Wednesday, June 14, 2017

අතින් අල්ලන්ඩ බැරි උණු උණු ගොසිප් සයිට්!!

ගොසිප් එහෙම නැත්නම් ඕපාදූප, හැමෝම අහන හැමෝම කියන ජාතියක්...ඒත් සල්ලි වලට ඕපාදූප කියනවද? ඔව්... ඔබ, අපි කියවන ගොසිප් සයිට් හැම එකක් ම කරන්නේ සල්ලි වලට ඕපාදූප පතුරන එක.. මොකක්හරි කුනු ගොඩක් අවුස්සලා.. හිත ඇදීලා යන විදියට හෙඩිමක් දාලා හිට් කරලා ගන්ඩ මෙයාලා මාර දක්ෂයි. හරිම ඉක්මන්. වෙච්චි ගමන් දානවා...විස්තරත් හොයාගන්නවා. එහෙම වෙන්නේ කොහොමද?
ඒක තමා සල්ලි බලේ.. එහෙම නැත්තම් ජනතාවගේ බලේ... ගොසිප් කියවන තරමට ආදායම වැඩියි... 

ලංකාවේ ගොසිප් සයිට් කීයක් ඇතිද? 100ට කිට්ටු වෙන්ඩ ඇති..ප්‍රධාන නිව්ස් චැනල් වල තියෙන ගොසිප් සයිට් ම 10කට කිට්ටුවෙන්ඩ තියෙනවා..ඒ, නිව්ස් සයිට් එකේම කෑල්ලක් වගේ..
ඒත් ඒක පරමාර්ථේ වෙනස්... ටාගට් කරන්නේ වෙනම ඔඩියන්ස් එකක්...

මේ කියන්නේ ප්‍රසිද්ධ නිව්ස් චැනල් වල ගොසිප් සයිට් ගැන ⁣නම් නෙවෙයි.. ඊට වඩා වෙනස් කල්චර් එකක් තියෙන වගකීමක් රහිත ගොසිප් සයිට් ගැන... බොහෝවිට තනි පුද්ගලයෙක් මගින් හැසිර වෙන ගොසිප් සයිට් ගැන... නිව්ස් චැනල් වල ගොසිප් සයිට් වලින් මේවා තරමක් දුරට වෙනස්... නිව්ස් චැනල් වලට තියෙන වගකීම, නිතී ප්‍රශ්න, ආචාරධර්ම කිසිම දෙයක් නැති ගොසිප් සයිට්, නීතියට අවනත වෙන්නෙත් නෑ..

ගොසිප් සයිට් එකක් පටන් ගන්නේ කොහොමද... ඒක ලොකු වැඩක් වෙන්ඩ ඕනේ... වෙබ් සයිට් එකක් ⁣ඕනේ.. නිව්ස් ඕනේ.. කරන්ඩ අය ඕනේ.  නීති උපදෙස් ඕනේ... මේ වගේ නොයෙක් ජාති ඕනේ... ඒ හරි පාරෙන්... එහෙම යන්නේ නැත්තම්... ලොකු දෙයක් ඕනේ නෑ.. බ්ලොග් එකක් අටෝගෙන.. ඒකට ඩොමෙන් එකක් අරන් දැම්ම ම ලොකුම ප්‍රශ්න ඉවරයි... ටිකක් උනන්දුව තියේ නම්... ගොසිප් ටෙම්ලේට් දාලා...SEO පාරක් දාලා.. සර්ච් ලිස්ට් වල උඩට අරන් ගේමක් දෙතැකී.... ඊට පස්සේ තම තමන්ගේ හැකියාව අනුව එක එක ගැජට් කෑලි දාලා ලස්සනට හදාගත්තම හරි...

