Powered by Blogger.

Friday, August 10, 2012

වර්ශ 2000 සිට ලොව හොදම පිතිකරුවා කුමාර් සංගක්කාරද?


                            එම ප්‍රශ්නයට හොදම පිලිතුර අපට සොයා ගත හැක්කේ වන්නේ වර්ශ 2000 සිට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් පිරික්සීමෙනි.
                            නමුත් ටෙස්ට් ලකුණු වලට අනුව හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ලකුනු 11,113ක් ලබා ගනිමින් පෙරමුනේ පසුවනවා.ඊට පසුපසින් පිලිවෙලින් රාහුල් ඩ්‍රාවිඩ්(10,467), ජැක් කලිස්(10,465),කුමාර් සංගක්කාර(9872) පසුවනවා.එම නිසා ටෙස්ට් අංශයෙන් රිකී පොන්ටින් ඉදිරියෙන් පසුවනවා

                         නමුත් එක්දින තරග දෙස හැරී බලන විට කුමාර් සංගක්කාර ලකුණු 10,643ක් ලබා ගනිමින් තම අනර්ගත්වය පැහැදිලි කරන අතර ඔහුට පි‍ටුපසින් රිකී පොන්ටින්(10,092),මහේල ජයවර්ධන(9730) පසුවනවා.

                       එය එසේ වෙද්දී අප තරග රටා 3 දෙසම බැලුවහොත් රිකී පොන්ටින් ලකුණු 21,606 ලබා ගෙන සංගක්කාරට වඩා තරමක් ඉදිරියෙන් පසුවෙනවා.රිකී පොන්ටින්ට පසුපසින් කුමාර් සංගක්කාර(21,425),මහේල ජයවර්ධන(19,978) සිටිනවා.

                    ඉන්දියානුවන් ලොව හොදම පිතිකරු ලෙස හදුන්වන සචින් ටෙන්ඩුල්කාර් 2000 වසරෙන් පසුව පැවති  ටෙස්ට් තරග වලට අනුව 5 වන ස්ථානයේත් (9434),එක්දින තරගවලට අනුව හතරවන ස්ථානයේත්(9164) පසුවනවා.

                    තරග වාර්ථා එසේ සටහන් වද්දී  කුමාර් සංගක්කාර අංශ 3න් කුමන අංශයෙන් වුවත් ලකුනු 181ක් ලබා ගත හොත් ඔහු 2000 වර්ශයට පසු ලොව බිහිවු හොදම පිතිකරුවා වනවා...

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger