssey බැලුවෙ..ඒක ලස්සන කතාවක්.. රිවීව්ස් අවුල් නිසා පලවෙනි සීසන් එකෙන්ම නවත්තල.. නැත්තම් දිගටම ගියානම් ප්‍රිසන් බ්‍රේක් තරම්ම ජනප්‍රිය වෙනව මම හිතන්නේ.. ප්‍රිසන් බ්‍රේක් අලුත් සීසන් එකනම් මෙලෝ වැඩකට නැහැ.

      Delete
    3. ට්‍රයි එකක් දියන්...
      අහපු නිසා කියන්නම්
      The 100
      Da vibci deamons
      Vikings
      Constantine
      12 monkeys
      Supernatural
      Lucifer
      Last ship
      Last resort
      Shannara chronicles
      Magicians
      Gotham
      Walking dead
      Z nation
      Dark matter
      Agents of shield
      Flash
      Supergirl
      Game of thrones

      Delete
    4. තැන්කූ ලිස්ට් එකට.. එකින් එක බලන්නම්කෝ..

      Delete
    5. Scorpion බලන්න එල ද බ්‍රා ...
      තනි අබැහිවිමක්

      Delete
  2. එක්කෙනෙක් මදිවට තවත් කෙනෙක් එකතුවෙන්ඩයි යන්නෙ! ඔය ඇබ්බැහිය නතර කරල දාපල්ලෝ!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. මම ටීවී සිරිස වලට නම් ඇබ්බැහි වෙලා නැහැ ඒත් අනේමන්ද දැන් බ්ලොගේ මොනම හරි කොටන්න හැදුවත් හිස් ගතියක් දැනෙනව. ඒත් ආයෙම මොනවම හරි ලියන්න හිතන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ලියලා හිස් ටික පුරවමු

      Delete
  4. හම්මියෝ මූ ලියල
    කිව්වෙත් නෑ
    හප්පෙක් බං උඹ නං
    ගස්ගෝන
    :-D :-D :-D
    Welcome back to the club brother

    ReplyDelete
    Replies
    1. ආාාාා.......
      ආවා ඉතින්!!

      Delete
  5. අනිවා කන්න බොන්න වත් නැගිටින්න හිතෙන්නේ නැහැ

    ReplyDelete
  6. අඩේ මටත් දැන් අයිඩියාස් එන්නෙ නැනෙ..ලියන්න පට්ට කම්මැලී

    ReplyDelete