ඊලගට මේකට ඕනේ නිව්ස්... සමාන්‍යයෙන් නිව්ස් චැනල් වලට, ප්‍රවෘත්ති සපයන ප්‍රාදේ්ශිය වාර්ථාකාරයෝ සහ මුදලට නිව්ස් සපයන්නන් විසින් තමා ගොසිප් දෙන්නේ... ඒ දෙන්නේ ඒවා තහවුරු කරන්ඩ අදාලා සාක්ෂි සහ ඡායාරූප එක්ක.... ඉන්පස්සේ ඒකට අදාලා ගෙවීමත් එක්ක ඒ නිව්ස් එක එම ආයතනය සතු වෙනවා... ඊට පස්සේ ඒවා තේරීම් වලට ලක් කරලා... වටිනාකම,ගුණාත්මකබාවය, නිරවද්‍යයතාවය වගේ ගතිගුණ වලට අනුව එම නිව්ස් එක පලවෙනවා.....ඊළගට නිව්ස් එකට ආදාල ෆොටෝ...ඒවා ගන්නෙත් සල්ලි දීලා... ඡායාරූප ශිල්පීයාට මුදල් ගෙවලා... ඒ ඡායාරූප වල අයිතිය අරන් තමයි ඒවා පලකරන්නේ....
එතකොට ගොසිප් සයිට් වලට මෙහෙම තොරතුරු දෙන අය ඉන්නවද? ඔව්... ඒ මාධ්‍යවේදීන් නෙවෙයි... ගොසිප් සයිට් එකට නිතර යන එන.. ගොසිප් සයිට් එකේ ඇඩ්මින් ව අදුනන අය තමා එහෙම දෙන්නේ.... එහෙම වෙන්නේ ගොසිප් සයිට් ඇත්තටම ව්‍යාපාරයක් නොවෙන නිසා... එහෙම දෙයක් පවතින්නේ නෑ.. නිකන් සයිබර් අවකාසේ තියෙන තවත් එක සයිට් එකක් විතරක් නිසා...

ගොසිප් සයිට් වල නිව්ස් තමා එකේ ප්‍රධාන ම දේ... එක හොයාගන්නේ වෙන ගොසිප් සයිට් වලින්...  නිව්ස් චැනල් වලින් පත්තර වලින්.... ගෙඩි පිටින් උස්සන්නේ... ⁣⁣නිව්ස් එකයි ෆොටෝ ටිකයි විතරක් නෙවෙයි, හෙඩිමත් උස්සනවා... මේ නිව්ස් අස්සේ එක එක ලින්ක් තියෙනවා... ඒවා අයින් කරන්ඩ නොට්පෑඩ් එකට  දාලා තමන්ගේ සයිට් එකට දානවා.. සමහර ගොසිප් සයිට් තමන්ගේ සයිට් එකෙන් කොපි කරගන්ඩ දෙන්නේ නෑ... ඒත් ඒවා මෙයාලට සුළුවැඩ... නිව්ස් කොපි කර කර දාන්ඩ වෙනම අය ඉන්නවා.. සමහරු තමන්ගේ හැකියාවේ විදියට හෙඩිමයි නිව්ස් එකයි පොඩ්ඩක් ⁣එහෙට මෙහෙට කරනවා...  ඒත් ගොඩක් වෙලාවට ඔක්කෝම එකයි.. අනික් වැඩේ තමා... සතිඅන්තේ පත්තර වල එනවා පොඩි පත්තරයක්... ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ ඕපාදුප විතරක් ම තියෙන කෑල්ලක්... ගොඩක් අය ඉස්සෙල්ලම බලන්නේ ඒක... ගොසිප් සයිට් වලට මේවා හොද ඉල්ලම්.. මේවා අරන් ටයිප් කරලා දානවා.. ගූගල් කරලා ෆෝටෝ එකකුත් දානවා.. දැන් ඒක ඔරිජිනල් ඉන්ටර්වීව් එකක්..  හිත අැදිලා යන හෙඩිමක් දැම්මම කට්ටිය පෝලීමේ එනවා... ⁣නිව්ස් චැනල් වලින් කොපි කරන එක හැමදාම කරනවා... සමහරු බ්ලොග් වලිනුත් කොපි කරනවා... පොත් වලින් කොපි කරනවා... (විහිළු කතා පොතක් අරන් ඒකේ තියෙන ඒවා දව⁣ස ගානේ දාන සයිට් තියෙනවා). මේකේ තියෙන නරක ම දේ තමා... මෙයාලට සීමාවක් නෑ.. දේශපාලනික ඕනේ දෙයක් දාන්ඩ පුළුවන්... තමන්ගේ පැත්තට වාසි වෙන විදියට නිව්ස් දාන්ඩ පුළුවන්... වැරදි වුනත් අවුලක් නෑ.. 

මෙච්චර දේවල් කරන ගොසිප් සයිට් එකක වැඩ කරන්ඩ ඉන්නේ දෙතුන් දෙනයි.... ගොඩක් වෙලාවට එක්කෙනයි... සයිට් එක ලොකු වෙන්ඩ වෙන්ඩ තව අය ඕනේ වෙනවා... නිව්ස් හොය හොය දාන්ඩ අය වෙන ම ඉන්නවා... මාකර්ටින් කරන්ඩ වෙන ම ඉන්නවා... ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ටින් වලින් එක එක පෝස්ට් ශෙයාර් කරන අය දැකලා තියේනවා නේද.. එයාලා ගෘෘප් හොයාගෙන ගිහින් ශෙයාර් කරනවා... ගොඩක් වෙලාවට ෆේස්බුක් තමා මාකටින් මෙතඩ් එක... එහෙම නැත්තම් වෙන ගොසිප් සයිට් වල දානවා..

මේවා ඔක්කෝම කරලා නැහෙන්නේ සල්ලි හොයන්ඩ...නිව්ස් චැනල් එකකින් සල්ලි එන්නේ කොහොමද... සරලයි... බ්ලොග් වල වගේ තමා...
ඇඩ් සෙන්ස් දානවා... විසිට් 10000ට $1ක්හමුබුවෙනවා... සාමාන්‍ය ගොසිප් සයිට් එකක පොස්ට් එකක වීව්ස් 7000 ට වැඩියි... දවසට පොස්ට් 5-6ක් දානවා... මීට අමතර ව වෙන ම ඇඩ් දාන්ඩත් දෙනවා... ඒවා 5000 ඉදලා උඩට තියෙන්නේ...
ඉතින් මේ වැඩේ පට්ට ලාබයි... වියදම් වෙන්නේ ඩේටා විතරයි... හරියට කරගත්තෝත් පරම්පරාව ම ගොඩ... ප්‍රෝමෝට් කර කර කැම්පේන් කර කර වීව්ස් වැඩි කරගන්නවා...  වීව්ස් වැඩි වෙන තරමට ආදායම හොදයි...


සරලව ම කිව්වොත් ගොසිප් සයිට් වල නිව්ස් ශුවර් කරන්ඩ බෑ.... ඒවා ඇත්ත ඒවද කවදා වෙචචි ඒවද කියන්ඩ දන්නේ නෑ.... උදාහරණයක් කියන්නම්... මාසෙකට කලින් ගොසිප් සයිට් වල ගියා... "ජෝන් සීනා මියයයි" කියලා... කට්ටිය හෝ ගාලා බැලුවා...  ජොන් සීනා ඇක්සිඩෙන්ට් වෙලා කියලා තමා විස්තරේ තිබ්බේ .. මේක හෙන පරන සීන් එකක් ... සැරෙන් සැරේ මතු වෙනවා... හැප්පිච්ච කාර් එකක ෆොටෝ දානවා.. රෙස්ලින් ක්‍රීඩකයෝ පෙට්ටියක් උස්සන් යන ෆෝටෝ එකක් තියෙනවා... ඒ  එඩී ගුරේ⁣රු ගේ මලගෙදර ෆොටෝස්...දන්න තරමින් එක වෙලා අවුරුදුු 10ක් විතර.. 
අන්න එහෙමයි ගොසිප් සයිට් හම්බුකරන් කන්නේ....

9 comments:

  1. යකෝ මුන්ව කන්න එපැයි

    ReplyDelete
  2. හෙහ් ගොසිප් කියද්දි මටත දෙයක් මතක් වෙනව. ඒව ඕන නෑ. කෝමත් ගොසිප් කියන්නෙ කියවන්ඩහොඳ දේවල් දෙන සයිට් නෙවන හිංද ඩේට කපං ඕව කියවන්න නං යන්නෑ

    ReplyDelete
    Replies
    1. තේරුමක් නෑ! බොරු විතරයි

      Delete
  3. ගොසිප් නේ

    ReplyDelete
  4. දැන් උඹ කියන්නේ ඇත්තද බොරුද කියල අපි දන්නේ කෝමයි? හිට්ස් වැඩි කරගන්න නේද මේ හදන්නේ බෝත්? හෙක්..

    ඒක නෙවෙයි.. අපිත් හදමුද ගොසිප් සයිට් එකක්? උඹ ටෙක්නිකල් පැත්ත බලපන්.. මම නිව්ස් මවල දෙන්නං.. ආ.. නැතිනම් වැල සයිට් එකක් හදමු.. ඒවා බලන්නේ කස්ටිය ඕසේට.. ගොසිප් කැලේ.. මම ඕනිනම් වැල කතා ටිකක් ලියල දෙන්නං.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! කන්ඩ නැති නිසා මේකෙන් ජිවත් වෙන්ඩ හදන්නේ!

      වැල සයිට් වලට නම් ඇඩ් ඕනෙත් නෑ

      Delete
  5. යකෝ මන් හිතුවෙ සයිට් එකේ මකුලු දැල් බැදල ඇති කියල

    ReplyDelete